මිනුවන්ගොඩ බ්රැන්ඩික් ආයතනය ආසන්නයේම පිහිටි, වැඩි වශයෙන්ම කොවිඩ් රෝගීන් හා ආශ්‍රිතයන් වාර්තා වීම නිසා පසුගිය 14 දා රාත්‍රියේ සිට හුදකලා ගම්මාන බවට නම් කළ ගණිහිමුල්ල, පේරලන්දවතත්, හැලකන්ද ගම්මාන තුනේ කරන ලද පී.සී.ආර්. වාර්තා 1000ක් දින 10ක් තිස්සේ ප්‍රමාද වීම නිසා එම ගම් සම්බන්ධව තීන්දුවක් ගැනීමට නොහැකිව අර්බුදයකට ලක් ව සිටින බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ලැබෙන පී.සී.ආර්. වාර්තා මත මෙම ගම්මාන විවෘත කිරීම සම්බන්ධ තීන්දු ගැනීමට නියමිතව තිබුණේ පසුගිය 28 දාය. එහෙත් එම තීන්දුව පිළිබඳ සලකා බැලීමටවත් නොහැකි වී ඇතැයි වාර්තා වේ.
මේ අතර පී.සී,ආර්. පරීක්ෂණවලට ලක් කළ පුද්ගලයන් විශාල ප්‍රමාණය හුදකලා කළ ගම්මානය තුළ සංචරණය කිරීම පාලනය කළ නොහැකි තත්වයක් බවත් මේ පසුබිම තුළ ගම තුළ කොවිඩ් ව්‍යාප්තවීම වැළැක්විය නොහැකි තත්වයට පත් විය හැකි බවත් සෞඛ්‍ය අංශ වාර්තා කරයි.