කොළඹ හා කළුතර දිස්ත්‍රික්ක තුළ රාත්‍රී කාලයේ රථ වාහන වැරදි සඳහාවන දඩ පත්‍රිකා භාර ගැනීම සඳහා පැය 24 සේවය කරන තැපැල් ස්ථාන 13ක් වවෘත වී ඇතැයි රථවාහන පොලිසිය දැනුම් දී ඇත.
මේ සම්බන්ධව සියලුම පොලිස් නිලධාරීන් හා රියදුරන් දැනුම්වත් කරන ලෙස රථවාහන පොලිසිය දන්වා ඇත.
ඒ අනුව කොම්පඤ්ඤවීදිය, හැව්ලොක් ටවුන්, වැල්ලවත්ත, බොරැල්ල, කොටහේන, බත්තරමුල්ල, නුගේගොඩ, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, කළුතර සහ සීතාවක පොලිසිවල නියමු ව්‍යාපෘතියක් ලෙස පැය 24 සේවාව ක්‍රියාත්මක වන බව පොලිසිය නිවේදනය කරයි.