අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

දෙයියම්පා උන් දෙන්නා මාරයි!

by editor
මාර්තු 24, 2024
in ක්‍රීඩා
කමිඳුයි.. ධනයි...

කමිඳුයි.. ධනයි...

Share on FacebookShare on Twitter

දෙයියම්පා උන් දෙන්නා මාරය.  ධනංජය මේ ඉනිමේ ලකුණු 108කි. මුල් ඉනිමේ ලකුණු 102කි. ඉනිම දෙකේම ශතක ය.  කමිඳු මුල් ඉනිමේ 102කි. මේ ඉනිමේ 164කි. ඉනිම දෙකේම ශතක ය.

ඉනිම දෙකේදීම ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 698කි. ධනංජය සහ කමිඳු ඉනිම දෙකේදිම රැස් කළ ලකුණු ගණන ලකුණු 476කි. මුන් දෙන්නා බංගලාදේශයට ලඟාවීමට නොහැකි ලකුණු 510ක ඉලක්කයක් වෙත ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන ඇවිත් ඇත්තේය.

කමිඳු සහ ධනා… මේ ඉනිමෙත් ශතක…

ජයග්‍රහණය සඳහා දින දෙකකකුත් කාලක් තුළ ලකුණු 511ක්  ලබා ගත යුතු ඉලක්කයේ  මග අවස්ථා නැත. දැන්නම් බංගලියන් දිනුවොත් ලෝක වාර්තාවකි. පන්දු ඕවර 13කට පමණක් මුහුණ දි තුන්වන දිනයේ දී තරගය නිමා කරනවිට ලකුණු 47කට බංගලි කඩුළු 05ක් දැවී ගොස්ය.  පන්දු ඕවර 7ක් යැවූ විශ්ව ප්‍රනාන්දු ලකුණු 13කට කඩුලු 03කි.  පන්දු ඕවර 3ක් යවා කසුන් රාජිත ලකුණු 19කට කඩුල්ලකි. පන්දු ඕවර 3ක් යවා ලහිරු කුමාර ලකුණු 06කට කඩුල්ලකි.

මේ තරගාවලියේ දි අනෙක් මොන දේ නැතත් සතුටුවෙන්නට දෙයක් දැක්කේය. පොරි හැලෙන තරු නැතිනම් ක්‍රිකට් ගසා ඉවරයැයි කියා හිතාගෙන ඉන්න සමහර උන්ට සහ අපි තමයි ක්‍රිකට් කියා හිතාගෙන දක්ෂතා නැතත්  තමන්ගේ ස්ථානයේ කොන්ක්‍රීට් වෙන්න හදන උන්ට කමිඳු මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ කණට ගසා කියා ඇති කතාවය. ඒ කතාව තේරීම් කමිටුවත් හොඳින් අසාගත යුතුව ඇති බව විශ්වාස කරමු.

ඊයේ සහ අද

තුන්වන දිනයේ දී තරගය ආරම්භ වන්නේ දෙවැනි ඉනිම ක්‍රිඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 119ට කඩුලු 05ක් දැවී ගොස් තිබිය දී ය. මුල් ඉනිමේ ලබා ගත් ලකුණු 92ක වාසියත් සමග ශ්‍රි ලංකා කණ්ඩායම හිටියේ  ලකුණු 211ක් ඉදිරියෙන්ය. නොදැවී ක්‍රිඩාකරමින් සිටි ධනංජය ද සිල්වා ලකුනු 23ක් සහ නයිට් වොච්මන් ලෙස පැමිණි විශ්ව ප්‍රනාන්දු ලකුණු 02ක් ලෙස දිනය ආරම්භ කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

දෙවැනි දවස නිමා වනවිට  වනවිට කණ්ඩායම් දෙකම එක්වර බැගින් පුර්ණ ලෙස දැවී ගොස් තිබිණි. මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම   මුල් ඉනිමේ   කමිඳුගේ සහ ධනංජයගේ ශතක දෙකෙහි ලකුණු 204ට පින්සිදුවෙන්නට ගොඩ ගියේය. පළමු ඉනිම සඳහා ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 280ක් ලබා ගත්තේය.

බංගලාදේශ කණ්ඩායමේ මුල් ඉනිමේ සියලු දෙනාම ලකුණු 188කට දැවී  ගියේය.  මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේ පිටියට එන්නේ  ලකුණු 92ක විශාල වාසියක්  සහිතවය.

