බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරයේ විමර්ශන 90% ඉවර බව කියන්නේ දේශබන්දු ගැලනිගම දී මුදාහැරිය ලොරිය ගැනවත් පරීක්ෂණ කරල ද?- සිරිල් ගාමිණි පියතුමා ටිරාන් අලස්ගෙන් අසයි!

by editor
නොවැම්බර් 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සියයට 90ක් නිමා කර ඇති බව පොලිසිය භාර ඇමති ටිරාන් අලස් පවසන්නේ මෙම ප්‍රහාරයට සම්බන්ධ අතිශය වැදගත් සිදුවීමක්වන   දක්ෂිණ අධිවේගී මාර්ගයේ, ගැළනිගම පිවිසුමෙන්  පිටවූ ලොරියක් නවතා එය පරීක්‍ෂා කිරීමට  උත්සාහ කළ   පොලිස් සැරයන්වරයාට  ලොරි රථය  පරික්ෂා නොකර   පිටත් කිරීමට    බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නියෝග කළ සිද්ධිය පිළිබඳව හෝ විධිමත් පරීක්ෂණයක්  පැවැත්වීමෙන් අනතුරුවදැයි  සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා අද (27)   ඇමති ටිරාන් අලස්ගෙන් විමසා සිටයේය.

පසුගිය  2019 අප්‍රියෙල් 05 දින අළුයම 03:00 පමණ එම ස්ථානයේ සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයාට දේශබන්දු තෙන්නකෝන් විසින්  මෙම නියෝගය ලබා දෙන්නේ කුමන පදනමක් මතද, මෙම ලොරියේ අයිතිකරු කවුද? එම ලොරිය පැමිණියේ කොහි සිට ද? එම ලොරියේ පටවා තිබුණේ මොනවා ද?  යන්න සම්බන්ධව කළ පරීක්ෂණයේ ප්‍රතිඵල මොනවා දැයි සිරිල් ගාමිණී පියතුමා වැඩිදුරටත් පොලිස් ඇමතිවරයාගෙන් ඇසුවේය.

මහජන ආරක්ෂාව පිළිබද ඇමති ටිරාන් අලස් ඇමතිවරයා කාදිනල් තුමන් පිළිබඳව පාර්ලිමේන්තුවේ දී කළ කතාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා  මෙම මාධ්‍ය සාකච්ඡාව  අද සවස     සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමාගේ ප්‍රධානත්වයෙන් අගරදගුරු මැදුරේ දී පැවැත්විනි.

එහිදී සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා විසින් කළ සම්පූර්ණ කරුණු පැහැදිලි කිරීම මෙසේය.

මහජන ආරක්ෂාව සහ පොලීසිය බාර ඇමැති ටිරාන් අලස් මහත්මා පසුගිය දා පාර්ලිමේන්තුවේ දි  පාස්කු ප්‍රහාරය ගැන කරුණු කීපයක් හෙළිදරව් කළා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

  1. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන 90% ක් සම්පූර්ණ කර තිබෙන බව.
  2. 2020 මැතිවරණයෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත් කළ පළමුවෙනි ඇමැති මණ්ඩලයේ අධිකරණ අමාත්‍ය ධුරය අලි සබ්‍රි මහත්මයාට ලබා දෙන්න එපා කියලා  කාදිනල් හිමිපාණන්  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට   කීවේ යැයි  හිටපු ජනාධිපතිවරයා උදය ගම්මන්පිල මහත්මාට දුරකථනයෙන් පැවසූ බව.
  3. කාදිනල් හිමියන් එසේ  ඉල්ලීමක් කර ඇත්තේ  ඔහු මුස්ලිම් ජාතිකයකුවූ නිසා බව.
  4. පාස්කු ප්‍රහාරය ගැන කතා කරමින් ජාති භේද ආගම් භේද අවුස්සන්න එපා කියල මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති කාදිනල් තුමාගෙන් ඉල්ලීමක් කරනවා.
  5. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව ශ්‍රී ලංකා කතෝලික රදගරු සමුළුවට ලබා දීල ඒ වන විට කර තිබෙන විමර්ශන කටයුතු ගැන පැහැදිලි කරන්න දිනයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒකට මේ වෙනකම් ප්‍රතිචාරයක් ලබා දුන්නෙ නෑ කියලා ටිරාන් අලස් අමාත්‍යවරයා කියනවා.

