බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිගම W15 හෝටලයට වෙඩි තැබූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසකට වැලිගම පොලිසිය වෙඩි තබයි… එක් නිලධාරියෙක් මරුට… තවත් අයෙකුට තුවාල!

by editor
දෙසැම්බර් 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

වැලිගම නව ගාලු පාරේ පැලෑන වටරවුම අසල පිහිටි ප්‍රකට සංචාරක හෝටලයක් වූ W15 හෝටලයට අද අළුයම වෙඩි තබා පලා යෑමට තැත් කිරිමේ දී වැලිගම පොලිස් නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ  කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙක් මිය ගොස් තවත් නිලධාරියෙක් තුවාල ලබා තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

අද අළුයම කේ.ඩී.එච්. වෑන් රථයකින් පැමිණි පිරිසක් වැලිගම නව ගාලු පාරේ පෑලෑන වටරවුම අසල  පිහිටි W15 හෝටලය තුළට ගොස්  වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කර තිබේ.

එම අවස්ථාවේ දී ඊට නුදුරින් මේ දිනවල ක්‍රියාත්මකවන මත්ද්‍රව්‍ය මෙහෙයුම්වල යෙදෙමින් සිටි වැලිගම පොලිසියේ ජංගම පොලිස් සංචාරක රථයක් අසල තිබී ඇත. එම ඒකාබද්ධ මෙහෙයුම සඳහා යෙදවූ හමුදාවේ නිලධාරීන් පිරිසක් ද එම රථයෙහි හිඳ තිබේ.

සිද්ධිය වර්තා වීමත් සමග  වෙඩි ප්‍රහාර එල්ල කළ කේ.ඩී.එච් රථය හඹා ගිය පොලිස් ජංගම  රථය මාර්ගය හරස් කර පලා යන වෑන් රිය නවත්වාගෙන ඇත.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

එහෙත් ජංගම රථයට වෙට්ටුවක් දමා වෑන් රථය පළා ගොස් තිබේ. ඒ අවස්ථාවේ දී ජංගම පොලිස් රථය වෑන් රිය හඹා ගොස් වෙඩි තබා ඇත.  අනතුරුව වැලිගම පොලිසිය විසින් මෙම පලා යන රථය සම්බන්ධව සියලුම තොරතුරු පොලිස් ස්ථාන ඇතුළු ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇත.

ඒ අනුව පලා ගිය රථය ඉමදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට උත්සාහ කිරීමේ දී අධිවේගී මාර්ග ආරක්ෂක පොලිසිය විසින් නවත්වා පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේ දී රථයේ සිටින කණ්ඩායම තමන් කොළඹ අපරාධ කොට්ඨාසයේ බව දන්වා හැඳුනුම්පත් ඉදිරිපත් කළත් එතැනින් ප්‍රවේශවීමට පොලිසිය ඉඩ දී නැත. ඒ අතර උසස් පොලිස් නිලධාරියෙකුගෙන් එන නියෝගයක් පරිදි මෙම පිරිස මුදා හැරීමට අධිවේගී මාර්ගයේ පොලිස් නිලධාරීන්ට සිදුවී ඇතැයි වාර්තා වේ.

මේ අතර වෙඩි වැදුන පුද්ගලයා අධික රුධිර වහනය නිසා මියගොස් ඇති බවත් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බවත් වාර්තා වූයේය.  පසුව විමසීමේ දී මෙම කේ.ඩී.එච්. වෑන් රථයේ  පැමිණ W15 හෝටලට වෙඩි තබා ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් බව හෙළි වී ඇත. මිය ගොස් අත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙකි. වෙඩි වැදි බරතපතල  තුවාල ලබා ඇත්තේත් කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයෙකි. ඔවුන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණු බව  දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

දිවයිනේ පළාත් කීපයක පවතින W15 හෝටල්  ඒ.ජේ.එම් මුසම්මිල් ගේ  පුත්‍රයාට හිමි බව වාර්තා වේ.

සිදුවූයේ කුමක්දැයි මේ වනවිට පොලිසිය ද වික්ෂිප්තව සිටින අතර තොරතුරු පිටතට යෑම වළක්වා ගැනීම සඳහා විශේෂ උත්සාහයක් දරමින් ඇති බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රත්තරන් වටින අමු මිරිස්… කරලක් රුපියල් 20යි…

Next Post

පොලොන්නරුවට ඇද හැලෙන මහ වැස්සෙන් පවුල් 257ක පුද්ගලයින් 950ක් අවතැන්!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.