ඊයේ සවස් භාගයේ  ඇරඹුන ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිමේ දී සුපුරුදු පරිදම මුල් පෙළ ෆේල් වුනේය. ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ලකුණු 10කි. මුලින්ම දැවී යන්නේ ඔහුය.   ඔහු ඉනිම දෙකේදීම ලබා ගන්නේ ලකුණු 12කි.  කුසල් මෙන්ඩිස් ලබා ගන්නේ ලකුණු 03කි. කුසල් මෙන්ඩිස් ඉනිම දෙකේදීම ලබා ගන්නේ ලකුණු 19කි. දිනේෂ් චන්දිමාල් දැවී යන්නේ තමන් මුහුණ දුන් දෙවැනි පන්දුවේදී ලකුණු නොලබමිනි. චන්දිමාල් ඉනිම දෙකේදීම ලබාගෙන තිබුණේ ලකුණු 09කි. මැතිව්ස් ස්ථාවර ඉනිමක් ක්‍රීඩා කිරීමට සූදානම් බව සන් කළේය. නමුත් ඔහු ආසන්න උඩපන්දුවක් ලබා දී රැකගත නොහැකිව ලබා ගත් ජීවිතයෙන් ප්‍රයෝජන නොගෙන ඊලඟ  පන්දුවේ දී වගකීම් රහිත පහරකට ගොස් ලකුණු 22කට දැවී ගියේය.  දිමුත් කරුණාරත්න ලකුණු 52ක් ලැබුවේය.   ඒ  සිය ටෙස්ට් ජිවිතයේ 36 වැනි අර්ධ ශතකය ය.

කුසල් මෙන්ඩිස් සුන් කළ රානා….

අද තරගය ආරම්භ කරන්නේ නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 23ක් ලබාගෙනය.    නයිට් වොච්මන් ලෙස පිටියට පැමිණි විශ්ව ප්‍රනාන්දු නොදැවී ලකුණු 2ක් ලබාගෙන ය.

දිනයේ මුල්ම කඩුල්ල ලෙස දැවී යන්නේ විශ්ව ප්‍රනාන්දුය. විශ්ව ලකුණු 4ක් ලබා සිටිය දි ඛලෙඩ් අහමඩ් ගේ පන්දුවකට  මෙහිඩි හසන් මිරාස් අතට උඩ පන්දුවක් දුන්නේය. ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 126ට කඩුලු 6කි.

දැන් පිටියට එන්නේ කමිඳුය.  කමිඳුට පසුව කිසිම නම් දැරූ පිතිකරුවෙක් හෝ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් නැත. මුල් ඉනිමේ ශතකයක් ලැබූ ක්‍රීඩකයෙක් දෙවැනි ඉනිමේ ලොකු ලකුණකට යෑම ක්‍රිකට් අත්දැකීම් අනුව නම් ඒ තරම් සුලබ නැත.  කමිඳු හෝ ධනංජය අඩු ලකුණු ගණනකට දවා ගත්තා නම් තරගයේ වාසිය බංගලාදේශ කණ්ඩායම අතේය.

ධනංජය 108යි…

එහෙත් සිද්ධ වන්නේ මුල් ඉනිමේ සිදුවූ ලෙසම බංගලියන්ට ක්‍රිකට් එපා කරන ප්‍රහාරය ආරම්භ වීමය. අප සෙවූ ටෙස්ට් රිද්මය යළිත් සොයා ගනිමින් කිසිම කලබලයකින් තොරව ඉවසීමෙන් පන්දු තෝරා ගනිමින් ධනා සහ කමිඳු ඉනිම සබඳතාවය ගොඩනැගූහ. ධනංජය ශතකයකි. කමිඳු ශතකයක් සහ අර්ධ ශතකයකි.

ධනංජය ලකුණු 108කට 7වන කඩුල්ල ලෙස දැවී යනවිට පන්දු 179කට මුහුණ දී හතරේ පහර 09ක් සහ හයේ පහර 2ක් එල්ල කර තිබිණි. ඔහු දැවී යන්නේ මුළු ලකුණු ගණන 299 දී ය.  7වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුන සම්බන්ධතාවය ලකුණු 173කි. ධනංජය ලකුණු 108කට දැවි යනවිට කමිඳු   ලබාගෙන  සිටියේ  ලකුණු 84ක් පමණි.  අනතුරුව එක් අන්තයක් ආක්ෂා කරගනිමින් කමිඳු හුදකලාව ලකුණු 80ක් රැස් කළ ආකාරය අධ්‍යයනය කළ යුතු පාඩමක් බව විශ්වාස කරමු.

