බස්නාහිර පළාත දින තුනක කාලයක් ඇඳිරි නීතියට යටත් කරන බව ප්‍රකාශ කිරීමත් සමග බස්නාහිර පළාතෙන් පිටවූ පුද්ගලයන් ද, කුලියාපිටියෙන් පිටතට ගිය පුද්ගලයන් ද දින 14ක් ඔවුන් සිටින තැන්වලම නිරෝධායනය කෙරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රොහණ මාධ්‍යයට පැවසීය.
තමන් සිටින ස්ථානලම දින 14ක් නිරෝධායනය නොවන පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන නීතිය අනුව කටයුුතු කිරීමට සූදනම් බවත් ඔහු ප්‍රකාශ කළේය.
දිනක පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට බස්නාහිර පළාතටත් ඇඳට නීතිය පැනවීමට පෙර විශාල පිරිසක් බස්නාහිර පළාතෙන් පිට වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.