මෙන්න මේ කරුණු කිහිපයට පිළිතුරු දීමටයි මේ මාධ්‍ය හමුව පවත්වන්නෙ.

  1. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන 90% ක් සම්පූර්ණ කරල තියෙනව කියලා ටිරාන් අලස් අමාත්‍යවරයා කරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. තවමත් විමර්ශන නොකළ සිද්ධි සහ කරුණු ගණනාවක් පිළිබඳව පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍යය සහ යුක්තිය සෙවීම පිළිබඳ ජාතික කතෝලික කමිටුව 2023 ඔක්තෝබර් 09 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මාට යැවූ ලිපියේ සඳහන් කළා

ඒ කරුණු සැකෙවින් මෙසේ ය.

  • IP ලිපිනය ඔස්සේ CID විසින් හඳුනාගෙන ප්‍රශ්න කිරීමට සූදානම්ව තිබූ, එහෙත් බුද්ධි අංශ නිදහස් කරගත් පුද්ගලයා කවුද?
  • ‘සොනික් සොනික්’ යන සංකේත නාමයෙන් හැඳින්වූ පොලිස් පරීක්‍ෂක බණ්ඩාරගෙන් ප්‍රශ්න කිරීම, රාජ්‍ය බුද්ධි සේවය විසින් නතර කළේ ඇයි?
  • සොනික් – සොනික් නමැති අන්වර්ත නාමයෙන් හැඳින් වූ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව කටයුතු කළ පොලිස් පරික්ෂක බණ්ඩාර නමැත්තා පොඩි සහරාන් සමග තිබූ සබඳතාවය කුමක් ද? ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කළේ ද? . එසේ නම් ඒවායින් හෙළිදරව් වූ කරුණු මොනවා ද?
  • සහරාන්ට ඉහලින් සිටි අබු හින්ද් නමැති සංකේත නාමයෙන් හැඳින්වූ පුද්ගලයා පිළිබඳව වැඩි දුර විමර්ශන සිදුවී ද? ජනාධිපති විමර්ශන කොමිසමේ සභාපති විනිශ්චයකාර තුමන් විසින් කොළ කැබැල්ලක සටහන් කොට, රජයේ අධිනීතීඥවරයා මගින්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහත්මා වෙත එවූ නම කුමක් ද? මේකාරණා පිළිබඳව වැඩි දුරවිමර්ශන කර තිබේ ද?
  • ජමීල් සමග හමුදා බුද්ධි අංශයේ තිබූ සබඳතාවය කුමක් ද?
  • ජමීල් ටාජ් සමුද්‍රා හෝටලයෙන් පිටවීමට පෙර ඔහුට දුරකථන ඇමතුම ලැබුණේ කවර පුද්ගලයකුගෙන් ද? ටාජ් සමුද්‍රා හෝටලයේ දී බෝම්බය පුපුරුවා නොගෙන එයින් පිටව යාමට එම දුරකථන පණිවුඩයෙන් උපදෙස් ලැබුණේ ද? මෙවැනි කරුණු පිළිබඳව වැඩි දුර විමර්ශන සිදුවූයේ ද? එසේ නම් ඒ විමර්ශනවල ප්‍රතිඵල මොනවා ද?
  • ජමීල්ව විමර්ශනය කරමින් සහ ඔහුව නිරීක්‍ෂණය කරමින් සිටි හමුදා බුද්ධි අංශ නිලධාරින් කවුරුන් ද? ජමීල් සමග ඔවුන්ගේ තිබූ සම්බන්ධතාවය කුමක් ද? (ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව, 219, 220 පිටුව) ජමීල් පිළිබඳවත්, ඔහුගේ සැලසුම් පිළිබඳවත් හමුදා බුද්ධි අංශ නිලධාරින් සතුව තිබූ තොරතුරු මොනවා ද? මෙම සැලසුම් පිළිබඳ තොරතුරු ඔවුන් ‘ අනෙකුත් බුද්ධි ආයතන සමග බෙදා නොගත්තේ ඇයි? මොහු පසුපස ගිය බුද්ධි අංශ නිලධාරීන්, ඔහු ගැන දැන දැනත්, ඔහුට නිදැල්ලේ යන්නට හැර සිය දිවි නැතිකර ගන්නට ඉඩ දීමෙන්, මේ ප්‍රහාරය පිළිබඳ සාක්ෂි වසන් කිරීමට කටයුතු කළේ ඇයි?
  • දක්ෂිණ අධිවේගී මාර්ගයේ, ගැළනිගම පිවිසුමෙන් 2019 අප්‍රියෙල් 05 දින අළුයම 03:00 ට පමණ පිටවූ ලොරියක් නවතා එය පරීක්‍ෂා කිරීමට, එම පිවිසුමේ රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන් රත්නකුමාර (37973) සූදානම් වූ අවස්ථාවේ එම පරීක්‍ෂා කිරීම වහාම නතර කොට, ලොරියට යන්නට දෙන්නැයි එම පොලිස් සැරයන්වරයාට දුරකථන ඇමතුමක් ලැබිණි. එම දුරකථන ඇමතුම දෙන ලද්දේ ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසිනි. ඔහු පොලිස් සැරයන් වරයාට නියෝග කර ඇත්තේ, ලොරිය පරික්ෂා කිරීමකින් තොරව මුදා හරින ලෙසයි.

