බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

තරග දිනවන දඟ පන්දු අරටුව – යළිත් වීරයා වූ නැකැත්ගෙදර තරුණයා!

by editor
පෙබරවාරි 5, 2024
in ක්‍රීඩා, සමාජ
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

අපේ ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසය පුරාම ශක්තිමත් වූයේ දඟ පන්දු අරටුවක් වටේය.  ඒ අරටු වැනි දඟපන්දු යවන්නෝ අසීමිත දරාගැනීම් කරමින් ස්වකීය අවස්ථාව එනතුරු විශ්වාසයකින් යුතුව ජීවිතය දරාගෙන සිටියහ.  අනේක විධ කම්කටොළු පිරිපත විඳගෙන ජීවිතයේ යෞවනය ඉලක්කයක් වෙනුවෙන්ම කැප කර දැමූහ. මුරලිත් එහෙමය. රංගනත් එහෙමය. අද පිටිය මැද දඟපන්දු පෙළහරක යෙදෙන ප්‍රභාත් ජයසූරියත් එහෙමය.

අප දකින්නේ යාර අසූවේ සීමාවේ තරග කරන ක්‍රීඩකයින් පමණි. මේ ක්‍රීඩකයින් අතරින් සම්මානිත ක්‍රීඩකයෙක් වූවා නම් ගෞරවණීය ක්‍රීඩකයෙක් වූවානම් ඔහු තමන්ගේ අනුපමේය කුසලතාව පිළිබඳ විශ්වාසය තබා විශ්වාස කළ නොහැකි කැප කිරීම් කර ජීවිත පිරිපත දරාගත්තවුන්ය.

කලෙක මුරලි වටා ද, ඉන් අනතුරුව රංගන හේරත් වටා ද, ගොනුවන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩාව මේ වනවිට ගොනුවී ඇත්තේ  ප්‍රභාත් ජයසූරිය වටාය.   රංගන සිය වික්‍රමාන්විත ක්‍රිකට් ජීවිතය නිමා කරන්නේ    වර්ෂ 2018 නොවැම්බර් මස 06 සිට 09 දක්වා එංගලන්තයට එරෙහිව ගාල්ලේ පැවති ටෙස්ට් තරගයෙනි.

එතැන් සිට ශ්‍රි ලංකා ක්‍රිකට් විවිධ අත්හදා බැලීම් කරමින් දඟ පන්දු අරටුවක් සොයා ගියේය. ඔවුන්ට නැකැත්ගෙදර ප්‍රභාත්  රොෂාන් ජයසූරියව සොයා ගන්නට තවත් අවුරුදු 04ක් ගත වී තිබිණි. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 31කි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ප්‍රභාත් ජයසූරිය පළමු වරට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට කැඳවනු ලබන්නේ   වර්ෂ 2022 ජූලි 08 සිට 11 දක්වා ගාල්ලේ දී පැවති ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා තරගාවලිය වෙනුවෙනි.   ඔහු තරගාවලිය දිනෙව්වේය. ජත්‍යාන්තර විස්තර විචාරකයෝ මෙසේ ඇසූහ.

“මේ කොල්ලා මෙච්චරකල් කොහෙද හිටියේ?”

ඔහු  තවම ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 10  කි.   ඉනිම 18කි. ඒ ඉනිම 18 දී ලබා ගත් කඩුළු ගණන 67කි.  ඉනිමක දී  හොඳම පන්දු යැවීම ලකුණු 52කට කඩුළු 07ක් දවා ගැනීමය. තරගය ක දී  නම් කඩුළු 12ක් ලකුණු 177කට හිමි කර ගැනීමය.

මේ ඉනිම 18 තුළ ප්‍රභාත් ඉනිමක දී කඩුළු 05 බැගින් අවස්ථා 07ක දී දවාගෙන ඇත. ඉනිමකදී කඩුළු 4 බැගින් අවස්ථා 2ක දී දවාගෙන තිබේ.  තරගයක දී කඩුළු 10 ලබා ගත් අවස්ථා දෙකකි.   මාතලේ සිට කොළඹ පැමිණ කුඩා බෝඩින් කාමරවල රැඳී කටුක දුර්භෝගම වළඳමින් ජීවිතයේ අවුරුදු 31ක් ගිය පසු ලැබුණු අවස්ථාව ඔහු සලකුණු කළ ආකාරය  මොනතරම් ප්‍රබල දැයි ප්‍රභාත් අද  යළිත් කිවේය.

කවුරු මොන ගේම ගැහුවත් ප්‍රභාත් ජයසූරිය නොවේ නම් ලංකාවට ටෙස්ට් ජයග්‍රහණයක් නැති බව අද අපි පැහැදිලිව දුටුවෙමු.

