අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරගලය පසුපස සිටියේ අගමැති කම අපේක්ෂා කළ නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් ද?… ජනපතිට සැකයක්!

ජනපති පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සැක මුසු තැන් මතු කරමින් ප්‍රශ්න කරයි...

by editor
නොවැම්බර් 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අරගලය පවතින අවස්ථාවේ දී මන්ත්‍රීවරයෙක් ලෙස පත්වීමෙන් පසු රටේ අගැමැතිකම භාරගන්නට නීතිඥ සංමයේ හිටපු සභාපති සාලිය පීරිස් සූදානම් වී සිටි බවත් ඔහු සිටියේ අගමැති තනතුර භාර ගැනීම සඳහා සූට් මසාගෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා ඉඟි කලේ සිදුවූයේ කුමක්දැයි කිසිවෙක් මේ වනතුරුත් නොදන්නා බලය ඇල්ලීමේ කුමන්ත්‍රණය පසුපස නීතිඥ සංගමයේ යම් භූමිකාවක් තිබුණු බවය.

අරාබි විප්ලවය වැනි දෙයක් නිර්මාණය කිරීමට යම් කණ්ඩායමකට අවශ්‍ය වූ බවත් යම් ආකාරයකින් තමන්ගේ නිවස පිලිස්සූ වෙලාවෙ තමන් ඉවත් වූයේ නම් එම හිඩස පුරවන්නට මේ නිර්පාක්ෂික කොටස් බලා සිටි බවත් ජනාධිපතිවරයා පැවසුවේය. අනතුරුව ඔවුන්ගේ අවසාන උත්සාය වූයේ පාර්ලිමේන්තුව වැටලීම බව ජනාධිපතිවරයා පැවසුවේය.

“කවුද මෙතන හිටියෙ. කවුද කෝට් මහලා හිටියෙ. හිතුවද විපක්ෂ නායකතුමා අගමැති කම  ගත්තේ නැතිනම් මටයි ඒක එන්නේ කියලා. මේකට සම්බන්ධ වුන හැම කෙනාම කවුද ආරක්ෂා කළේ. කාගේ නීතඥයො ද ගියේ.”

“අප්‍රේල් මාසෙ පාර්ලිමේන්තුව වට කරද්දි එතන  මොකක්ද සිදුවුනේ. එතනදි නීතිඥයො විසිපහක් තිහක් මහේස්ත්‍රාත් උසාවියට ගිහින් ඒ අයව නිදහස් කරගත්තා.  මහේස්ත්‍රාත්ගේ යුතුකම තිබුණෙ ඉස්සරවෙලාම පාර්ලිමේන්තුවෙන් අහන්න.  ඔක්කොම යට වුනා. මේ අය (නීතඥයො) පැනගෙන ගියා හැම තැනටම.  ඒ අය බේරගන්න ගියේ. ඒ බේගන්න ගිය එක සාධාරණයි. බේර ගත්තේ නැතිනම් කතාව අහුවුන අය කියනවනේ. ඒකයි මම බැලුවේ මේ ගැන කතා කරන්න.”

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඊයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා  විසින් සිදුකළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයේ දී  පැවසුවේ නීතිඥ සංගමය සමග ගිවිසුම්ගතවීමට තමන්ට කිසිම අවශ්‍යතාවයක් නොතිබුණ බවය.  එබැවින් කිසිම ප්‍රකාශයකට තමන් අත්සන් කළේ නැති බවත් ජනාධිපතිවරයා කීවේය.  ජනාධිපතිවරයා කීවේ මෙවැන්නකි.

“ඒ කාලේ මැයි 09ට කලින් අපි සාකච්ඡා කළා මේ ආණ්ඩුවට ගෙනියන්න බැරිනම්, අයින් උනොත් පළමුවෙන්ම විපක්ෂ නායකතුමා කැඳවන්න ඕන. එතුමට කරන්න බැරිනම් කරන්න පුලුවන් කාට ද කියලා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමු කියලා. අපි එකඟතාවයටක ආවා. ඒ ගැන කිසිම ප‍්‍රශ්නයක් නෑ. අපට ආපහු නීතිඥ සංගමයක් අවශ්‍ය නෑ.