මේ සිද්ධිය පිළිබඳව පොලිස් සැරයන් රත්නකුමාර (37973) විසින් 2019. 04. 05 දින පැය 03:10 ට තොරතුරු පොතේ 333 පිටුවේ, 92 වන ඡේදයේ සටහන් කර තිබේ.

මෙම ලොරියේ අයිතිකරු කවුද? එම ලොරිය පැමිණියේ කොහි සිට ද? එම ලොරියේ පටවා තිබුණේ මොනවා ද?

එම ලොරිය ගියේ කොතැනට ද? ජ්‍යෙ. නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ලොරිය නිදහස් කිරීමට නියෝග දුන්නේ ඇයි? මේ ලොරිය පරීක්‍ෂා කිරීමකින් තොරව නිදහස් කරන්නැයි දුරකථනයෙන් නියෝග දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මා හොඳින් දැන සිටිය යුතුය. ඒ පිළිබඳව මේ දක්වා විමර්ශන කර තිබේ ද?

මේ කරුණු පිළිබඳව විමර්ශන සිදු නොවූ බව අපි පැහැදිලිවම දන්නවා. ඒ නිසා විමර්ශන 90% ක් නිම කරලා තියෙනවා කියන ටිරාන් අලස් අමාත්‍යවරයාගේ ප්‍රකාශය අපි මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා.

  1. 02. අලි සබ්‍රි මහත්මයාට අධිකරණ අමාත්‍ය ධුරය ලබා දෙන එකට කාදිනල් හිමිපාණන් විරුද්ධ වීම පිළිබඳව පැහැදිලි කිරීමක් කිරීම අවශ්‍යයයි. ටිරාන් අලස් අමාත්‍යවරයා එම ඉල්ලීම ජාතිවාදී සහ ආගම්වාදී ඉල්ලීමක් කියල අර්ථ ගන්වමින් පාර්ලිමේන්තුවත් රටේ ජනතාවත් නොමග යවන්නට උත්සාහ දරන බව පළමුවෙන්ම අපි ප්‍රකාශ කරන්න කැමැතියි. කාදිනල් හිමිපාණන් ඒ පත්වීමට විරුද්ධ වුණේ ජාතිවාදී අරමුණකින් නොවන බව අපි පැහැදිලිව ප්‍රකාශ කරන්න අවශ්‍යයි.
  2. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ වගේම පොදු ජන පෙරමුණ පක්ෂයේත් මැතිවරණ වේදිකාවල දිගින් දිගටම දුන්න පොරොන්දුවක් වුනේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍යය සහ සාධාරණත්වය ඉෂ්ඨ කරන බව.ඒ සඳහා විධිමත්, විනිවිද බවින් යුත් සාධාරණ විමර්ශනයක් සිදු කොට සැබෑ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමේ ක්‍රියාවලිය ස්වාධීනව ඉටුකරවා ගැනීමේ අවශ්‍යතාවය කාදිනල් හිමිපාණන් ඇතුළු කතෝලික සභාවට තිබුණා.

