බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කතරගම රිය අනතුරකින් 26 හැවිරිදි තරුණයින් 02ක් මිය යයි…. 26 හැවිරිදි තරුණයින්   04ක් බරපතල තුවාල ලබති… 02කට අසාධ්‍යයයි!

by editor
ජනවාරි 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නුවන් ජයසේකර –

අධික වේගයෙන් පැමිණි වෑන් රථයක රියදුරුට එම රථය පාලනය කරගත නොහැකිව කතරගම සෙල්ලකතරගම පස්සරයාය හන්දියේදී  ඊයේ රාත්‍රියේ  (28) සිදු වු අනතුරින් වෑන් රියේ ගමන් කළ තරුණයන් දෙදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත්  කර ඇති බව කතරගම පොලිසිය පවසයි.

වෑන් රථය මාර්ගයේ නවතා තිබූ යතුරු පැදි දෙකක හා ලොරි රථයක ගැටී   විසිවී ගොස් අසල තිබූ සියඹලා ගස් දෙකක වැදී  නැවතී ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ අංක සී/29, නවනගරය, කතරගම ලිපිනයේ පදිංචි ඩිෂාන් කාවින්ද රණසිංහ, රෝහල පිටුපස, කතරගම ලිපිනයේ පදිංචි චානක ලක්ෂාන් නැමති දෙදෙනාය.

අනතුරින් තුවාල ලබා ඇත්තේ  ගිහාන් මෝටර්ස් අසල, ගල්වල පාර කතරගම ලිපිනයේ පදිංචි සහන් රන්දික සමරජීව, සෙල්ලපාර, මයිලගම, කතරගම ලිපිනයේ පදිංචි චක්‍රින් චංග වන්සෙව්, අංක 6/1, කිරිවෙහෙර පාර, කතරගම ලිපිනයේ පදිංචි  උඩහ කපුගෙදර රුසිරු ධනංජය හා අංක 03, වැඩසිටිකන්ද පාර, කතරගම ලිපිනයේ පදිංචි නම්බුකාර ගමගේ රවීන් විමුක්ති නැමති අයයි.

අනතුරින් මියගිය තරුණයන් දෙදෙනා සහ තුවාල ලැබූ තරුණයන් සියළුම දෙනා 26 හැවිරිදි වියේ පසු වූවන් බව  කතරගම පොලිසිය කීවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අනතුරට පත් වෑන් රථය සෙල්ලකතරගම දෙස සිට කතරගම දෙසට ධාවනය කරමින් තිබියදි රාත්‍රි 7.30ට පමණ මෙලෙස අනතුරට පත්ව තිබේ.

අනතුර සිදුවන අවස්ථාව වන විට එහි රියදුරු ඇතුළු 26 හැවිරිදි වියේ පසු වු තරුණයන් හය දෙනෙකු වෑන් රථයේ ගමන් කර ඇති අතර අනතුරින් තුවාල ලබු දෙදෙනෙකු රෝහල් ගත කරන අවස්ථාව වන විට මියගොස් සිට තිබේ.

බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර සිටින තරුණයන් සිව් දෙනාගෙන් දෙදෙනෙකුගේ තත්වයද බරපතළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.

තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අදිකාරී කේ.බී.කීර්තිරත්න  ගේ උපදෙස් පරිදි කතරගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතුරුදහන්ව සිටි යුද හමුදා සෙබලෙකුගේ මළ සිරුරක් එම හමුදා කඳවුරේම පොකුණකින් හමුවෙයි!

Next Post

සෑම අවුරුද්දකම ගාල්ල මහ මෝදර රෝහලෙන් පිටවන ළමා මව්වරු ගැන රෝහලේ ප්‍රසව හා නාරිවේද  මහාචාර්යවරයා කී කතාව…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.