බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාසාවට ජීවිතය පිලිබඳ බලාපොරොත්තු දැල්වෙයි… දින හතරක සටන් විරාමයක්!

by editor
නොවැම්බර් 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මරණය එක් මොහොතකින් හෝ ප්‍රමාද වනු දැකීම බලාපොරොත්තු උපදවයි. එවැනි අල්ප මාත්‍ර බලාපොරොත්තුවක් ඉපදී තිබේ.

සටන් විරාමයේ ආරම්භක වේලාව තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත. ඊජිප්තු ආරක්ෂක මූලාශ්‍රයක් පැවසුවේ මැදිහත්කරුවන් බ්‍රහස්පතින්දා උදෑසන 10 සිට සටන් විරාමය ආරම්භ  කිරීමට උත්සාහ කර ඇති බවය.

කෙසේ වෙතත්  ගාසා තීරයට අඛණ්ඩ මරු ප්‍රහාරයක් එල්ල කරමින් සිටි ඊශ්‍රයාලයත් ආරක්ෂක ප්‍රතිපත්තියක් සහිතව සටන් වදිනා හමාස් සටන් කරුවනුත් ගාසා තීරය තුළ අවම වශයෙන් සිවු දින සටන් විරාමයක් සදහා එකඟ වි ඇත. . එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අන්තර්ජාතික ප්‍රජාවගේ ඉල්ලීම් තඹයකට මායිම් නොකරමින් මෙතෙක් අමානුෂික මෙහෙයුමක නිරත වූ ඊශ්‍රයාලය සටන් විරාමයක් ගැන සලකා බැලූ මුල්ම අවස්ථාව මෙයය.

ඊයේ උදේත් ගිලි දැවුන ගාසා තීරය….

ඊශ්‍රායලයේ සිරගත ගෙන සිටින පලස්තීනුවන් 150ක් වෙනුවට හමාස් සටන්කාමීන් විසින් රඳවාගෙන සිටින   ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකුට නිදහස් කිරීමට මෙම සටන් විරාම කාලය තුළ සිදුවනු ඇතැයි අපේක්ෂා කරේ.  කෙසේ වෙතත් මෙම  ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සිකුරාදාට පෙර සිදු නොවනු ඇතැයි ඊශ්‍රායල ජාතික ආරක්ෂක උපදේශක සහ එක්සත් ජනපදය ප්‍රකාශ කර තිබේ.

කුරුරු සති හතක යුද්ධයේ පළමු සටන් විරාමය එළඹෙන්නේ කටාරයේ මැදිහත්වීමත් සමගිනි.  ඊශ්‍රායල වටලනු ලැබූ ගාසා තීරයේ සිවිල් වැසියන්ගේ දුක් වේදනා සමනය කර තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහස් වී නිවෙස් වෙත යා හැකි    ප්‍රගතියේ සලකුණක් ලෙස මෙම සටන් විරාමය ලෝක ප්‍රජාවගේ පැසසුමට ලක් වි ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ගොඩබිම මෙහෙයුම්වල යෙදෙන ඊශ්‍රයාල සෙබලුන්…

තවත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළහොත් සටන් විරාමය තවදුරටත් දීර්ඝ කළ හැකි බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබේ. පලස්තීන මූලාශ්‍රයක්  රොයිටර් වෙත පවසා ඇත්තේ මේ මාසය අවසන් වන විට ප්‍රාණ ඇපකරුවන් 100ක් පමණ නිදහස් කළ හැකි බවයි.

ඔක්තෝබර් 7 වැනි දින දකුණු ඊශ්‍රයාලය වෙත කඩා වැදුණු   හමාස් සටන් කරුවන් ඊශ්‍රයාලයෙන්  ප්‍රාණ ඇපකරුවන් 240ක් පමණ අල්ලාගෙන ගාසා තීරය වෙත රැගෙන ගියහ. හමාස් සංවිධානය සතු ප්‍රබලම අවිය මෙම ප්‍රාණ ඇපකාර සිවිල් මිනිසුන්ය.   මීට පෙර හමාස් සංවිධානය නිදහස් කර තිබුණේ  මෙම ප්‍රාණ ඇපකරුවන්ගෙන් සිව් දෙනෙක් පමණි. දෙදෙනෙක් සෞඛ්‍ය හේතු මත මුදාහල වයස්ගත ඊශ්‍රයාල ජාතික කාන්තාවන්ය. අනෙක් දෙදෙනා ඇමරිකානු පුරවැසි භාවය සහිත මවක් සහ දුවය.

ප්‍රාණ ඇපකරුවන්ට නිදහස පතන ඊශ්‍රයාල වැසියන්ග් බලාපෙරොත්තුව..