එවැනි තත්ත්වයන් යටකේ වඩාත් ස්වාධීනව ඒ කටයුත්ත කළ හැකි පුද්ගලයකු අධිකරණ අමාත්‍ය ධූරයට පත් කිරීම වඩාත් යෝග්‍ය බව අපි කල්පනා කළ නිසයි කාදිනල් හිමිපාණන් මේ ඉල්ලීම කළේ.

  1. පාස්කු ඉරිදා ප්‍රහාරය දඩමීමා කරගෙන ජාති සහ ආගම්වාදය අවුස්සමින් කටයුතු කිරීමට කාදිනල් හිමිපාණන්ට අවශ්‍ය වුණා නම් 2019 අප්‍රියෙල් 21 දිනම එය කරන්නට තිබුණා. ජාතිවාදි සහ ආගම්වාදී කෝලහාල ඇති කරලා රට ලේ විලක් බවට පත්වීම වැළැක්වූයේ අති උතුම් කාදිනල් හිමිපාණන් බව ටිරාන් අලස් අමාත්‍යවරයා නොදන්නවා උනාට නැතිනම් එය නොදන්නවා වගේ හැසිරෙන්න උත්සාහ කළාට, මේ රටේ බෞද්ධ, මුස්ලිම්, හින්දු, ක්‍රිස්තියානි, කතෝලික බහුතරයක් ජනතාවට එය තවමත් මතක තිබෙන බව අපි දන්නවා. වඳ කොත්තු, වඳ බෙහෙත්, වඳ සැත්කම් පිළිබඳව අමූලික බොරු පතුරුවමින් ආගම්වාදය, ජාතිවාදය අවුස්සලා බලය දිනාගන්න කටයුතු කළේ කවුද කියන එකත් ටිරාන් අලස් ඇමැතිවරයාට අමතක වුණාට මේ රටේ බහුතරයක් ජනතාවට ඒවා හොඳටම මතක බවත් ටිරාන් අලස් ඇමැතිවරයාට මතක් කරල දෙන්න අපි කැමැතියි.

ඒ වගේම ටිරාන් අලස් අමාත්‍යවරයා මේ ජාතිවාදි ආගම්වාදී ප්‍රකාශයට තවත් කාරණයක් එල්ලන්නට කටයුතු කළා. බෞද්ධ නිලධාරියෙක්ව යම් තනතුරකට පත් කරන්න යනව නම් ඒකට විරුද්ධව ලියුම් එවනවා කියලත් ඔහු කියනවා. පොලිස්පති තනතුරට දේශබන්දු තෙන්නකෝන් හෝ නිලන්ත ජයවර්ධන යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ව පත් කිරීමට කතෝලික සභාව විරුද්ධ බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පැහැදිලිවම ජනාධිපතිවරයාට 2023 මාර්තු 9 දිනැති ලිපියකින් දැනුම් දුන්නා. එයට මූලික හේතුව ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සඳහන් කරන්නේ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා තම වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටු නොකිරීම නිසා ඒ පිළිබඳව ඔවුන් දෙදෙනාටම එරෙහිව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පැහැදිලි නිර්දේශ ඉදිරිපත් කර තිබීමයි.

