බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනයත් අනතුරේ හෙළමින් කරන්න යන කොතලාවල බාල වැඩේට ඉඩ දෙන්න එපා…

වෛද්‍ය පීඨ ආචාර්යවරු ඇමතිගෙන් ලිඛිතව ඉල්ලති!

by editor
අප්‍රේල් 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ  වෛද්‍ය අධ්‍යාපන පාඨමාලාව සඳහා    ශ්‍රී ලාංකික සිවිල් සිසුන් අත්තනෝමතිකව සහ අයථා ලෙස බඳවා ගැනීම හේතුවෙන්  ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයට මෙන්ම  වෛද්‍ය අධ්‍යාපනයට ද බරපතළ තර්ජනයක් එල්ල වී ඇති අයුරු අවධාරණයෙන් පෙන්වා දෙමින්    ඊට ස්වකීය බරපතල විරෝධය ලිඛිතව දන්වා  ශ්‍රී ලංකා වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය  අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වෙත ලිපියක් යොමු කර තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනීමේ සිට එය පවත්වා ගැනීමට සැලසුම් කරන ආකාරය ශ්‍රී ලංකා වෛද්‍ය අධ්‍යාපනයේ  ප්‍රමිතිය මුලුමනින්ම උල්ලංඝනය කරන බවය.

එය කරුණු ගණනක් ඔස්සේ පෙළ ගස්වන  ශ්‍රී ලංකා වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කැඩෙට් නිලධාරීන් වෙනුවෙන් උසස් අධ්‍යාපනය ලබා දීමේ පරමාර්ථ සහිතව එක්සත් රාජධානියේ සැන්ඩ්හර්ස්ට්හි රාජකීය හමුදා ඇකඩමිය, නවදිල්ලිහි ජාතික ආරක්ෂක විද්‍යාලයත් අනුගමනය කර   1981 අංක 68 දරන   කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ පනත යටතේ පිහිටවූ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ මේ වනවිට හැසිරෙන්නේ එම පනතත් උල්ලංඝණය කරමින් පමණක් නොව,  ශ්‍රීමත් ජෝන් කොතලාවලයන් ගේ අන්තිම කැමැත්ත ද උල්ලංඝණය කරමින් බවය.

ජාතික ආරක්ෂක විද්‍යා පීඨයට ගාස්තු අයකර වෛද්‍ය අධ්‍යාපනය සඳහා සිවිල් සිසුන් බඳවා ගැනීමට  කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ පනතින් කිසිම ආවරණයක් නොලැබෙන බව ඔවුහු පවසති.

එමෙන්ම ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අනුදත් වෛද්‍ය අධ්‍යාපනයේ  අවම ප්‍රමිතිය පවා  වෛද්‍ය සිසුන් බඳවා ගැනීමේ දී   උල්ලංඝණය කර ඇති බවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එම නිර්වචනයන්ට අනුව වෛද්‍ය අධ්‍යාපනය සඳහා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමේ අවම  සුදුසුකම වන්නේ අපොස උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව විෂයයන්ට පෙනී සිට ඉන් විෂයයන් දෙකක් සඳහා සී සමාර්ථ සහිතව වැඩ තුනම සමත් වීමය.  ලන්ඩන් උසස් පෙළ විභාගය නම්   ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව විෂයයන්ට බී සාමාර්ථ දෙකක් සහ සී සාමාර්ථයක් සහිතව සමත් වීමය.

එය ජිව විද්‍යා විෂය ධාරාවෙන් සී සාමාර්ථ දෙකක් සහ එක් ඩී සාමාර්ථයක් ලෙස වෙනස් කර  වෛද්‍ය සිසුන් බඳවා ගැනීමේ ඒකාධිකාරිය විශ්වවිද්‍යාල කළමණාකරණ මණ්ඩලය වෙත පවරාගෙන ඇති අයුරු පෙන්වා දෙන වෛද්‍ය පීඨ ආචාර්යවරු  මෙය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රතීතයන් අමු අමුවේ උල්ලංඝණය කිරීමක් බව අවධාරණය කරයි. මේ බඳවා ගැනීම් ගාස් අයකරගැනීමේ හැකියාවට පමණක් ලඝු වී ඇති ආකාරය ඔවුහු පෙන්වා දෙති.

