-
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංගලිදේශ කණ්ඩායමට ආචාර කිරීම ප්‍රතික්ෂේප කරති… ක්‍රීඩාව ගරු නොකරන, අපට ගරු නොකරන අය තවත් අපෙන් ඉලන්නේ මොනවාද?. මැතිව්ස් විමසයි…
නින්දාසහගත “ ටයිම් අවුට් දවාගැනීම “ ගැන මේ මොහොතවනවිට ලෝකයේ සියලුම ක්‍රීඩා ලෝලීහු කතා කරමින් සිටිති.
මැතිව්ස් පැරිණි ට්විටර් හෙවත් වත්මන් X සමාජ ජාලයේ ප්‍රකාශයක් කරමින් ඊයේ පැවසුවේ මෙසේය.

“ 4 වැනි විනිසුරුට මෙතන වැරදියි! වීඩියෝ සාක්ෂි පෙන්නුම් කරන්නේ හෙල්මට් එක දුන්නට පස්සෙත් මට තව තත්පර 5ක් තිබුනා කියලයි! කරුණාකර 4 වැනි විනිසුරුට මෙය නිවැරදි කළ හැකිද? මම කිව්වේ ආරක්ෂාව ප්‍රධානයි මොකද මට හෙල්මට් නැතුව පන්දු යවන්නාට මුහුණ දෙන්න බැහැ. “
4th umpire is wrong here! Video evidence shows I still had 5 more seconds even after the helmet gave away! Can the 4th umpire rectify this please? I mean safety is paramount as I just couldn’t face the bowler without a helmet
— Angelo Mathews (@Angelo69Mathews) November 6, 2023
අනතුරුව ලෝක ඉතිහාසයේ පළමු වරට කාලය ඉකුත් වී , එකම පන්දුවක්වත් ක්‍රීඩා නොකර දැවී ගිය ක්‍රිඩකයා ලෙස ඊයේ ඈන්ජලෝ මැතිව්ස් ලෝකය ඇමතුවේය.
ඔහු අතිශයින්ම වෘත්තීයභාවයකින් යුතුව තමන් මුහුණ දුන් සිද්ධිය සහ ඒ පිළිබඳව වූ සිය ස්ථාවරය ලෝකය හමුවේ ප්‍රකාශ කළේය.
“”මම කිසි දෙයක් වැරදියට කලේ නෑ. මට මිනිත්තු දෙක්ක තිබුණා ක්‍රීස් එකට යන්න. මම ඒක කළා. ඒ අතර තමයි උපකරණවල දෝෂයක් පැමිණියේ.” ඔහු පෙන්වා දුන්නේය.
“මේ හැසිරිම පැහැදිලිවම ෂකීබ් සහ බංග්ලාදේශ කණ්ඩායම නින්දාසහගත තත්ත්වයට පත් කලා. ඔවුන්ට මේ ආකාරයෙන් කඩුලු දවා ගැනීමට අවශ්‍යනම් එතන විශාලා වැරැද්දක් සිද්ධවෙලා තියනවා. “ මැතිව්ස් කිවේය.