එසේම අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද 2023 ජූනි 26 වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මා වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියේ “මාගේ ස්ථීර සහ හොඳින් සලකා බලා එළඹි අදහස වන්නේ, එකී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන, නිලන්ත යවර්ධන මහතා සහ එකී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා යන දෙදෙනාම පාස්කු ඉරිදා ප්‍රහායේ දී සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් තම රාජකාරිය ඉටු කිරීමට අපොහොසත් වූ නිලධාරින් දෙදෙනකු වන බැවින් ද 2022 ජනවාරි 11 දා බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ දී සක්‍රීය අත්බෝම්බයක් හමුවූ සිද්ධිය සම්බන්ධයෙන් හරියාකාර පරික්ෂණයක් පැවැත්වීමට දේශබන්දු තෙන්නකෝන් මහතා මැලිවීම නිසා ද පොලිස්පති වැනි මේ රටේ ඉහළම තනතුරකට නාම යෝජනා කරනු ලැබීමට තරම්වත් නිපුණත්වයේ සහ වෘත්තිමය ක්‍රියාකාරී බවේ කැපී පෙනෙන ලකුණු ඔවුන් තුළ නොමැති බවය.”

ඉහත කී ලිපි දෙකෙන්ම කතෝලික සභාව ප්‍රකාශ කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ කිසිවක් මේ දක්වා ක්‍රියාත්මක නොවී ඇති පසු බිමක ඔවුන්ගෙන් කෙනෙකු මහජන ආරක්ෂාව සහ සාමය ආරක්ෂා කිරීමේ වගකීම ඇති ශ්‍රී ලංකා පොලිසියේ උසස්ම ධුරයට පත් කිරීමට අපට එකඟ විය නොහැකි බවයි. නොඑසේ ව ඔවුන් සිංහල බෞද්ධයන් වීම නිසා නොවේ. එසේ විරුද්ධ වීම ආගම්වාදී හේතුවක් මුල් කරගෙන සිදු කළ

දෙයක් බව රටේ උත්තරීතරම ආයතනය යැයි කියන පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරමින් ආගම්වාදය අවුස්සන්නට උත්සාහ දරන්නේ මේ රටේ පොලීසිය බාර ඇමැති ටිරාන් අලස් මහත්මයා බව ඉතාම පැහැදිලිය.

අලි සබ්‍රි අමාත්‍යවරයා පිළිබඳ ප්‍රකාශය පසුපස තිබෙන්නේ මේ ජාතිවාදී සහ ආගම්වාදය ඇවිස්සීමේ අරමුණම ය.

පසුගිය ජනාධිපතිවරණය මෙන් ම මහමැතිවරණය ලංවෙද්දි විනාශකාරී ජාතිවාදි සහ ආගම්වාදී පසුබිම සැකසුවා සේම 2024 මැතිවරණ වසරක් විය හැකි බව ප්‍රකාශ වී තිබෙන පසුබිමක, ඊට සූදානමක් ලෙස ජාතිවාදයේ සහ ආගම්වාදයෙන් ජනතාව අවුස්සා මේ රට ලේ විලක් කරන්නට ටිරාන් අලස් අමාත්‍යවරයා වැන්නවුන් දරන නීච උත්සාහයන්ට තවදුරටත් නොරැවටෙන්නෙැයි අපි මේ රටේ ජනතාවගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටිනවා.

  1.  පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව ලබා දීමෙන් පසුව, ඒ පිළිබඳව කර තිබෙන විමර්ශන ගැන පැහැදිලි කරන්න අවස්ථාවක් ලබා නොදීම ගැනත් පැහැදිලි කරන්න අවශ්‍යයයි.

පිටු 40000 ක් පමණ ඇති එම වාර්තාව අපේ නීතිඥවරු අධ්‍යයනය කරමින් සිටිනවා. ඒ අධ්‍යනයෙන් පසුව අපේ මතය අපි ප්‍රකාශ කරනවා. නමුත් කරපු විමර්ශන ගැන අපට පැහැදිලි කිරීම නොවෙයි අවශ්‍ය තවමත් කර නැති අපි ඉහත සඳහන් කළ කරුණු පිළිබඳව වගේම බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විකාශය කළ වාර්තා වැඩසටහන මගින් හෙළිදරව් කළ කරුණු පිළිබඳවත් විනිවිද බවින් යුතු සාධාරණ සහ ස්වාධීන විමර්ශනයක් සිදු කිරීමයි.