ඊයේ (22) වනවිටත් ගාසා තීරය ගිනි ගනිමින් තිබිණි.   රොයිටර් පවසන්නේ  කාන්තාවන් සහ ළමුන් 50 දෙනෙකු අවම වශයෙන් දිනකට 10 බැගින් දින හතරක තුළ නිදහස් කිරීමේ පදනම මත සටන් විරාමය ප්‍රකාශ කර ඇතැයි  ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලයේ ප්‍රකාශකයෙක් 21 දා රාත්‍රියේ ප්‍රකාශ කර ඇති බවය.

ඉන් ඔබ්බට, දිනකට අමතර ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු නිදහස් කරන තාක් සටන් විරාමය දිනෙන් දින දීර්ඝ කළ හැකි බව එම ප්‍රකාශකයා රොයිටර් වෙත පවසා තිබේ.

එමෙන්ම නිදහස් කළ හැකි පලස්තීන සිරකරුවන් 300 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ඊශ්‍රායල අධිකරණ අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

“සියලු ප්‍රාණ ඇපකරුවන් ආපසු ගෙදර පැමිණීම සහතික කිරීම සඳහා ඊශ්‍රායල රජය කැපවී ඉන්නවා. 22 දා රාත්‍රියේ  මෙම ඉලක්කය සපුරා ගැනීමේ පළමු අදියර ලෙස යෝජිත ගනුදෙනුව අනුමත කරනු ලැබුවා ,”  ඊශ්‍රයාල රජයේ නියෝජතයෙක් මාධ්‍යයට පවසා තිබිණි. ‌ඊශ්‍රයාලය සිය අත් අඩංගුවේ සිටිනා ප්‍රාණ ඇපකරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීමට ගත් තීන්දුවට ප්‍රධාන වශයෙන්ම එරෙහි වෙමින්  ඊශ්‍රයාල සිවිල්  ජනතාව ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත සුරක්ෂිතතාවය වෙනුවෙන් ඊශ්‍රයාල රජයට බලපෑම් කරමින් ඉන්නේ මේ අතරතුරය.

ඊශ්‍රායලයේ සිරගත කර සිටින පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150 දෙනෙකු වෙනුවෙන් ප්‍රාණ ඇපකරුවන් 50 දෙනා නිදහස් කරන බව හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබේ. මෙම සටන් විරාමයත් සමග  මානුෂීය ආධාර සහිත වෛද්‍ය සහ ඉන්ධන සපයන ට්‍රක් රථ සියගණනක් ගාසා තීරයට ඇතුළු වනු ඇත.  ඊශ්‍රායලය දකුණු ගාසා තීරය වෙත ඉලක්ක කරගත්  සියලුම ගුවන් ප්‍රහාර දින 04ක් සඳහා නවත්වනු ඇත.

ඊශ්‍රයාල ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහූ….

ඊශ්‍රායල ගණනය කිරීම්වලට අනුව  හමාස් සටන් කරුවන් විසින් පසුගිය 07 වැනිදා  1,200 ක් පමණ ඊශ්‍රයාල සිවිල් පුද්ගලයින් ඝාතන කර තිබේ. ඉන් පසු ඊශ්‍රායලය ගාසා තීරය වටලා සිදුකර    නිර්දය බෝම්බ ප්‍රහාරවලින් ගාසාවේ සිවිල්   වැසියන් 14,000 කට වැඩි පිරිසක් මරා ඇත. ඛේදවාචකය වන්නේ ඔවුන්ගෙන් 40% ක් පමණ ළමයින් වීමය.

හමාස් සටන් කරුවන් විසින් ඊශ්‍රයාලට වැදී පුද්ගලයින් 1200ක් ඝාතනය කළ තිරිසන් අපරාධයේ පළිය ගැනිම සඳහා ඊශ්‍රයාලය විසින්  ගාසා තීරයේ අප්‍රමාණ දුක්ඛිත ජීවිතයක් ගත කළ දරුපැටවුන් 5600ක් අවම වශයෙන් ඝාතනය කර තිබේ.

මෙම සටන්විරාමය සඳහා මැදිහත්කරු වූ කටාරය අපේක්ෂා කරන්නේ   සටන් විරාමය දීර්ඝ කාලීන විසදුමක් වෙනුවෙන් මහා ප්‍රවේශයක් සදනු ඇති බවය.

මනුෂ්‍යත්වය අගය කරන සෑම හුස්ම වැටෙන මිනිසෙක්ම ප්‍රාර්ථනා කරන්නේ එයය. එයමය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විදුලි සැර වද්දා තවත් දළ ඇතෙක් මරා දමයි…

Next Post

පාසල් දරුවන් ද ඇතුළත් HIV ඒඩ්ස් රෝගීන් 485ක් ජනවාරි සිට ඔක්තොම්බර් දක්වා කාලය තුළ හඳුනාගෙන…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.