කමිඳු  සමග එක් වුන ප්‍රභාත් ජයසූරිය මුලින්ම වටිනා ලකුණු 25ක් ලැබුවේය. 8 වන කඩුල්ල වෙනුවෙන් කමිඳු හා ප්‍රභාත්   අතර ගොඩනැගුන සම්බන්ධතාවය ලකුණු 67කි.  ප්‍රභාත් දැවී යන්නේ මෙහිඩි හසන් මිරාස් විසින් යැවූ 101වැනි ඕවරයේ 3වැනි පන්දුවේ දී ය. ඊලඟ පන්දුවේ දීම ලහිරු කුමාරත් දවා ගැනීමට මිරාස් සමත් වන්නේය.  දැන්  කඩුලු ත්‍රිත්වය අසලට මෙහිඩි හසන් මිරාස් පැමිණ ඇත. 09 වන කඩුල්ල දැවී යනවිට ලකුනු 366කි. කමිඳු ලකුණු 116කි.

කමිඳු 164යි…

අවසන් පිතිකරුවා කසුන් රාජිත ය. එතැන් සිට කමිඳු ලකුණු රැස් කරන්නේ හතරේ පහර සහ හයේ පහරවලිනි. කසුන් රාජිතගේ අන්තය ආරක්ෂා කරගෙන ලකුණු සොයා යන කමිඳු  එතැන් සිට හයේ පහර 5ක් සහ හතරේ පහර තුනක් එල්ල කරන්නේය.

අවසන් කඩුල්ල වෙනුවෙන් කමිඳු සහ රාජිත අතර ඇතිවන සම්බන්ධය ලකුණු 52කි. ඉන් ලකුණු 48ක් කමිඳුගේ ය. ලකුණු 4ක් සහිතව රාජිත නොදැවී සිටිද්දී කමිඳු ලකුණු 164කි. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 418ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් දෙවැනි ඉනිමේ දි ලබා ගන්නේය. ඉන් ලකුණු 272ක් ධනාගේ සහ කමිඳුගේ ය. තම ඉනිම නිමා කරන විට කමිඳු හතරේ පහර 16ක් සහ හයේ පහර 06ක් එල්ල කර තිබිණි.   මුල් ඉනිමේ ලකුණු 92ක වාසියත් සමග බංගලාදේශයට ජයග්‍රහණය සඳහා 511ක ඉලක්කයක් ලැබී තිබිණි.  දින දෙකකුත් කාලක් ඉතිරි වී තිබිණි.

බංගලාදේශය වෙනුවෙන් දෙවැනි ඉනිමේ හොඳම පන්දු යැවීම දඟ පන්දු යවන මෙහිඩි හසන් මිරාස්ගෙන් වාර්තා විය. ඔහු ලකුණු 74කට කඩුළු 04ක් බිඳ හෙළුවේය. නහිඩ් රානා ලකුනු 128කට කඩුලු 02ක්, ටයිජුල් ඉස්ලාම් ලකුණු 75කට කඩුළු 02ක්,  ෂොරිෆුල් ඉස්ලාම් ලකුණු 75කට කඩුල්ලක්, ඛලෙඩ් අහමඩ් ලකුණු 46ට එක් කඩුල්ලක් ලබා ගත්තේය.

බංගලි ඉනිම ුඩු කළ සුපිරි පන්දු යැවීම

අනතුරුව පැයකට ආසන්න කාලයක්  ක්‍රීඩා කර ඉදිරිය සඳහා විශ්වාසයක් සහිත ආරම්භයක් ලබාගෙන  දිනය නිමා කිරීමේ අභියෝගය සහිතව බංගලාදේශ ඉනිම ආරම්භ වන්නේය. ලබා ගත යුතු   ඉලක්කය ලකුණු 511කි.

එහෙත් විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ කසුන් රාජිත ත්‍රිත්වය එක්වී මනරම් වේග පන්දු පෙළහරක් පෑහ. වමත් වේග පන්දු යවන විශ්ව පළමු පන්දු ඕවරයේ දී ලකුණු ලබා නොගෙන සිටි ආරම්භක පිතිකරු මහ්මුදුල් හසන් ජොයි කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත් ආකාරය අතීතයේ දී චමින්ද වාස් කළ වික්‍රමයන් සිහි කැඳවූ බව කිව යුතුය. ඔහුගේ වේග පන්දු රිද්මය බලාපොරොත්තු සහගත ආශ්වාදයක් රැගෙන ආවේය. විශ්ව පන්දු ඕවර 7ක් යැව්වේය. ලකුණු 13කට කඩුලු 03ක් ලැබුවේය. කසුන් පන්දු ඕවර 3කි. ලකුණු 19ට කඩුල්ලකි. ලහිරු පන්දු ඕවර 3කි. ලකුණු 06ට කඩුල්ලකි.

