සමන් මල්ලවආරච්චි –
.ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකත්වය සඳහා සුදුස්සෙක් තෝරන ඡන්දය මේ අවස්ථාවේ දී එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ විධායක සභාව නියෝජනය කරන සාමාජිකයන් 325ක ගේ සහභාගීත්වයෙන් ත්‍රී කුණාමලය නගර සභාවේ දී පැවැත්වෙමින් ඇත.
මේ වනවිට එම පක්ෂයේ නායකත්වය වෙනුවෙන් එම්. ඒ. සුමන්තිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සින්නතම්බි යෝගේෂ්වරන් තරග වැදී සිටිති.
නායකයා තෝරා ගන්නේ රහස් ඡන්දයකිනි. මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා මාධ්‍යයට අවසර ලැබී නැත.
කෙසේ වෙතත් එම පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨතම නායකයා වන ආර්.සම්පන්දන් මෙම රහස් ඡන්දයට අකමැති වූ අතර ඔහු යෝජනා කළේ එකඟතාවයකින් නායකයෙක් තෝරා ගන්නා ලෙසය.







