අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

තරගාවලි ජයග්‍රහණයත් සමග දෙවැනි ටෙස්ට් තරගයත් ලකුණු 192කින් දිනුම්…

by editor
අප්‍රේල් 3, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

පස්වන දිනයේ කාර්තු දෙකක් එහෙම්මම ඉතිරිය. බංගලි තරු පරවී ගොස් ඇත. ශ්‍රි ලංකා කණ්ඩායම දැවැන්ත ලෙස දිනුම්ය. එය ලකුණු 192ක දිනුමකි.

පළමු ඉනිමේ අප තබා තිබූ වැඩි ලකුණු අන්තරය සලකා බැලුවොත් දෙවැනි වරත් බංගලාදේශ කණ්ඩායමට පිතිකරණයට ආරාධනා කළා හොඳ යැයි සිතෙන්නේ ඔවුනු ලකුණු 318කට දැවී ගිය අයුරු සිතන විටය.  ඔවුන් දැවී යන්නේ ඉනිම දෙකේමදීම ලකුණු 496ක් පමණක් රැස් කරගෙනය.  අපේ මුල් ඉනිමේ ලකුණු ගණන වූ 531ට වඩා ඒ ලකුණු ගනන ලකුනු 35කින් අඩුය.

කොහොමත් මේ ගැහැල්ල නම් මරුය.

ඊයේ සිව්වන දිනයට බංගලාදේශ කණ්ඩායම  තරගය නිමා කරන්නේම පරාජය දවසක් දීර්ඝ කරගැනීම සදහා පමණය. ජයග්‍රහනය සඳහා ලකුණු 511ක් හඹා ගිය  බංගලාදේශ කණ්ඩායම ලකුණු 268කට කඩුළු 07ක් දැවී ගොස් තිබුණේය. ඔවුන් සිටියේ ජයග්‍රහණයට ලබා ගත යුතු ලකුනු 242ක් පසුපසිනි. මෙහිදි හසන් මිරාස් ලකුණු 44ක් සහිව කඩුල්ලේ සිටියේය. ඔහු සමග  ටයිජුල් ඉස්ලාම් සිටියේය. පන්දු ඕවර 67ක් යවා තිබිණි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

දිනයේ මුල්ම කඩුල්ල ලෙස දැවී යන්නේ ටයිජුල් ඉස්ලාම්ය. ඔහු ලකුනු 14කට දවා ගැනීමට කමිඳු මෙන්ඩිස් සමත් වන්නේ ඉනිමේ 72වැනි ඕවරයේ 5 වැනි පන්දුවේ දීය. එනම් අද දිනයේ යැවූ 6වැනි පන්දු ඕවරයේ දී ය. ගලී හි පන්දු රැකි නිශාන් මධුශ්ක එම උඩපන්දුව ලබා ගත්තේය.

අනතුරුව හසන් මහමුද්ගේ සහ ඛලීඩ් අහමඩ්ගේ කඩුලු දවා ගැනීමට ලහිරු කුමාර සමත් වූයේය.  හුදකලා සටනක නිරතවෙමින් මේදි හසන් මිරාස් නොදැවී ලකුණු 81ක් සහිතව එක් අන්තයක සිටියේය.  අද දිනයේ යැවූවේ පන්දු ඕවර 18ක් පමණි. බංගලාදේශ කන්ඩායම ලකුණු 318කට දැවී යන්නේ අපට ලකුණු 192ක දිනුමක් සමගිනි.

මේහිදි හසන් මිරාස් නොදැවී ලකුණු 81ක්

තරගයේ වීරයා මුල් ඉනිමේ ලකුණු 92ක් ලබා ගෙන තමන් පන්දුකරණයට කැඳවූ දෙවැනි ඉනිමේ දී ලකුණු 32ට කඩුළු 03ක් ලබා ගත් කමිඳු මෙන්ඩිස්ය. කමිඳු ටෙස්ට් තරග දෙකේ ඉනිම 04ක් ක්‍රිඩා කළේය. ඔහුව පළමු වරට පන්දු යැවීමට කැඳවූයේ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී ය. ලබාදුන් මුල්ම අවස්ථාවේදීම ඔහු කණ්ඩායමට වගකීම ඉටු කළේය.

දෙවැනි ඉනිමේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලහිරු කුමාර ලකුණු 50කට කඩුලු 4ක් ලැබුවේය. ලහිරු පන්දු ඕවර 15ක් මෙම ඉනිම තුළ යවා තිබිණි.  කමිඳු මෙන්ඩිස් ද මනරම්ය. ඔහු ලකුණු 32ට කඩුළු 03කි. ප්‍රභාත් ජයසූරිය ලකුණු 99කට කඩුලු 02කි. විශ්ව ප්‍රනාන්දු ලකුණු 39කට කඩුල්ලකි.

පළමු ඉනිමේ සාරාංශය

පළමු ඉනිමේ ශ්‍රි ලංකා කණ්ඩායම ලෝක වාර්තා රැසක් සහිතව ලකුණු 531ක් රැස් කළේය. එය ශතක නැති ඉනිමකි. කුසල් මෙන්ඩිස් ලකුණු 93ක්, කමිඳු මෙන්ඩිස් ලකුනු 92ක්, දිමුත් කරුණාරත්න ලකුණු 86ක්. දිනේෂ් චන්දිමාල් ලකුණු 59ක්, නිශාන් මධුෂ්ක ලකුණු 57ක් ලෙස අර්ධ ශතක 06ක් ඉනිමෙන් වාර්තා වූයේය. ශතක නැතිව කණ්ඩායමක් රැස්කල වැඩිම ලකුනු ගණන ලෙස මෙම ඉනිම ලෝක වාර්තා පොතට එක් විය.  කමිඳු සිය ප්‍රථම ටෙස්ට් ඉනිම තුනේදි වැඩිම ලකුණු ලබාගෙන සිටි ජාවෙඩ් මියන්ඩාඩ්ගේ වාර්තාව සම කළේය.

පළමු ඉනිමේ දී බංගලාදේශ කණ්ඩායම ලකුණු 178කට ඇද වැටුනේ ලකුණු 353ක අන්තරයක් සහිතව ශ්‍රි ලංකා කණ්ඩායම උඩින් තබමිනි. මුල් ඉනිමේ හොඳම පන්දු යැවිම වාර්තා කලේ අසිත ප්‍රනාන්දුය. ඔහු ලකුණු 34කට කඩුලු 04ක් බිඳ හෙළුවේය. විශ්ව ප්‍රනාන්දු ලකුණු 38ට කඩුළු 2ක්, ලහිරු කුමාර ලකුණු 19ට කඩුළු 02ක්. ප්‍රභාත් ජයසූරිය ලකුණු 65ට කඩුළු 02ක් ලැබුවේය.

වැදගත් වන්නේ බංගලාදේශය තුළ ඔවුන්ගේ උපරිම ජවය සහිතව කළ ටෙස්ට් ක්‍රීඩාවකදී 2-0 ලෙස ශ්‍රි ලංකා කණ්ඩායම තරගාවලි ජයග්‍රහණයක් ලැබීමය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දේශබන්දුගේ FR කේස් එකක නඩු ගොනුව සේප්පුවේ රඳවා තබන්නට අධිකරණ නියෝගයක්!

Next Post

බඩු බෙදන්න නෙමෙයි… යුක්තිය ඉෂ්ට කරන්න එන්න… පාස්කු ඉරිදා බඩු බෙදන්න කටුවාපිටියට ගිය පොලිස්පතිට කතෝලික සභාව සැරට උත්තර දෙයි!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.