අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිකුරාදා වැලිගම වෙඩි තැබීම  ඩුබායිහි සැඟවී සිටිනා මිදිගම චූටිගේ වැඩක්… වෙඩි වැදුන එක් අයෙකුට අසාධ්‍යයයි!

by editor
දෙසැම්බර් 17, 2023
in පුවත්
Shoot
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය –

වැලිගම, සිපෙට්කෝ ඉන්ධන පිරවුම් පොළ අසල මාළු වෙළෙද සැලේ හිමිකරු සහ එහි සේවකයා ඉලක්ක කර ගනිමින් සිකුරාදා (15) රාත්‍රී සිදුකරන ලද වෙඩි තැබීම දැනට ඩුබායි හි සැගවී සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන මිදිගම චූටිගේ පාර්ශවයෙන් සිදුකර තිබෙන බවට තොරතුරු ඇතැයි වැලිගම පොලීසිය කියයි.

මෙම වෙඩි තැබීම සිකුරාදා (15) රාත්‍රී 9.08 ට සිදුකර තිබෙන බවත් වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙදෙනා මේ වන විට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වැලිගම පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

මෙයින් වෙළෙද සැල් හිමියාගේ තත්ත්වය තරමක් බරපතල බවත් ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙන බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ වැලිගම, මුහුදු මාවතේ ‘මමාෂ් ෆිෂ් පොයින්ට්’ හි හිමිකරු එන් කේ චමින්ද කුමාර (40) සහ එම වෙළෙද සැළේ සහයක මහින්ද ගුණතිලක (52) යන දෙදෙනාය.

චමින්ද කුමාර නැමැති අයගේ පපුවේ දකුණු පසට වෙඩි උණ්ඩ 02 ක් සහ මහින්ද ගුණතිලක යන අයගේ වම් උරහිසට වෙඩි උණ්ඩ 01 ක් වැදී තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. තුවාල කරුවන් දෙදෙනා පළමුවෙන් වැලිගම, පිලාන රජයේ රෝහලට ඇතුළත් කර තිබෙන අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලට මාරුකර යවා තිබේ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වූයේ යැයි වැලිගම පොලීසිය කියයි.

මාළු මිළදී ගැනීමේ මුවාවෙන් මොවුන් පැමිණ තිබෙන බවත් යතුරු පැදියේ පසුපස සිටි අය විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

ප්‍රදේශයේ සීසීටීවී කැමරා ඉතා සූක්ෂම ලෙස පරීක්ෂාවට ලක් කරමින් සිටින බවද පොලීසිය කියයි. ඒ අනුව වෙඩික්කරුවන් පැමිණ ඇත්තේ පල්සර් වර්ගයේ යතුරු පැදියකින් බවට පොලීසිය විසින් හදුනාගෙන තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ චමින්ද කුමාර නැමැති අය සමග ‘මිදිගම චූටි’ නැමැති අයගේ දීර්ඝ කාලීන ආරවුලක් තිබෙන බවත් ඒ නිසාම ‘මිදිගම චූටී’ චමින්ද කුමාර නැමැති අයගේ මාළු වෙළෙද සැලට මීටර් 100 ක් පමණ දුරින් තමන්ගේ සහයකයෙකු ලවා තවත් මාළු වෙළෙද සැලක් ආරම්භ කර තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

වෙඩික්කරුවන් හදුනා ගැනීමට නොහැකි වන පරිදි ඉතා සූක්ෂම ලෙස මුහුණු ආවරණය කර ගෙන පැමිණ තිබෙන බවද පොලීසිය කියයි. පොලීසිය වෙත ලැබුණ තොරතුරු කිහිපයක් ඔස්සේ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බවද වැලිගම පොලීසිය කියයි.

වැලිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් වී කේ උපුල් කුමාර ගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නන්දසිරි ප්‍රමුඛ පොලිස් නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දකුණට නොදැනුන උතුරේ ගංවතුර දුක… 10287ක් අනාථයි… නිවාස 108ක් මුලුමනින් විනාසයි… සැණකෙළි හමාරයි… උතුරේ නත්තල ගංවතුරට හේදෙයි!

Next Post

ලයනල් වික්‍රම… හද කම්පා කරන තවත් විශිෂ්ටයෙකුගේ නික්ම යෑම….

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.