තවද ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන්ට අනුව සෑම විශ්වවිද්‍යාලයකම වෛද්‍ය උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය  සභාවේ අනුමැතියට යටත්ව   තිබිය යුතුය.  වෛද්‍ය අධ්‍යාපන වැඩසටහනේ සැලකිය යුතු වෙනසක් වේ නම් ඒ සම්බන්ධව ශ්‍රි ලංකා වෛද්‍ය සභාව දැනුම්වත් විය යුතුය. අනුමත වෛද්‍ය විද්‍යා පාඨමාලාව හදාරන ශිෂ්‍යයන්ගේ බඳවාගැනීම්  හෝ එහි පදනම ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ සමාලෝචනයට ලක් විය යුතු අතර විශ්වවිද්‍යාලය සහ වෛද්‍ය උපාධිය නියමිත පරිදි පවතීද යන්න තීරණය කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සිදුකිරීම කළ යුතුය. ශ්‍රි ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා වූයේ ඒ අයුරින් බව ආචාර්යවරු අධ්‍යාපන ඇමතිවරයාට දන්වා සිටිති.

ඔවුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඇති වී තිබෙන  තත්ත්වය දකින්නේ      වෛද්‍ය අධ්‍යාපනය පමණක් නොව  1978 විශ්විද්‍යාල පනතේ හරයත්   හමුදාකරණය වීමක් ලෙසය.

දැනට කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට වෛද්‍ය අධ්‍යාපනය සඳහා සිසුන් බඳවා ගැනිමේ ප්‍රමාණය සලකා බලන විට ඔවුන්ට සායනික පුහුණුවට පහසුකම් නොමැති බවත්,  අධ්‍යාපනය ලබා දීමට හැකි අවස්ථා අවම බවත්,  මේ තත්ත්වය ලෝක වෛද්‍ය අධ්‍යාපන සම්මේලනය විසින් පිළිගත් රජයේ විශ්වවිද්‍යාලවලින් පිරිනමන එම්.බී.බී.එස් උපාධියටත් ගැටලුවක් ඇති බවන බවත් ආචාර්යවරු කියති.

ඔවුන් පෙන්වා දෙන්නේ අසමානතා පුළුල් කිරීමට තුඩු දෙන ආකාරයට උසස් අධ්‍යාපන අවස්ථා හැසිරවීම රටක් ලෙස නොකළ යුතු බවය.  රාජ්‍ය වෛද්‍ය අධයාපනයත් අනතුරේ හෙළමින් අසාධාරණ සහ සදාචාර විරෝධී සම්පත් පරිහරණය කරමින්, ඉහළ ගාස්තු අයකර ප්‍රමිතියකින් තොරව මුදලට ලබා දෙන වෛද්‍ය අධ්‍යාපනයක් සඳහා සිදුකිරීමට උත්සාහ කරන මේ සියලු බඳවාගැනීම් අවලංගු කරන ලෙස ශ්‍රි ලංකා වෛද්‍ය පීඨ ආචර්යවරු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිති.

 

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිංසි පාරේ ගේ ගත්තු විදිහ නොකීවාට මුදල් විශුද්ධිකරණ පනත යටතේ දැම්ම නඩුවෙන් මහින්දානන්ද නිදොස් කොට නිදහස්…

Next Post

පාස්කු ප්‍රහාරය  ගැන නියත සාධාරණ විමර්ශනයකට   සහතිකවන ඕනෑම පක්ෂයකට ඡන්දය දෙන්න… කාදිනල් හිමියෝ කියති!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.