දිනසේන රතුගමගේ –
අද (07) අළුයම යාපනයේ පුතූර් ප්රදේශයේ සිට අනවසරයෙන් වැලි පටවා ගෙන ගිය ටිපර් රථයක් නැවතීමට උත්සාහ කරද්දී පොලිස් අණ නොතකා පොලිස් නිලධාරීන් ද යටකරගෙන පලා යෑමට උත්සාහ කරද්දී එම ටිපර් රථය ඉලක්ක කරගෙන වෙඩි ප්රහාරයක් එල්ල කිරීමට පොලිසිය කටයුතු කර ඇත.
වෙඩි ප්රහාරයෙන් ටයර් සිදුරු වුව ද දිගටම රථය ධාවනය කර පලා යාමට උත්සහ කරද්දී ටිපර් රථය පෙරලී යාම නිසා රියදුරා හා සහායකයා ඉන් බිමට පැන කැළයට දිව ගිය බව පොලිසිය කියයි.
පලාගිය සැකකරුවන් දෙදෙනෙකු හා වැලි හෑරීමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අච්චුවේලී පොලිසිය විසින් මේ වනවිට අත් අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් තුන් දෙනා මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අච්චුවේලී පොලීසිය පියවර ගෙන ඇත.
මෙම අනවසර වැලි ටිපර් රථය පිළිබදව අච්චුවේලී පොලීසියට ලැබුණු ඔත්තුවක් මත නිලධාරීන් පිරිසක් එහි යන විට වැලි පටවා ගත් ටිපර් රථය පුදූර් ප්රදේශයේදී පොලිස් නිලධාරීන්ට හමු වී තිබේ.
වැලි සහිත කැළෑබද මාර්ගයකදී හමු වූ එම ටිපර් රථයට නවතින ලෙස සංඥා කළ අවස්ථාවේදී එහි රියදුරා ටිපර් රථය පොලිස් නිලධාරීන් දෙසට කපා වෙට්ටු දමා පලා ගොස් ඇත.
පොලිසිය වෙඩි තබා ඇත්තේ ඉන් අනතුරුවය.
සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලී පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.







