බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශ්‍රාම දීමනා ජිවන වියදම් දර්ශකයට සමානුපාතිකව ඉහළ දමන්න සූත්‍රයක්! පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නිර්දේශයක්!

by editor
නොවැම්බර් 30, 2023
in පුවත්
pension
Share on FacebookShare on Twitter

විශ්‍රාමික දීමනා පවත්නා ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව ඉහළ නැංවීමට  යම් කිසි සූත්‍රයක් සකස් කරන ලෙස  ක්‍රම සහ විධි  පිළිබඳ කාරක සභාව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට  නිර්දේශ නිරදේශ කළේය.

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ  සභාපතිත්වයෙන් ඊයේ (29)   පාර්ලිමේන්තුවේදී  රැස්වූ අවස්ථාවේදීය.

ක්‍රම සහ විධි  පිළිබඳ කාරක සභා සභාපති පාඨලී චම්පික රණවක…

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද, විශ්‍රාමිකයන්ගේ සංගම් නියෝජිතයන් ද, මේ රැස්වීම සඳහා කැඳවා තිබිණ.

දැනට සක්‍රීය විශ්‍රාමිකයන් ලක්ෂ 7 කට අධික ප්‍රමාණයක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ව සිටින බව දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් මෙහිදී අනාවරණය වූ අතර, යම් පිරිසක් පරීක්ෂණ, මියයාම් යනාදී හේතු නිසා සක්‍රීය තත්ත්වයේ නොසිටින බවත් හෙළිවිය.

වසරකට විශ්‍රාමිකයන් 26000 ක් පමණ (සිවිල් 19000, ත්‍රිවිධ හමුදා 7000)  සක්‍රීය තත්ත්වයට එකතු වන අතර, 20000 ක් පමණ මියයාම හේතුවෙන් විශ්‍රාමික ලැයිස්තුවෙන් ඉවත් වන බව මෙහිදී අනාවරණය විය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

මසක් සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහා රු. බිලියන 413 ක් පමණ වෙන් කර ඇති බවත්, අවු. 55 සම්පූර්ණ කොට විශ්‍රාම යන අය සඳහා ඉල්ලා සිටින පරිදි විශ්‍රාම වැටුප මෙන් 24 ගුණයක් පාරිතෝෂික ලෙස ගෙවන අතර, එය වසර 10 ක් ඇතුළත විශ්‍රාම වැටුපෙන් අඩු කර ගන්නා බවත් වාර්තා විය.

විශ්‍රාමික නියෝජනය…

2016.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන් සඳහා සිදු කරන ලද වැටුප් වැඩි වීම 2020.01.01 දක්වා අදියර 5ක් යටතේ ක්‍රියාත්මක වූ බවත්, 2020.01.01 දිනෙන් පසු විශ්‍රාම ලැබූ අයට එම වැටුප් වැඩි වීම අනුව ගලපන ලද සම්පූර්ණ විශ්‍රාම වැටුප ලැබීම හේතුවෙන් 2017 ට පෙර විශ්‍රාම ලැබූ අය හා 2020න් පසු විශ්‍රාම ලැබූ  අය අතර විශාල විශ්‍රාම වැටුප් විෂමතාවයක් ඇති වී ඇති බවත් මෙහිදී සාකච්ඡා විය.

2020.01.01 දිනට ලැබිය යුතු විශ්‍රාම වැටුප් වර්ධකය අත්හිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින්  ගත් තීරණයද ඊට හේතු වු බවත් ඊට අමතරව ගුරු විදුහල්පතිවරුන් සඳහා 2021 දී සිදු වූ වැටුප් වැඩි වීම හේතුවෙන් 2017/01/01 ට පෙර විශ්‍රාම ලැබු පිරිසට දැඩි විශ්‍රාම වැටුප් විෂමතාවයක් උද්ගත වී ඇති බවත්, මෙහිදී සඳහන් විය.

එමෙන්ම, රාජ්‍ය සේවකයන්ට 2024/01/01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රු.10,000ක වැටුප් වැඩි වීමක් ලබා දුන්නද විශ්‍රාමිකයන්ගේ දීමනාව වැඩි කර ඇත්තේ රු.2500/ක් පමණක් බවත්, වැටුප් වැඩිවීම හා සලකා බලන විට විශ්‍රාම වැටුප් වැඩි වී ඇත්තේ 25%ක ප්‍රමාණයකින් බවත් එම වැඩිවීම ජීවන වියදම වැඩි වීම හමුවේ කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් විශ්‍රාමිකයෝ කාරක සභාව හමුවේ ප්‍රකාශ කළහ.

විශ්‍රාමික දීමනා, මානුෂික ව සළකා බලා පවත්නා ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව  ඉහළ නැංවීම සඳහා යම් කිසි සූත්‍රයක් සකසන ලෙස සභාපතිවරයා නිර්දේශ කළේය.

අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ 2016.01.01 දිනෙන් පසු විශ්‍රාම ගිය අයට හිමිවන අතර, එම දිනට පෙර විශ්‍රාම ගිය අයට ද, එම ප්‍රතිලාභ ලැබෙන ආකාරයකින් රක්ෂණ ක්‍රමය පුළුල් කළ යුතු අතර, එමගින් රෝහල්ගත වීම් දීමනා, සැත්කම් දීමනා, මරණ පාරිතෝශික දීමනා යනාදිය අදාළ දිනට පෙර විශ්‍රාම ගිය අය සඳහා ද ලබාදීමේ අවශ්‍යතාව විශ්‍රාමිකයන්ගේ පාර්ශවයෙන් අවධාරණය කෙරිණ.

අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ 2016.01.01 දිනට පෙර විශ්‍රාම ලැබූවන් සඳහා ද ලබා දීමේ හැකියාව සොයා බලන ලෙස කාරක සභා සභාපතිවරයා විසින් උපදෙස් ලබා දුන්නේය.

විශ්‍රාමිකයන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ බලයලත් නියෝජිතයෙකු පත් කරන ලෙසත්  සහ විශ්‍රාමික සංගම් නියෝජිතයන් හා එම බලයලත් නිලධාරියා අතර මූලික සාකච්ඡාව දෙසැම්බර් 15 වෙනි දින උදේ 9.00ට පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන ලෙසත්  කාරක සභා සභාපති පාඨලී චම්පික රණවක   මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

වැඩිහිටි දීමනාව ලබා ගන්නා අය ද, ආබාධිත පුද්ගලයන්ද සමාජීය ප්‍රතිලාභ ලැබිය යුතු අයගේ ලැයිස්තුවට (Social Registry)  ඇතුලත් කළ යුතු බවත්, විශ්‍රාම වැටුප් ගෙවීමට සැළකිය යුතු බලපෑමක් සිදුවන බැවින් විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මරණ ඉක්මණින් යාවත්කාලීන කළ හැකි ඩිජිටල් ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව ද, මෙහිදී අවධාරණය කෙරිණ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දින තුනකට පෙර අතුරුදන් තරුණියගේ  කබරයින් කෑ මළසිරුර වැලිපැන්න ඇලේ මීගමු තොටුපළ අසල

Next Post

විශිෂ්ටම හෝටල් සේවා  සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම් ලබයි!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.