දිනසේන රතුගමගේ
පැමිණිල්ලක් විභාග කිරීම සදහා පොලිස් යතුරු පැදියකින් කිළිනොච්චියේ මරදන්කේණී ප්රදේශයට ගිය පොලිස් කොස්තාපල්වරයෙකුට අයත් යතුරු පැදියට අපරාධකරු විසින් ගිනි තබා පලා ගොස් තිබේ.
සැකකරු යතුරු පැදියට ගිනි තැබීමත් සමගම අසල වෙළද සැලක සිටි තරුණයින් පිරිසක් වහාම ක්රියාත්මක වී යතුරු පැදිය බේරා ගෙන ඇත.
පෙරේදා (23) සිදුවූ මෙම සිද්ධියෙන් යතුරු පැදියේ එන්ජිම කොටසට හානි සිදුව තිබේ.
සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා මරදන්කෙණී පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.