බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

යුගයක් සිරිමත් කළ මියුරු රසවතා – ෂෝන් කොනරි…

by editor
නොවැම්බර් 1, 2020
in කලා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

ලොව පුරා සිනමා රසිකයන් අතර සදාතනික වීරයකු බවට පත්වූ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවෙන් සිය රංගන ජීවිතයේ නිම් වළලු පුළුල් කරගත් ෂෝන් කොනරි ඊයේ අවසන් ගමන් ගියේය.

ඉයන් ෆ්ලෙමින්ගේ පරිකල්පනයෙන් බිහිවූ ජේම්ස් බොන්ඩ් කතා මාලාව අළලා තිරයට නැගුණු චිත්‍රපට මාලාවේ පළමු  වැන්න වූ ‘ඩොක්ටර් නෝ‘ චිත්‍රපටයේ බොන්ඩ්ගේ භූමිකාවට පණ පෙවූ ෂෝන් කොනරි ඊයේ බහමාස් දූපතේ පිහිටි සිය නිවහනේදී අවසන් හුස්ම හෙළු බව ඔහුගේ පුත්‍රයකු වන ජේසන් කොනරි මාධ්‍යයට ප්‍රකාශ කළේය. වසර 2000දී නයිට් නාමයෙන් පිදුම් ලබා ශ්‍රීමත් ෂෝන් කොනරි ලෙස සිය ජීවිතයේ සැඳෑ සමය සුවසේ ගත කළ අතර ඔහු සාමකාමී මරණයකට හිමිකම් කී බවත් පුත්‍රයා ප්‍රකාශ කළේය. 

ඔහුගේ ප්‍රචාරණ කළමනාකාරිනිය නැන්සි සෙල්ට්සර් කියා සිටියේ කොවිඩ් වසංගතය හේතුවෙන් පෞද්ගලික අවමංගල උත්සවයකින් ඔහුගේ අවසන් කටයුතු සිදු කරන බවකි. නමුත් වසංගතයේ අවදානම පහවීමෙන් පසු අනුස්මරණ උත්සවයක් පැවැත්වීමට අදහස් කරන බවත් ඇය කීවාය.

ඔස්කාර් සම්මානය දිනූ මොහොත

ඔස්කාර් සම්මානයෙන් ද පිදුම් ලැබූ මේ විශිෂ්ට නළුවා ජේම්ස් බොන්ඩ් චිත්‍රපට 7කට සිය දායකත්වය ලබා දෙමින් ඉතිහාසයට එක්වූයේ එතෙක් මෙතෙක් සාර්ථකම ජේම්ස් බොන්ඩ් ලෙසිනි. දශක පහක කාලයක් නළුවකු ලෙස ජීවත් වූ ශ්‍රීමත් කොනරි වසර 1988 දී ඔස්කාර් සම්මානයට පාත්‍රවූයේ The Untouchables චිත්‍රපටයේ රංගනය උදෙසාය. ඊට අමතරව ඔහු ලොව විවිධ රටවල පැවැති සිනමා සම්මාන උළෙල රැසකදීම විශිෂ්ට රංගනය වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය. 

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

වසර 1957දී Lilacs in the spring චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ශ්‍රීමත් ෂෝන් කොනරි අවසන් වරට රඟපෑවේ 2012 වසරේදී තිරගත වූ Sir Billi චිත්‍රපටයේය. ඒ අතරතුර කාලයේ ඔහුගේ රංගනයෙන් ඔපවත් වූ චිත්‍රපට සංඛ්‍යාවට ජේම්ස් බොන්ඩ් චිත්‍රපට 7ක් ඇතුළත්ය. ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ පළමුවැන්න 1962දී තිරගත වූ Dr No චිත්‍රපටයයි. එහි රඟපාන විට ඔහුගේ වයස අවුරුදු 32කි. 

Dr No චිත්‍රපටයේ උර්සුලා ඇන්ඩ්‍රිස් සමග.

අනතුරුව Russia with Love (1963), Goldfinger (1964), Thunderball (1965), You Only Live Twice (1967), Diamonds are Forever (1971), Never Say Never Again (1983) බොන්ඩ් චිත්‍රපට ඔහුගේ රංගනයෙන් ප්‍රභාවත් විය. 

නළුවකුට උචිත කඩවසම් පෙනුමකින් යුතු ෂෝන් කොනරි තරුණියන්ගේ ආකර්ශනය දිනා සිටියේ පාසල් වියේ සිටමය.  ඔහු විසින්ම පසුකලෙක සඳහන් කළ පරිදි වැඩිහිටි කාන්තාවක් සමග ලිංගිකව එක්වීමෙන් ඔහුගේ පවිත්‍රතාව අවුරුදු 14දීම අහිමිවී තිබිණි. 