ඔය නීතිඥ සංගමයට සමහර පක්ෂ නායකයින් ගියා සාකච්ඡා කරන්න. මට තේරුණේ නෑ ඒක. නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න තිබ්බා අපි එක්ක  සාකච්ඡා කරන්න. ඒ වෙනුවට සමහර පක්ෂ නායකයෝ දුවන් ගියා නීතිඥ සංගමයේ ප්‍රධාන කාර්යාලයට. මා එතෙන්ට ගියෙත් නෑ, මං ඒකට සම්බන්ධ වුනෙත් නෑ.”

“ඊලඟට සිදුවුනේ 07 වැනිදා සහ 08 වැනිදා නීතිඥ සංගමය ගිහින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එක්ක කතා කළා. එදා කතා කළේ විපක්ෂ නායකටවත් කාටවත් අගමැති කම  දෙන එක නෙමෙයි. එදා කතා කළේ දේශපාලනයෙන් තොර කවුරුහරි පත්කරන්න ඕන කියලා.”

“ඕන නම් මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා ඒ පුද්ගලයා දාලා ඒ පුද්ගලයට අගමැතිකරම භාර දෙන්න කියලා. මේ කතා කළේ කරු ජයසූරිය මැතිතුමා ගැනවත් නෙමෙයි. ඒ කවුරු ගැනවත් කතා කළේ නෑ. එදා සිකුරාදා වෙනකොට මම දන්නවා, නීතිඥවරු කිව්වා ඒ ගොල්ල බලාපොරොත්තු වුනේ සාලිය පීරිස් මැතුතුමා මන්ත්‍රිවරයෙක් වෙලා අගමැති වෙයි කියලා. ඕක රහසක් නෙමෙයි.”

“අපි ඕක දන්නවා. 09 වැනිදා ඔය වැඩේ වෙනස් වුනා. 09 වැනිදා ඇතිවුන ගොල් ෆේස් සිද්ධියෙන්. මම හිතන්නේ නෑ එදා පාර්ලිමේන්තු කණ්ඩායම මේවා කතා කළා කියලා. එතෙන්ට විපක්ෂ නායකතුමා ගියා. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ගියා. ඒ අය එතැනින් පලවා හැරියා. එතනින් ඒක වෙනස් වුනා. එතකොට හිතුවේ මේක තවත් හොඳයි කියලා නිර්පාක්ෂික අගැමතිවරයෙක් හොයා ගන්න.”

“විපක්ෂ නායකතුමා එදා ගිහින් අගමැති ධූරය භාරගන්න එක ප්‍රතිකිෂේප කළා. ප්‍රතික්ෂේප කළාට පස්සේ ආපහු  මෙතන බලන් ඉන්නවා නිර්පාක්ෂික අගමැති කෙනෙකුට එන්න කියයි කියලා. සූට් මහගෙනලු හිටියේ.”

“දැන් විපක්ෂානයකුමා මේක අරන් නැති නිසා සූට් මහගෙන හිටියා. ( ආණ්ඩු පක්ෂය දෙසට අත දික්කරමින්) ඔබතුමාලගෙ වැරැද්ද. ඔබතුමාල ගිහින් කීවා ජනාධිපතිතුමාට මාව කැඳවන්න කියලා. ඊට පස්සේ මට ඇවිත් කරදර කළා කතා කළොත්  එපා කියන්න එපා ගිහින් හම්බවෙන්න කියලා.”

