බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටක් හිනැස්සූ ගජමෑන් නිර්මාණය කළ විශිෂ්ට කාටුන් ශිල්පී කැමිලස් පෙරේරා  දිවි සැරියෙන් සමු ගනී!

by editor
දෙසැම්බර් 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය කාටුන් චරිත වූ  ගජමෑන්,මගෝඩිස්, දොං සේතං, තෙපානිස්, සිරිබිරිස්, මිස්ටර් ලව්රිස්  ඇතුළු කාටුන් චරිත රැසක් නිර්මාණය කළ ප්‍රවීණ කාටුන් ශිල්පී කැමිලස් පෙරේරා     අද ( 17) පෙරවරුවේ මීගමුවේදී අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඔහු 84 වැනි වියේ පසුවූයේය.

කැමිලස් පෙරේරා උපත ලැබුයේ වර්ෂ  1939 දෙසැම්බර් 01 වැනිදා මීගමුවේ දීය.  ඔහු සිය විධිමත් අධ්‍යාපනය මීගමුව‍ ශාන්ත සෙබස්තියන් රෝමානු කතෝලික මිශ්‍ර පාසලෙන් ආරම්භ කළේය.

වසර කිහිපයකට පසු මාරිස්ටෙලා විද්‍යාලයෙන්ද ඉන් අනතුරුව ශාන්ත මරියා විද්‍යාලයෙන්ද ඔහු සිප් සතර හැදෑරීය.

කැමිලස් පෙරේරාගේ මුල්ම  නිර්මාණය පුවත්පතක පල වන්නේ  වර්ෂ 1964 වසරේදීය. ඒ ලේක්හවුස් ආයතනයෙහි “සරසවිය” ය පුවත්පතේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අනතුරුව   වර්ෂ 1965 සිට කැමිලස්ට  දවස පුවත්පත සඳහා දිනපතා කාටුනයක් නිර්මාණය කිරීමට අවස්ථාව උදාවිය. ඒ “තෙපානිස්” යන කාටුන් චරිතය සමඟිනි. කිසිදු ගෙවීමක් එයින් නොලද මුත් ඔහු දිගටම එහි නිරත විය.

1966 වසරේ සිට ඔහුට දිනපතා දහවල් ජනතා පුවත්පතට කාටූනයක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබිනි. එය  ‘දොන් සේතන්’නම් විය. දොන් සේතන් චරිතය සමඟ දොන් සේතංගේ  බිරිය සිමෝනා, දියණිය මෙරායා සහ බාල සහෝදරයා ලපයා. දියණියගේ පෙම්වතා වූ ගොඩ්ඩින් අයියා ද බිහි විය. එය එවකට පවුලේ ජනප්‍රිය කාටූනයක් බවට පත් විය

පසුව ‘සිළුමිණ’ට ‘සිරිබිරිස්’ ද කැමිලස් අතින් නිර්මාණය විය. එය ද ඉමහත් ලෙස ජනප්‍රිය විය. එම සාර්ථකත්වය මත   1968 දී ඔහු ‘දැක්කොත් පද්මාවතී’ කතා මාලාව සරසවිය පුවත්පත වෙනුවෙන් ආරම්භ කළේය. එම වසරේම ඔහු අතින් සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට ‘මිස්ටර් ලව්රිස්’ නමින් තීරු කාටූනයක්ද නිර්මාණය විය.

1972 වසරේදී ලංකාවේ බිහිවූ ප්‍රථම චිත්‍රකතා පුවත්පත වූ සතුට පුවත්පතට ඔහු අතින් නිර්මාණය වූ ජනප්‍රියම කාටුන් චරිතය වූ ‘ගජමෑන්‘ නිර්මාණය පාඨකයාට හඳුන්වාදෙන ලදී. එය පාඨකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් ලද චරිතයක් විය.

ඒ අතරම මිහිර පුවත්පතට ‘ටික්කා‘ නමින් කාටූනයක් නිරිමාණය කරන ලද අතර ලේක්හවුස් මඟින් ම නිකුත් වූ ක්‍රීඩා පුවත්පතට ඉදිරිපත් කළ ‘සෙල්ලං සේන‘ චරිතයද නිර්මාණය කරන ලදී.

‘සිරිබිරිස්‘, ‘දොංසේතං‘ ලපයා‘ වැනි ඔහු එවකට නිර්මාණය කළ චරිත සියල්ලක්ම පාහේ පාඨකයන් ඇද බැඳගත් නිර්මාණ බවට පත්විය. නමුත් පසුකලෙක ඔහු සතුට පුවත්පතින් ඉවත්ව මල්ටි පැක්ස් ආයතනය මඟින් නිකුත් කළ‘ සිත්තර‘ පුවත්පත හා සම්බන්ධ විය. සතුට අලෙවිය පහත වැටුණු අතර සිත්තර එවකට වඩාත්ම අලෙවි වූ චිත්‍ර කතා පුවත්පත විය.

එහිදි සිංහල අවුරුද්ද මුලකොට ගෙන ‘ගජමෑන්‘ විශේෂ කලාපයක් ද නිකුත් කළ අතර එය ද වාර්තාගත ලෙස අලෙවි විය. ඒ 1972 වසරේදීය.

1982 වසරේදී මල්ටිපැක්ස් ආයතය හා මතගැටුමක් මත ඉන් ඉවත්වූ කැමිලස් ඔහුගේම ආයතනයක් පිහිටුවා, එයින් ‘කැමිලස්ගේ ගජමෑන් සමඟ සත්සිරි‘ පුවත්පත එළිදැක්වීය. එයද අලෙවි වාර්තා බිඳ දමමින් අලෙවි වූ අතර ඔහුගේ සාර්ථකත්වය ද දෙගුණ තෙගුණ කරවීය.

දෙමටගොඩ ප්‍රදේශයෙන් තමාටම හිමි දේපලක් මිලදී ගත් ඔහු මුද්‍රණ යන්ත්‍ර සමඟ තමාගේම ප්‍රකාශන ආයතනයක් පිහිටුවා එයින් අධ්‍යාපන සඟරා ද නිකුත් කෙරුවේය.

2002 වසරේදී ‘ගජමෑන්ගේ 30 වෙනි උපන් දිනය සැමරූ අතර ඔහුගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක්ද පැවැත්වීය. පසුකලෙක ‘රිවිර‘ ජාතික පුවත්පතටද දේශපාලන කාටුන ඔහු නිරිමාණය කරන ලදී. දේශපාලන භේදයකින් තොරව ඔහු සෑම චරිතයක්ම සැබෑ ලෙස උපහාසයට ලක්කිරීමට සමත් විය. ඔහු අතින් නිමැවුනු ‘මගෝඩිස් තුමා‘ කාටුන් චරිතය එයට කදිම උදාහරණයකි.

එතුමන්ගේ අවසන් කටයුතු අද පස්වරුවේම සිදු කිරීමට නියමිතය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“ආනන්දා ගී රංගා” ප්‍රසංගය හෙට සිට පුරා දින 06ක් ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී…

Next Post

තායි රාජට ප්‍රතිකාර කරන මහාචාර්ය දංගොල්ලට නොදන්වා තායි වෛද්‍යවරු කණ්ඩායමක්  ඇතාගේ ලේ සාම්පල් අරන්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.