දිනසේන රතුගමගේ –
යාපනය හා වවුනියාව අධිකරණ ඉතිහාසයේ මුල් වරට ලාබාල විනිසුරුවරියෝ දෙදෙනෙක් පත්ව සිටිති.
යාපනයේ විනිසුරුවරියක වශයෙන් තේරී පත්ව සිටින මධුරී නිරෝෂන් මහත්මිය 31 හැවිරිදිය. ඇය යාපනයේ සුළිපුරම් වික්ටෝරියා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ශිෂ්‍යාවකි.
විනිසුරුවරුන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණයේදී මධුරී නිරෝෂන් මහත්මියට 12 වෙනි ස්ථානය හිමි වී තිබේ.
මේ අතර වවුනියාව අධිකරණයට විනිසුරුවරිය වශයෙන් පත්ව ඇති මංජුලා අමිර්තලිංගම් මෙනෙවියට මේ වනවිට වයස අවුරුදු 33 කි.
වවුනියාවේ රම්බෙයිකුලම් ශාන්ත අන්තෝනී බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති ඇය විනිසුරුවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයෙන් 18 වෙනි ස්ථානය හිමි කරගෙන තිබේ.
මේ දෙදෙනාම ලබන මස 1 වෙනිදා විනිසුරු පදවිවල දිවුරුම් දීමට නියමිතය.