බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැත අශික්ෂිත වැඩ කරන්න එපා…   ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කරමින් අනුර කමල් ගුණරත්නට දන්වයි…

by editor
නොවැම්බර් 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

“එළිය”   සංවිධානය පිහිටුවාගෙන දේශපාලන කිරීම නිසා තමන් ලද ආරක්ෂක ලේකම් ධූරයේ  හිඳිමින් වෙනත් විශ්‍රාමික හමුදා නිලධාරීන්ට තමන් කැමති දේශපාලනයක් කිරීමට ඉඩ නොදෙන ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ හෘද සාක්ෂික පිළිබඳව තමන් ප්‍රශ්න කරන බවත් ආරක්ෂක ලේකම්වරයා සිය  කැත, අපකීර්තිමත් සහ අශික්ෂිත හැසිරීම නැවැත්විය යුතු බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක   පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ඊයේ ( 23) පාර්ලිමේන්තුව අමතමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ තම දේශපාලන ව්‍යාපාරය විසින් ගොඩ නගා ඇති “අදිටන” විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සාමුහිකයේ නිලධාරීන් තෝරා ගනිමින් පරහර දෙන ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට කිවයුත්තේ පුද්ගලයෙකුගේ ගෞරවය රැකෙන්නේ රාජකාරියේ සිටින විට ලද පළපුරුද්ද, පදක්කම්,  තනතුරු, හෝ තරු පටි වලින් නොව පැවරී ඇති රාජකාරිය නිසි අයුරින්  ඉටු කරනවා ද නැද්ද යන්න මත බවය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

තමන්ගේ ගරුත්වය මැනෙන්නේ තරු පටිවලින් නොවෙයි. රාජකාරියේ සිටින විට පළන්දපු පදක්කමෙන් නොවෙයි ඔහුගේ ගරුත්වය මැනෙන්නේ. තමන්ට දී තිබෙන රාජකාරිය නිසි පරිදි ඉටුකරනවාද යන්න මතයි ගරුත්වය මැනෙන්නේ

“අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයන්ගේ සාමූහිකයක් ගොඩනඟා තිබෙනවා. හමුදාවේ වෙන්න පුළුවන්, රජයේ ඉහළ නිලධාරීන් වෙන්න පුළුවන්, විශ්‍රාම යාමෙන් පසුව තමන් කැමති දේශපාලනයක් කිරීමේ අයිතිය තිබෙනවා. ඒක මේ රටේත් ප්‍රජාතන්ත්‍රවාදයේත් මූලික අයිතියක්. “

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“නමුත් තමන් කැමති දේශපාලන ව්‍යාපාරවලට පමණක් එම විශ්‍රාමික හමුදා නිලධාරීන්ට දේශපාලනය කිරීමේ අයිතිය ලබාදෙනවා නම්, එය කිසිසේත්ම යුක්තිසහගත නැහැ. වර්තමාන ආරක්ෂක ලේකම් ‘එළිය’ කියන සංවිධානය පිහිටුවාගෙන 2019 ජනාධිපතිවරණය සඳහා ඍජුව වැඩකළා. එය ඔහුගේ අයිතියක්. අපි ඒ ගැන ප්‍රශ්න කළේ නැහැ.”

“නමුත් ඔවුන්ට ඒ අයිතිය තිබෙනවා වගේමයි අපේ දේශපාලන ව්‍යාපාරයටත් එකතුවී වැඩකිරීමේ අයිතියක් විශ්‍රාමික හමුදා නිලධාරීන්ටත් සොල්දාදුවන්ටත් තිබෙනවා. ආරක්ෂක ලේකම්වරයා ඒ අයිතිය මැඩපවත්වන්නේ කොහොමද?. ඔහු ඔහුගේ අතීතයෙන්ම හාරලා අවුස්සලා බලන්න ඕනෑ. ඔහු යම් දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ වී වැඩිකිරීමේ ප්‍රතිඵලයක් හැටියටම තමයි ඔහුට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය ලබාදී තිබෙනවා.”

“තමන්ගේ ගරුත්වය මැනෙන්නේ තරු පටිවලින් නොවෙයි. රාජකාරියේ සිටින විට පළන්දපු පදක්කමෙන් නොවෙයි ඔහුගේ ගරුත්වය මැනෙන්නේ. තමන්ට දී තිබෙන රාජකාරිය නිසි පරිදි ඉටුකරනවාද යන්න මතයි ගරුත්වය මැනෙන්නේ.”

