බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තව සති තුනක් තුළ වතුකරයේ ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන්  විශේෂ ප්‍රකාශයක් – මනුෂ කියයි!

by editor
ජනවාරි 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

වතුකරයේ ශ්‍රමිකයන්ගේ  වැටුප් වැඩිකිරීම සම්බන්ධව ජනාධිපතිවරයා විසින් මේ මස අවසන් වන්නට පෙර ප්‍රකාශයක් කරනු ඇතැයි කම්කරු සහ විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර පවසයි.

නුවරඑලිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලය විවෘත කරමින් අමාත්‍යවරයා  ඊයේ (07)    මේ බව පැවසුවේ  ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වඩිවෙල් සුරේෂ්   කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.

නුවරඑලිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලය විවෘත කරමින්

විදේශ ගත ශ්‍රමිකියන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සේවාවන් සැපයීම සදහා දෙමළ මාධ්‍යයෙන් කටයුතු කළ හැකි කාර්යාලයක් ලබාදෙන ලෙසට විදේශ ගත ශ්‍රමිකයින්ගේ දරුවන් ජාත්‍යන්තර සංක්‍රමණික දිනය යෙදී තිබුණ පසුගිය 18 වැනිදා කළ ඉල්ලීමකට අනුව මෙම ප්‍රාදේශීය කාර්යාලය විවෘත විය.

මෙහිදී අදහස් දැක්වූ කම්කරු හා විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර පැවසුවේ  නුවරඑළියේ ජනතාවට, නුවරඑළියේ ඊළග පරම්පරාවට වැඩ කළ යුතු වන්නේ ඡන්ද බලාගෙන නොවන බවය.

නුවරඑළියට පැමිණි විට සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම ජාතික ගීය ගායනා කළ බවද, යාපනයට ගිය විට දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කළ බවද අමාත්‍යවරයා සිහිපත් කළේය. උත්සවයේ ප්‍රදර්ශනය කළ වීඩියෝ දර්ශනවලින් සියයට 95ක්ම දෙමළ භාෂාවෙන් විකාශය කළ බවද සිංහල පමණක් දන්නා අයගෙන් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. එහෙත් රටේ සිදුවන හැම දේම සිංහල භාෂාවෙන් පමණක් කිරීම සම්බන්ධයෙන් දෙමළ ජනතාවගෙන් කවදාවත් සමාව ඉල්ලා නොමැති බවද ඇමැතිවරයා සිහිපත් කළේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

සිංහල රාජ්‍ය භාෂාව කරලා ජාතීන් බෙදා වෙන් කළ සියලුම දේශපාලඥයින්ට සාප වන බව පැවසූ මනුෂ නානායක්කාර මහතා ඒ බෙදීම නිසා අද දිනයේදී තමන්ට දෙමළ භාෂාවෙන් වචන කිහිපයක් කතා කිරීමට නොහැකිවී ඇති බවද කීවේය. දැන් ඉතිහාසයට චෝදනා කරමින් නොසිට අනාගතයේ සිටින පුංචි දරුවන් වෙනුවෙන් හෝ රට ගොඩ නැගිය යුතු බවද ඇමැතිවරයා සදහන් කළේය. දේශපාලඥයින් ගැනීමට අකමැති, ජනප්‍රිය නොවන තීන්දු වන බදු වැඩි කිරීම්, වැටුප් කප්පාදු කිරීම් කරමින් දැවැන්ත වෙනසක් මේ වන විට ඉටු කරමින් යන්නේ දරුවන්ගේ අනාගතය ගැන සිතමින් බවද ඔහු පැවසුවේය. අනාගතය දකින නායකයාගේ අඩි පාරේ යමින් තමන්ද නුවරඑළියට පැමිණ තීන්දු තීරණ ගත් බවද ඇමැතිවරයා කීවේය.

ඩොලර් මිලියන 500ක පංගුකාරයෙක් වන ලෙසට විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවීමට කටයුතු කර ඇති බවද, පසුගිය වසරේදී රටට ගෙනා ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 6කට ආසන්න වන බවද අමාත්‍යවරයා කීවේය.

ඩොලර් බිලියන 6 සීමාව පසු කර යාමට අවශ්‍ය වන්නේ තවත් ඩොර් මිලියන 30ක් පමණක් බවද, එම ඩොලර් මිලියන 30 ගෙන්වා ගැනීමට නොහැකිවූයේ මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති හදන නිලධාරීන් නිසා බවද අමාත්‍යවරයා කීය. මේ සදහා අවශ්‍ය ගැසට් නිවේදනය ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කළත්, ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා ප්‍රකාශ කළත්, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේදීත් තීන්දු තීරණගත් නිලධාරීන් අදත් සිටිමින් ඩොලර් මිලියන හයෙන් නතර කළ බවද මනුෂ නානායක්කාර මහතා කීවේය. ඒ සදහා ඔවුන් වගකිව යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

වතුකරයේ ජනතාවගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වඩිවෙල් සුරේෂ්   කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් වන තීන්දුව ජනාධිපතිවරයා විසින් මේ මස අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.

 

 

Share69Tweet43
Previous Post

පාරේ ගමන් කරමින් සිටි 15 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කළ සල්ලාලයින් 03ක් අත් අඩංගුවට… දැරිය රෝහලේ!

Next Post

ජනපති බෙදන්න ගනී… වෛද්‍යවරුන්ගේ දීමනා දෙගුණ වෙයි… සරසවි ඇදුරන්ගේ අධ්‍යයන දීමනා  25%කින් වැඩි කරයි…  රාජ්‍ය සේවකයින්ට රුපියල් 5000ක ජීවන වියදම් දීමනාවක්!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.