ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව දකුණු මුහුදේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය පටවාගත් දේශීය ට්‍රෝලර් ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට පත්වීමෙන් අනතුරුව, වැඩිදුර කටයුතු සඳහා යාත්‍රාව අද (05) පෙරවරුවේ ගාලු වරායට රැගෙන යන ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව පරීක්ෂණ පවත්වයි.