ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් විනිසුරුවන් ශ්‍රේණිගත කිරීම් වලදී නියමිත සුදුසුකම් නොමැති විනිසුරුවන් කිහිප දෙනකු පැරෂුට් මගින් ඉහළ ශ්‍රේණිවලට බස්සවා ඇතැයි වාර්තා වේ.
මෙම විනිසුරුවන් ශ්‍රේණි ගත කිරීම ඒ සඳහා වන විභාග , ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ , නායක හා තරග තීරක වාර්තා පදනම් කරගෙන විනිසුරු කමිටුව මගින් සිදු කරනු ලබයි.
තමන්ට චන්දය ලබාදෙන ක්‍රීඩා සමාජ වල නිලධාරින්ගෙන් සමන්විත මෙම විනිසුරු කමිටුවේ සිටින්නේ ඒ පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති පිරිසක් බවත් ඔවුන් වැඩ කරන්නේ ඉහළ පුටුවල සිටින නිලධාරීන්ගේ අවශ්‍යතා අනුව බවත් විනිසුරුවෝ පවසති.
මෙම නුසුදුසු විනිසුරුවන් ඉහළ ශ්‍රේණියේ තරග වලට එවීමෙන් ඔවුන් ලබා දෙන දුර්වල තීන්දු හේතුවෙන් තරග තීරණ පවා වෙනස් වන බවට ක්‍රීඩකයෝ චෝදනා කරති.