“ඔයාලා කරපු අපරාදෙ බලන්න. ඒ සූට් එකටත් ගෙවන්න වුනා. තමුන්නාසේල නිසා විශාල නාස්තියක් ඇති වුනා. එච්චරයි උනේ.  “

“මොකක්ද මේ බලවේගය. 09 වැනිදා සංවිධානය වෙලා ඇවිත් ජනාධිපතිව පන්නලා මගේ ගෙරදට ගිනි තිබ්බා.  අපි අපි නායකයින් කැඳෙව්වම  මොකක් ද සිද්ධ වුනේ. අපි දන්නෙත් නෑ.  තීරණාත්මක දවසෙ පැවති සාකච්ඡාවේ දි මට අයින් වෙන්න කිව්වා.  මම කිව්වෙ බහුතරයක් තියන පුද්ගලයෙක් ඉදිරිපත් වෙන්න. එතකොට මම අයින් වෙන්නම් කියලා.  ඒක තමයි නීතිය. මට අයින් වෙන්න කිව්වම මම කිව්වෙ මම අයින් වෙන්නේ නෑ. කවුද එතකොට හිඩස පුරවන්නේ කියලා. කාටවත් බහුතරයක් තිබ්බේ නැතිනම් මොකද කරන්නේ. එහෙමනම් බලය ගන්න වෙන බලවේගයක් තිබුණ ද එදා.”

“මට පුලුවන්වුනා සඳුදා කැබිනට් මණ්ඩලය මුණගැහෙන්න. ඒ පාර හිතුවා මේක හරියන්නේ නෑ ආපහු ගන්න ඕන කියලා බදාදා ලෑස්ති වුනා. ඉස්සරවෙලාම මගේ අගමැති කාර්යාලය ගත්තා. එතන ඉඳන් පාර්ලිමේන්තුවට එන්න හැදුවා. “

“මෙතන පක්ෂ නායකයින් රැස් වුනා. පාර්ලිමේන්තුව බේරගනිමු කියලා කවුද කිවේව. ආණ්ඩු වෙනස් කරන්නයි ඕන වුනේ. ඒ නිසා තමයි මට හමුදාවට කියන්න සිද්ධ වුනේ කොහොමහරි මේක (පාර්ලිමේන්තුව) බේරගන්න කියලා.”

මේ ගැන සුමන්තිරන් මන්ත්‍රීවරයා පිළිගන්නෙ නැතිනම් පාර්ලිමේන්තු කොමිටියක් දාලා හොයලා බලන්න. කවුද මේක පිටිපස්සේ හිටියෙ. කවුද මේක සංවිධාන කළේ. අපටත් ඒක ප්‍රශ්නයක්.

කවුද මෙතන හිටියෙ. කවුද කෝට් මහලා හිටියෙ. හිතුවද විපක්ෂ නායකතුමා (අගමැතිකම) ගත්තේ නැතිනම් මටයි ඒක එන්නේ කියලා. මේකට සම්බන්ධ වුන හැම කෙනාම කවුද ආරක්ෂා කළේ. කාගේ නීතඥයො ද ගියේ. මොකක් ද සිදුවුනේ.

අප්‍රෙල් මාසෙ පාර්ලිමේන්තුව වට කරද්දි මොකක්ද සිදුවුනේ. එතනදි නීතිඥයො විසිපහක් තිහක් මහේස්ත්‍රාත් උසාවියට ගිහින් ඒ අයව නිදහස් කරගත්තා.

මහේස්ත්‍රාත්ගේ යුතුකම තිබුණෙ ඉස්සරවෙලාම පාර්ලිමේන්තුවෙන් අහන්න.  ඔක්කොම යට වුනා මේ අයට. මේ අය (නීතඥයො) පැනගෙන ගියා හැම තැනටම.  ඒ අය (අරගලකරුවො) බේරගන්න ගියේ.

ඒ බේගන්න ගිය එක සාධාරණයි. බේර ගත්තේ නැතිනම් කතාව කියනවනේ. ඒකයි මම බැලුවේ මේ ගැන කතා කරන්න. “

ජනාධිපතිවරයා පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යෝෂිත මුණුපුරා ඩේසි ආච්චිගේ නමට ගත් දෙහිවල ඉඩමේ නඩුව ලබන අවුරුද්දේ මැයි 31ට කල් යයි…

Next Post

කිළිනොච්චියේ දී පොලිසියට වෙන වැඩේ… පැමිණිල්ලක් විභාග කරන්නට ගියවිට අපරාධකරු පොලිස් නිලධාරියගේ යතුරුපැදියට ගිනි තියලා!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.