කාදිනල් හිමිපාණන් වගේ ම ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවත් ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර විමර්ශනයක් නොවෙයි, පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ සිට මූලික විමර්ශන සිදු කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධුර කාලයේ දී මාරුවීම් ලබා දුන් විමර්ශන නිලධාරින් ද ඇතුළත්, දේශීය විමර්ශන කණ්ඩායමක් මගින් සිදු කරන විමර්ශනයක්.

නමුත් එම විමර්ශනවලට දේශපාලන බලපෑම් සිදු වීම වළක්වා ගැනීම සඳහා ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක අධීක්‍ෂණය යටතේ මෙම විමර්ශනය සිදු කළ යුතු බවයි කතෝලික සභාවේ ඉල්ලීම.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ 273 දෙනා සහ තුවාල ලබා තම ජීවිතයේ අනාගතය සම්පූර්ණයෙන්ම අඳුරු කරනු ලැබූ 500 ක් පමණ වන වින්දිතයින් වෙනුවෙන් සත්‍යය යුක්තිය සහ සාධාරණත්වය ඉල්ලා හඬ නැගීම ජාතිවාදය හෝ ආගම්වාදය ඇවිස්සීමක් ලෙස අර්ථකථනය කරමින් සහ 90% විමර්ශන සම්පූර්ණ බව ප්‍රකාශ කරමින් කරන අමූලික අසත්‍ය ප්‍රකාශ මගින් උත්සාහ දරන්නේ ඒ සාධාරණ හඬ නංවීම යටපත් කොට මේ අපරාධයේ සැබෑ අපරාධකරුවන් ආරක්ෂා කිරීමට බව ඉතා පැහැදිලිය.

2005 පැවැති ජනාධිපතිවරණ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහත්මා ජනාධිපති වීම වළක්වා මහින්ද රාජපක්ෂ මහත්මයාව ජයග්‍රහණය කරවීම සඳහා උතුරු නැගෙනහිර ජනතාව ඡන්දය දීමෙන් වැළැක්වීම සඳහා රුපියල් මිලියන 784  එල්. ටී. ටී. ඊ. සංවිධානයට ලබා දුන් බව 2013 දෙසැම්බර් 21 දා පැවැති එ.ජා.ප. වාර්ෂික හමුවේ දී වර්තමාන අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහත්මා ප්‍රකාශ කළා.

එවකට විජේදාස රාජපක්ෂ එ.ජා.ප මන්ත්‍රීවරයෙක්. අද ඔවුන් දෙදෙනාම රනිල්වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඇමැති මණ්ඩලයේ වගකීම් දරන ඇමැතිවරු බවට පත්ව සිටීම මහා විහිළුවක්. තම තමන් කළ වැරදි, දූෂණ, වංචා වසා ගැනීම සඳහා මේ දූෂිත දේශපාලන ඉතිහාසය අමතක කිරීමට ජනතාව පෙළගස්වා ඔවුන්ගේ ඡන්දය දිනා ගැනීමට ඕනෑම දෙයක් කරන දේශපාලන සංස්කෘතියක් ඇති රටක පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍ය සොයා හඬ නැගීම, සැබෑ අපරාධකරුවන් සොයා ගැනීමට උත්සාහ දැරීම, වසර 4 කට අධික කාලයක් යටපත් කිරීමට නොහැකිවීම, මෙවැනි දූෂිත බලලෝභී දේශපාලකයින්ගේ පරාජයක් වුවත් එය මේ රටේ සාධාරණ සහ යුක්තිගරු ජනතාවගේ ජයග්‍රහණයක් බවට පත්වීම වළක්වන්න බැරි  බව ටිරාන් අලස් අමාත්‍යවරයාට මතක් කර දෙන්න අපි කැමැතියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව ක්‍රීඩා ඇමති හරින්… වාරිමාර්ග පවිත්‍රාට…

Next Post

උතුරේ යුක්තිය පසිඳලන්නට එන ලාබාල තරුණ විනිසුරුවරියෝ!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.