අමායා උඩුවැරැල්ල –
III වන චාල්ස් රජුගේ අයහපත් සෞඛ්‍යය තත්වය හේතුවෙන් බකිංහැම් මාලිගය ඔහුගේ අවමංගල්‍ය කටයුතු වල සැලසුම් දිනෙන් දින යාවත්කාලීන කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ සම්බන්ධව අවධානය යොමුව ඇත්තේ III වන චාල්ස් රජු හෙළි නොකළ පිළිකා තත්වයකින් දිගටම සටන් කරන බැවින් බව ද සඳහන් වනවා.
ඔහුගේ සුවය ලැබීම පිළිබඳව බකිංහැම් මාලිගය දැඩි ලෙස මුනිවත රකිමින් සිටින අතර, ඔහුගේ අසනීප තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් ඔහුගේ අවමංගල්‍ය සැලසුම් යාවත්කාලීන වෙමින් පවතින බවට වාර්තා පළ වී තිබෙනවා.
ඔහුගේ සෞඛ්‍යය තත්වය පිළිබඳව රාජකීය පවුලේ සමීපතමයන් ගෙන් විමසූ විට වඩාත් පොදු ප්‍රතිචාරය වන්නේ “තත්වය අයහපත්” ලෙස බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. රජුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා විලියම් කුමරු සිහසුනට පත්වීම සම්බන්ධව ද ඇතැම් වාර්තා පලවී තිබෙනවා.
“ඔපරේෂන් මෙනායි බ්‍රිජ්” යන සංකේත නාමයෙන් චාල්ස් රජුගේ අවමංගල්‍ය කටයුතු හැඳින්වෙන අතර ඔහු සිංහාසනයට පත්වීමෙන් පසු ම ඔහුගේ මරණය සඳහා සූදානම් වීම ආරම්භ වූ බව හිටපු රාජකීය ආරක්ෂක නිලධාරියෙකු පවසා තිබෙනවා. “මෙනායි බ්‍රිජ්” යනු වේල්සයේ ඇන්ග්ලේසි හි ඉදිකර ඇති ලොව ප්‍රථම යකඩ එල්ලෙන පාලමේ නමයි.
III වන චාල්ස් රජු ට පිළිකාවක් වැළඳී ඇති බවට බකිංහැම් මාලිගය අනාවරණය කලේ පසුගිය පෙබරවාරි මාසයේදී යි.