බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියාවට සහ  බෙලරුසියාවට ඔලිම්පික් තහනම් වෙයි!  

by editor
මාර්තු 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

2024 පැරිසියේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී නොවන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසයි.

2022 පෙබරවාරි මාසයේදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ දෙරටේම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් ක්‍රීඩා උළෙල තහනම් කරන ලදී.

කෙසේ වෙතත්, ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබන රුසියාවේ සහ බෙලරුස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රටක් නියෝජනය නොකර  මධ්‍යස්ථ ලෙස තරඟ කළ හැකිය.

ඔවුන් සමාප්ති උත්සවයේ කොටස්කරුවන් වීම පිළිබඳව පසුව තීරණයක් ගනු ඇත.

“ඔවුන් තනි තනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බැවින් ඔවුන් සමාරම්භක උත්සවයට සහභාගී වන්නේ නෑ.  නමුත් ඔවුන්ට එම ඉසව්වට සහභාගී වීමට  අවස්ථාවක් සලසනවා” අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව පැවසුවේය..

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ වන විට  2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ඇති රුසියානු විදේශ ගමන් බලපත්‍රයක් සහිත   ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 ක් සහ බෙලාරුසියානු විදේශ ගමන් බලපත්‍රයක් සහිත   ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙක්  ඔලිම්පික් ක්‍රීඩා ඉසව් සඳහා එක්වන අතර ඔවුන් තනි මධ්‍යස්ථ පුද්ගලයින් ලෙස සලකන බව ඔලිම්පික් කමිටුව අවධාරණය කරයි.

පැරිසියේ පැවැත්වෙන මෙම ගිම්හාන ක්‍රීඩා සඳහා එක්වන  රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ රටේ ජාතික කොඩිය, ලාංඡනය ප්‍රදර්ශනය නොකර තරග කිරීමත්,  එම රටවල ජාතික ගීතය වාදනය නොකිරීමත් ඔවුන් තරගාවලියට ඇතුළත් කරගනු ලබන කොන්දේසිවලට ඇතුළත් වේ.

ඔලිම්පික් ප්‍රධානීන් රුසියානු  ක්‍රීඩිකාවන්ට සමාරම්භක උත්සවය තහනම් කිරීමෙන් දිනකට පසු ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට රුසියාව තම කෝපය ප්‍රකාශ කළේය.

ඊයේ රුසියාව නිවේදනයක් නික්තු කරමින් රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා  කීවේ  ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් පනවන ලද පෙර නොවූ විරූ වෙනස් කොට සැලකීමේ කොන්දේසි ගැන රුසියාව කෝපයට පත් වී සිටින බවය.

ඊට පිළිතුරු වශයෙන්  2026 ශීත ඍතු ක්‍රිඩා උළෙල   ‘මිත්‍රත්ව ක්‍රීඩා’ ලෙස  පැවැත්වීමට   රුසියාව සැලසුම් කරමින් ඇත.   1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමෙන් පසුව සෝවියට් සංගමය සහ තවත් රටවල් අටක් විසින් පළමු මිත්‍රත්ව ක්‍රීඩා උළෙල සංවිධානය කරන ලදී.

මෙම සැලසුමට ප්‍රතිචාර දක්වමින්  අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව පැවසුවේ රුසියාවේ මෙම සැලසුම “ක්‍රීඩාව දේශපාලනීකරණය කිරීමේ නරුම උත්සාහයක්” බවය.

මේ ප්‍රයත්නයට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සිය බලවත් විරෝධය පල කරන්නේ එම ක්‍රීඩා උත්සව සැලැස්ම “ඔලිම්පික් ප්‍රඥප්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්” බව කියමිනි.

පසුගිය සතියේ, ලෝක තහනම් උත්තේජක විරෝධී නියෝජිතායතනය,   ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි පැවති රැස්වීමේදී මෙම ක්‍රීඩා උළෙල අනුමත නොකරන බවත්  ලෝක තහනම් උත්තේජක මර්දන නීති සංග්‍රහයේ ආරක්ෂාව යටතේ මිත්‍රත්ව ක්‍රීඩා උළෙල නොපැවැත්වෙන බැවින්  ක්‍රීඩකයන්ගේ “සෞඛ්‍යය සහ සාධාරණත්වය” අවදානමට ලක්විය හැකි බවත් පවසා තිබිණි. .

රුසියානු රජය “ගෝලීය තහනම් උත්තේජක විරෝධී ප්‍රමිතීන්ට සහ තරඟවල අඛණ්ඩතාවට පූර්ණ අගෞරවයක්” පෙන්වන බව මේ අතර අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කරන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අඩි දෙදහසකටත් එහා පොලව ගැඹුරේ සිට ඉෆ්තාර් භෝජනය ගන්නා මිනිස්සු!

Next Post

විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 42කින් පරාදයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.