“අපේ ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානියා නැගෙනහිර හිටපු ආඥාපති, මේජර් ජනරාල් අරුණ ජයසේකර. එතුමා, එතුමාගේ බිරිඳත් ඩුබායි ගොස් ආපසු පැමිණි 2023 08වැනි මාසයේ 23වැනිදා එම දෙදෙනාව ගුවන්තොටුපළේ නතර කරගෙන කුඩු අරගෙන එනවාද බලන්න විශේෂ පරීක්ෂාවකට ලක්කළා. ඔවුන්ට හිංසනයක් ගෙන දෙන්නයි මේ දේ කළේ. හේතුව වෙන මොකුත් නොවෙයි, ජාතික ජන බලවේගය සමග සක්‍රීයව දේශපාලනය කිරීමයි. “

“දේශපාලනය කිරීමේ අයිතිය තිබෙන්නේ කමල් ගුණරත්න සහ ඔහු නියෝජනය කරන දේශපාලනය වෙනුවෙන් විතරයිද? මෙයට කලින් මා මේ පාර්ලිමේන්තුවේදී එයාර් වයිස් මාෂල් තුයියකොන්තා මහත්මා ඇතුළු නිලධාරීන් ගණනාවකට ලබාදී තිබුණු තහනම් නියෝගයක් ගැන ප්‍රශ්න කළා. අනෙකුත් විශ්‍රාමික හමුදා නිලධාරීන්ට කඳවුරුවලට ඇතුල්වීමට ලබාදී තිබෙන අවස්ථාව මේ අයට නොදීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා. ඒ නඩුවේදී වර්තමාන ගුවන් හමුදාපතිවරයා වාචිකව පොරොන්දුවක් ලබාදී තිබෙනවා. නඩුව අවසානයේ දෙන තීරණය අපි බලමු. “

“‘අදිටන’ සාමූහිකයේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ට එල්ල කරන දේශපාලන බලපෑම් කිහිපයක් මම කියන්නම්. ඔවුන්ට කඳවුරුවලට ඇතුල්විම වාචිකව සීමාකර තිබෙනවා. විශ්‍රාමිකයන්ගේ වාර්ෂික සුහද හමුවීම්වලට සීමා පනවා තිනෙවා. ඒකක රෙජිමේන්තු සංවත්සරවලට සහභාගීවීමට සීමා පනවා තිබෙනවා. ගුවන් හමුදා විශ්‍රාමිකයන්ට ලබාදෙන වෛද්‍ය පහසුකම් ලබාදීම මේ අයට සීමා කර තිබෙනවා. මොනතරම් අශික්ෂිත වැඩක්ද? ඔවුන් විශ්‍රාම ගිය පසු තමන් කැමති දේශපාලන පක්ෂයක් සමග කටයුතු කිරීමට තිබෙන අයිතිය ජාතික ජන බලවේගයට සම්බන්ධවී ක්‍රියාකරන අයට පමණක් සීමා පැනවීම යුක්තිසහගතද?.”

“කමල් ගුණවර්ධනගේ හෘදසාක්ෂිය පිළිබඳව මම මේ ප්‍රශ්න කරන්නේ. මේ ආණ්ඩුව ගොඩනැගීම සඳහා එළිය ව්‍යාපාරය පිහිටුවාගෙන ක්‍රියාකළ ඔහු අනෙක් අයගේ දේශපාලනය සම්බන්ධයෙන් ගෙනයන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල නතර කරන්න ඕනෑ. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ කැත, අපකීර්තිමත්, ක්‍රියාකාරිත්වය ඉතා හොඳින් තේරුම් ගන්න කියලා මම අවධාරණය කරනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලොක්කන්ට නැමෙන්න පෙර පොඩ්ඩන්ට හිතන්න යමක්! පොලිස් ලොක්කෙකුගේ නියෝගකයට නීතිය නැමූ සැරයන්වරයෙකුගේ වැඩ තහනම්!

Next Post

විදේශ මුදල් ව්‍යාපෘති 179න් ව්‍යාපෘති 148ක් අසාර්ථකයි… ආංශික අධීක්ෂණ කාරක සභාවේදී හෙලි වෙයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.