විශ්ව ලකුණු 13ට කඩුළු 03යි…

බංගලාදේශය මුලුමනින්ම බිඳ වැටී සිටි ආකාරය පෙනුණි. හැඟීම් රහිත මුහුණුය. නායක නජිමුල් හොසෙන් සැන්ටො දැවී යන්නේ  ලකුණු 511ක් හඹා යන්නට ගොස් ලකුණු නොලබා සිය ආරම්භක පිතිකරු දැවී යනවිට ක්‍රිඩා කළ යුතු නායකයෙක් ලෙස නොවේ. ඉතාම අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගොස්  ස්ලිප්හි පන්දු රැකි දිමුත් කරුණාරත්න අතට උඩපන්දුවක් දී  ඔහු ලකුණු 06කට දැවී යනවිට මුළු ලකුනු ගණන 9කි.

ආරම්භක පිතිකරු සකිර් හසන් ලකුනු 19කට ලහිරු කුමාරට ගොදුරුවන්නේ ඉනිමේ 7වැනි ඕවරයේ 5වැනි පන්දුවේදී ය. ඒ වනවිට මුලු ලකුනු ගණන 36කි.

අනතුරුව විශ්ව ප්‍රනාන්දු කඩුලු ත්‍රිත්වයක් අසලට එන්නේය. ඒ ෂහාඩට් හොසෙන් 8 වැනි ඕවරයේ 3වැනි පන්දුවේදීත්, ලිටොන් දාස් අටවැනි ඕවරයේ සිව්වන පන්දුවේදීත් දවා ගැනීමෙනි.  බංගලාදේශ කණඩායමේ කඩුළු 05ක් දැවී යන්නේ ලකුණු 37කටය.

ලිටොන් දාස් මේ තරගයට පෙර ටෙස්ට් තරග 39ක ඉනිම 68ක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙකි. තම කණ්ඩායම ලකුණු 37කට කඩුලු 04ක් බිඳී ගිය අවස්ථාවක, පන්දු යවන්නන් උපරිම රිද්මයෙන් පන්දු යවමින් සිටින අවස්ථාවක පිටියට පැමිණ මන්දබුද්ධිකයෙක් සේ මුල්ම පන්දුවට ජාත්‍යාන්තර පිතිකරුවෙක් විසින් එල්ල කරනු ඇතැයි අපේක්ෂා නොකරන පහරක් එල්ල කර දැවී ගිය ආකාරය ක්‍රිකට් විචාරකයින්ගේ නිර්දය විවේචනයට ලක්වුන අයුරු ඇසුවෙමු.

දැන් මේ තරගය බංගලි කණ්ඩායමට  විලිල්ජාවෙන් බේරී පරදින්නටත් ආශ්චර්යයක් අවශ්‍යය.  දින දෙකක් ඉතිරිව තිබේ. ජයග්‍රහණයට ලකුණු 464ක් අවශ්‍යය. මුල් පෙළ පිතිකරුවන් 5 දෙනාම ලකුණු 37ක් වනවිට ක්‍රිඩාගාරයේය.

හෙට බංගලාදේශ කණ්ඩායම පිතිකරණයට එන්නේ ලකුණු 47ට කඩුළු 05ක් දැවී ගොස් ඇති විටය.

තණතීරුව පිතිකරණයට අපහසු එකක් නොවේ. කමිඳු සහ ධනංජයගේ පිතිකරණය එය පෙන්නුවේය. ක්‍රීඩා ලෝලින්ගේ ප්‍රාර්ථනාව හෙට දිනය පුරාවත් තරගය පවතිනු දැකීමය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෑදරකමට ඇමතිකම් අරන් ආණ්ඩුවට වෙලා ඉන්න බැරිනම් අඩුම තරමින්  අපට කරදර නොකර ඉන්න… මෛත්‍රීපාල සිරිපාලලාගෙන්   ඉල්ලයි!

Next Post

මහත්වරුන් නැති රටේ ජෙමාට ගිය ක්‍රිකට්…  

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.