ලලිත් චාමින්ද –
මෙරට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන වයස අවුරුදු 05ට අඩු දරුවන් 15758 දෙනෙකුත් මධ්‍යස්ථ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 120230 දෙනෙකුත් හඳුනාගෙන ඇති බැව් පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් 2023 වර්ෂයේ පෝෂණ මාසය තුළ කරණු ලැබු සමික්ෂණයක දි අනාවරණය වි ඇත.
මෙම සමික්ෂණයට අනුව වයස අවුරුදු 05ට වඩා අඩු දරුවන් අතර අඩුබර දරුවන්ගේ සංඛ්‍යාව 232004කි. එමෙන්ම වයස අවුරුදු 05ට වඩා අඩුදරුවන් අතර වයසට සරිලන උස නොමැති දරුවන්ගේ සංඛ්‍යාව 140414ක් බවද මෙකි වාර්තාවේ සදහන් වේ.
අධික ස්ථුලතාවයෙන් පෙලෙන දරුවන්ගේ සංඛ්‍යාව 5850කි. මෙකී වාර්තාවට අනුව උග්‍ර මන්දපෝෂණයෙන් යුතු දරුවන් 1439 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන දරුවන් සංඛ්‍යාව 1432 කි.
2022 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දි උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් 18420 දෙනෙකු වාර්තා වී තිබු අතර ඒ අනුව 2023 වර්ෂයේ දි උග් රමන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව සියයට 12දක්වා අඩුවි ඇත.
2022 වසරට සාපේක්ෂව 2023 වර්ෂයේ දි අවුරුදු 05ට අඩු දරුවන් අතර වර්ධනය අඩාලවිම, අඩුබර, මිටිබව, ප්‍රතිශතවල වැඩිවිමක් පෙන්නුම් කරණ බවද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.