අද ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරගය අප කඩුළු 10කින් දිනුම්ය.  ඒ දිනුම මේ තරම් පහසු එකක් ලෙස අපට කැරකුනේ අද ප්‍රභාත්ට පන්දුව කැරකුන නිසාය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පන්දු යැවීම තේරුවේය.  ඇෆ්ගනිස්ථාන කණඩායම මුල් ඉනිම ලකුණු 198කට දැවී ගියේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 439ක් රැස් කළහ. මැතිව්ස් සහ චන්දිමාල් විශිෂ්ට ශතක රැස් කළහ.  දිමුත් ලකුණු 77ක් ලැබුවේය  ඉනිමක පරාජයෙන් බේරෙන්නට ඇෆ්ගන් පිතිකරුවන්ට ලකුණු 240ක් ලබා ගත යුතු වූයේය.

දෙවැනි ඉනිම සඳහා පිටියට පැමිණි ඇෆ්ගන් පිතිකරුවන් දැක්වූයේ මනරම් වික්‍රමයකි.  මුල් පිතිකරුවන් තිදෙනාම විශිෂ්ට සංයමයකින් යුතුව කදිම පිතිකරණයක නිරත වූහ   ඊබ්‍රහීම් සද්‍රාන් පන්දු 259කට මුහුණ දුන්නේය. ලකුණු 114ක් ලැබුවේය. නූර් අලි සද්‍රාන් පන්දු 136කට මුහුණ දුන්නේය. ලකුණු 47ක් ලැබුවේය. රහ්මට් ෂා පන්දු 119කට මුහුණ දී ලකුණු 54ක් ලැබුවේය.  ඊයේ දිනය තුළ ලකුණු 199ක් ඇෆ්ගන් පිතිකරුවන් රැස් කළේ එක් කඩුල්ලක් පමණක් දැවී ගොස්ය.

ඊයේ ප්‍රභාත් ජයසූරිය මුලුමනින්ම අක්‍රීය වී සිටියේය. තණතිල්ලෙන් කිසිදු සහයක් නොලද මේ වමත් ඕතඩොක් පන්දු යවන්නා වෙහෙසකාරී දීරඝ ඉනිමක් ක්‍රීඩා කළේය.

ප්‍රභාත් ඊයේ පන්දු ඕවර 32ක් යැව්වේය. ලකුණු 66ක් ලබා දුන්නේය. කඩුළු දවාගෙන නැත. දවා ගත් එකම කඩුල්ල අසිත ප්‍රනාන්දු විසින් දවා ගත්තේය. ඊබ්‍රහීම් සද්‍රාන් සිය මංගල ශතකය සහිතව ඇෆ්ගනිස්ථානය දිනය නිමා කරන්නේ මහත් අභිමානයකිනි.

ඒ ඇෆ්ගනිස්ථානු ආනන්දය අද කුඩු කරදැම්මේ ප්‍රභාත් ජයසූරිය ය. තුන්වන කඩුල්ල ලෙස ඊබ්‍රහීම් සද්‍රාන් දැවී ගිය පසු පන්දු ඕවර 08ක් තුළ ලකුණු 13කට ඇෆ්ගනිස්ථානයේ කඩුළු 05ක් බිඳ වැටිනි.

ඊයේ පන්දු වාර 32ක් යවා කඩුළු නොලත් ප්‍රභාත් අද පන්දු වාර 15ක් පමණක් යවා කඩුළු 05ක් ලබා ගත්තේය. අද ඔහු එම කඩුළු 05ම ලබා ගැනීමට ලබා දුන්නේ ලකුණු 41කි.  දෙවැනි ඉනිම තුළ පන්දු ඕවර 47ක් යවා ලකුනු 107කට කඩුළු 05ක්  ප්‍රභාත් විසින් අත් කරගෙන තිබිණි.

අසිත ප්‍රනාන්දු ලකුණු 63කට කඩුළු 03ක්, කසුන් රාජිත ලකුණු 59ට කඩුළු 02ක්, ලැබුවේය. ඊයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 199ක් රැස් කරගෙන සිටි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 296කට සියල්ලෝ දැවී ගියහ. අද දිනයේ  ඉතිරි කඩුළු 09ම දැවී ගොස් තිබුණේ ලකුණු 97කටය.  ඔවුන් ඉනිමක පරාජයෙන් බේරුනේය. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 56ක පහසු ඉලක්කයක් ජයග්‍රහණය සඳහා ඉතිරි විය.  ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 2කදී එම ඉලක්කය පසුකර ගියේය.

මෙහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න නොදැවී පන්දු 22කදී හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 32ක් රැස්කරගත්තේය. නිශාන් මදුෂ්ක නොදැවී හතරේ පහර 4ක් සමග ලකුණු 22ක් රැස්කරගත්තේය.

තරගයේ වීරයා ප්‍රභාත් ජයසූරිය ය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගංජා වවන්න කැබිනට් අනුමැතිය… ඩොලර්වලින් ආයෝජනය කරන අයෝජකයින් සොයයි…

Next Post

රට පුරා ඇවිදිමින් යකඩ දොරෙන් ආරක්ෂිත සේප්පුත් කඩා කෝටි ගණන් සොරකම් කළ සැඟවුන කම්බහොරා කොටුවුන හැටි!

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.