Never Say Never Again චිත්‍රපටයේ දර්ශනයක්

ෂෝන් කොනරිගේ පළමු රැකියාව වූයේ වීදි පුරා කිරි අලෙවි කිරීමය. පසුකලෙක ඔහු ඒ පිළිබඳව සිහිපත් කරමින් මෙසේ කීවේය.

‘එඩින්බරෝ සිනමා උළෙල අතරතුර වරක් මා ටැක්සියකින් ගමන් කරමින් සිටින අතරතුර සෑම වීදියකම නාම පුවරු රියැදුරාට සිහිපත් කළා. ඔහු පුදුමයට පත්ව මගෙන් ඒ ගැන අසා සිටියා. මා අතීතයේ එක්තරා කාලයක මෙහි කිරි අලෙවි කරමින් වීදි පුරා ගිය බව ඔහුට කීවා. එවිට ඔහු මගෙන් ඇසුවේ දැන් ඔබ කරන රැකියාව කුමක්ද කියායි. ඊට මම පිළිතුරු දුන්නේ නෑ.‘

අවුරුදු 16දී රාජකීය නාවික හමුදාවට බැඳුනු ෂෝන් කොනරි සිය මවුබිමටත්, මාපියන්ටත් දැඩි ලෙස ආදරය කළ පුද්ගලයෙකි. ඔහුගේ සිරුරේ පච්චා දෙකක් කොට තිබිණි. ඉන් එකක්  Mom and Dad‘ ලෙස සටහන් වූ අතර අනෙක සටහන් වූයේ ‘Scotland forever‘ යනුවෙනි. 

කෙසේවෙතත් රෝගී තත්ත්වයක් හේතුවෙන් වසරකට පසු ඔහු නාවික හමුදාවෙන් ඉවත් කර තිබිණි. ඉන් පසුව ලොරි රියැදුරකු, ජීවිතාරක්ෂක නිලධාරියකු, කම්කරුවකු, චිත්‍ර ශිල්පීන් සඳහා පෙනී සිටින මෝස්තර නිරූපණ ශිල්පියකු, මිනි පෙට්ටි ඔප දමන්නකු ලෙස ඔහු විවිධ රැකියා ගණනාවක නිරත විය. 

නාවික හමුදා සේවයේ නිරතව සිටියදී කායවර්ධන ශිල්පය ප්‍රගුණ කළ හෙතෙම 1950 මිස්ටර් යුනිවර්ස් කායවර්ධන ශූරතාවලියේ තුන්වැනි ස්ථානය දිනාගත් බව අප්‍රකට කරුණකි. 

එවකට තරුණියන්ගේ ආදරයට දිනු කඩවසම් තරුණයකු වූ කොනරි මුල් කාලයේ කැරොල් සොපෙල් නමැති තරුණියක සමග පෙම් සබඳතාවක් ගොඩනගාගෙන සිටියද ඇය යුදෙව් පවුලකින් පැවත එන තරුණියක වීම හේතුවෙන් එම  සබඳතාව අවසන් කළේය. 

නළුවකු ලෙස සිනමාවට අවතීර්ණ වූ 50 දශකයේ අගභාගයේදී ඔහු නිලියක වූ ඩියාන් සිලෙන්ටෝ සමග විවාහ විය. ජේම්ස් බොන්ඩ් පළමු චිත්‍රපටයෙන් වසරකට පමණ පසු දෙදෙනා දික්කසාද වනවිට කොනරි පිය පදවියෙන් පිදුම් ලබා සිටියේය. ඔහු සිය අවසන් කාලයේදී ජේසන් නම් වු එම පුත්‍රයා ද ඔහු සමග සිටියේය. 

සිය බිරිඳ මිෂෙලින් සමග.

ඩියාන්ගෙන් දික්කසාද වීමෙන් පසු තවත් නිලියන් කිහිපදෙනකු සමගම පෙමින් වෙලී සිටි කොනරි හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය පෙම්වතෙකි. නමුත් ඔහු මිය යනතුරුම ජීවත් වූයේ 1975දී විවාහ කරගත් මොරොක්කෝ සම්භවයක් සහිත ප්‍රංශ තරුණියක වූ මිෂෙලින් රොකොබෝන් සමගය. 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිනකට විකිණූ එළවළු කිලෝ ලක්ෂ දෙක හමාර පන්දහසට බැහැලා..

Next Post

ආර්ථිකය නොවැටී කොවිඩ් මර්දනයට ජනපතිගෙන් තීරණ රැසක්

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.