බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර චිතගොන්හි සාහුර් අහමඩ් චෞද්රි ක්‍රිඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේ දී, බංග්ලාදේශ ස්ලිප් ක්‍රීඩකයින් තිදෙනෙක්ම අතින් එක් උඩපන්දුවක් ගිලිහී යෑම සම්බන්ධ අන්තර්ජාතික මාධ්‍ය හාස්යසයක් ද සහිතව විශේෂකොට වාර්තා කර තිබේ.
මෙම උඩපන්දුව ලබා දෙන්නේ ප්‍රභාත් ජයසූරිය ය. ඒ වනවිට ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 419කි. යවමින් තිබුණේ 21 වැනි ඕවරයේ අවසන් පන්දුවය. පන්දු යවන්නා ඛලීඩ් අහමඩ්ය. ප්‍රභාත් ජයසූරිය ලකුණු 6ක් ලබාගෙන සිටියේය. අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි කමිඳු මෙන්ඩිස් ලබාගෙන සිටියේ ලකුණු 19ක් පමණි.
ඛලීඩ් අහමඩ් යැවූ පන්දුවට ප්‍රභාත් ජයසූරිය වේගවත් ඩ්‍රයිව් පහරක් එල්ල කිරීමට උත්සාහ කරද්දී පන්දුව පිත්තේ දාරයේ වැදී වේගයෙන් පළමු ස්ලිප් ක්‍රීඩකයා දෙසට ඇදී ගියේය. පළමු ස්ලිප්හි ක්‍රීඩා කළේ නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝය. ඔහුගේ අතේ වැදී පන්දුව මදක් ගුවනට යොමු වෙද්දි ඔහු පන්දුවට අතින් ගසා දෙවැනි ස්ලිප් ක්‍රීඩකයා දෙසට යොමු කළේය. ඒ අවස්ථාවේ දී දෙවැනි ස්ලිප් හි පන්දු රැකි ෂහාදත් හොසේන් දීපු මදක් ගුවනට විසිවුන පන්දුව රැක ගැනීමට පැන්න අතර ඔහු ගේ අතින් පන්දුව ගිලිහුනේය. තෙවැනි ස්ලිප්හි ක්‍රීඩා කල සකීර් හසන් සිටින ස්ථානය වෙත පන්දුව යොමු විය. ඔහු අවසාන ප්රයත්නය දැරුවත් පන්දුව අතින් ගිලිහී බිම වැටුණි.
උඩ පන්දුව ගුවනේ දී ස්ලිප් ක්‍රීඩකයින් තුන් දෙනාගේම අත්වල දැවටුනේය. තුන් දෙනාටම එය රැකගැනීමට නොහැකි වූයේය. ස්ථානගත වූ අතර, ඒ සෑම කෙනෙකුම පන්දුව ග්‍රහණය කර ගැනීමට උත්සාහ කළ නමුත් අසාර්ථක විය.
Three Bangladesh players dropped a Catch after three attempts 😀 #BANVSL pic.twitter.com/PD9Kys0z1g
— Nibraz Ramzan (@nibraz88cricket) March 31, 2024
එය ශ්‍රී ලංකා ඉනිම ලකුනු 531 තෙක් ඇදගෙන යෑමට ලැබුනු විශාලම අවස්ථාව වූයේය. ප්‍රභාත් උඩපන්දුව ලබා දෙන විට ලකුණු සංඛ්‍යාව 419කි. ඔහු ලකුණු 06කි. කමිඳු 19කි. ප්‍රභාත් දැවී යන්නේ පන්දු 75කට මුහුණ දෙමින් ලකුණු 28ක් ලබා ගෙනය. ඒ වනවිට ශ්‍රි ලංකා ලකුණු පුවරුව ලකුණු 476කි. කමිඳු ලකුණු 54ක් ලබාගෙන සිටියේය. ඔවුන් දෙදෙනා අතර ගොඩනැගුනු සම්බන්ධතාවය ලකුණු 65කි.
ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 531ක් එක් වූයේ මේ පදනම් සම්බන්ධය මුල්කරගෙනය. ඉනිම නිමා කරන විට කමිඳු නොදැවී ලකුණු 92ක් ලබාගෙන සිටියේය.