“බංග්ලාදේශය ක්‍රීඩා කරපු විදිහ හරිම බලාපොරොත්තු සුන්කරනසුලුයි.. සිතා මතා කාලය නාස්ති කරමින් පිටිය තුළ බාධා ඇතිකළා නම් ප්‍රශ්නයක් නැහැ මෙය තේරුම් ගත යුතුයි. විනාඩි දෙකක් ඇතුළත මම ක්‍රීස් එකේ හිටියා, මම ක්‍රීස් එකේ ඉද්දි තමයි මගේ හෙල්මට් එක කැඩිලා ගියේ. විනිසුරුවරු මේක දැක්කා. මට තව තත්පර පහක් ඉතුරු වෙලා තිබුණා.
“මම හෙල්මට් එක පෙන්නුව විනිසුරුවන්ට. ඔවුන් කිව්වා බංගලාදේශ කණඩායම දැවී යෑම සම්බන්ධව ඉල්ලීමක් කළ බව. ඉතින් මම ඇහුවා මගේ විනාඩි දෙක ගියේත් නෑ… කොමන් සෙන්ස් නැත්තේ ඇයි කියලා.” මැතිව්ස් කීවේ ඒ අවස්ථාව ඔහුට පැහැදිලි කිරීමට වචන නැති බවය.
“මට ඒක පැහැදිලි කරන්න වචන නැහැ. මගේ අවුරුදු 15ක ක්‍රීඩා කාලය තුළ මම කවදාවත් කණ්ඩායමක් හෝ ක්‍රීඩකයෙක් මෙතරම් පහත් තත්ත්වයකට වැටෙනු දැකලා නැහැ.”
“අවාසනාවකට හිස් ආවරණයේ පටිය කැඩුණේ බංගලාදේශ එරෙහි තරගයේ දි. මම හිතන්නේ නැහැ ලෝකයේ වෙනත් කණ්ඩායමක් මේ වගේ අවස්ථාවක මේ විදිහට හැසිරෙයි කියලා, මොකද ඒක ඉතා නිශ්චිතව පෙනෙන ආකාරයට උපකරණ දෝෂයක්. එය ක්‍රීඩකයෙක් ලෙස මගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. මම දන්නවා මම හෙල්මට් එකක් නැතුව. පන්දු යැවීමට මුහුණ දෙන්න බැහැ.”
මතභේදාත්මක තත්ත්වය හමුවේ ෂකීබ් පිළිබඳ ඔහුගේ අදහස වෙනස් වූ බවත් මැතිව්ස් පැවසීය.
“අද වනතුරුම මම ඔහුට සහ බංග්ලාදේශ කණ්ඩායමට උපරිම ගෞරවයෙන් සැලකුවා,” මැතිව්ස් පැවසීය.
“ඔයාලා හැමෝම ක්‍රීඩා කරන්නේ දිනන්න. ඒක නීති රීති ඇතුලේ නම් පැහැදිලිවම හොඳයි. නමුත් අද මගේ සිද්ධියේදී විනාඩි දෙකක් ඇතුළත මම පැහැදිලිවම ඒ නීති රාමුව ඇතුළෙ හිටියා. අපි ළඟ වීඩියෝ සාක්ෂි තියෙනවා, මා මෙතෙන්ට ඇවිත් එක එක දේවල් කියවනවා. මම සාක්ෂිත් එක්කයි කතා කරන්නේ. මුළු සිද්ධිය ඇතුළෙම මට තප්පර පහක් ඉතිරි වෙලා තියෙනවා.”
ඔහුගේ හිස්වැසුම් පටිය කැඩී ඇති බව මැතිව්ස් ඔවුන්ට සහ ෂකීබ්ට පැහැදිලි කිරීමෙන් පසු ඔහු දැවී යෑම සම්බන්ධව කළ ඉල්ලීම ඉල්ලා අස්කර ගැනීම සඳහා විනිසුරුවරු ෂකීබ්ට අවස්ථාව ලබා දුන්හ. නමුත් ෂකීබ් එය කළේ නැත. මැතිව්ස් ඒ සම්බන්ධව බව පැහැදිලි කළේය.

“ඔව්, ෂකීබ්ට තමන් කළ ඉල්ලීම ඉල්ලා අස් කරගැනීමේ විකල්පය තිබුණා. මෙය කාලය නාස්ති කිරීමක් නොවන බව ඔහු දැන සිටියා. මගේ කාලය තුළ මා සිටියා. මම කාලය නාස්ති කිරීමට හෝ ඉන් වාසියක් ලබා ගැනීමට උත්සාහ කළේ නෑ…”
ශ්‍රී ලංකා කණ්ඩායම ද තරගයෙන් අනතුරුව බංග්ලාදේශ කණ්ඩායමට අතට දෙන්නට ක්‍රිඩාගාරයේ ප්‍රවේශය වෙත පැමණියේ නැත.
මැතිව්ස් සිය කණ්ඩායමේ මෙම ප්‍රතික්ෂේප කිරීම පැහැදිළි කළේය.
“අපිට ගරු කරන මිනිස්සුන්ටයි අප ගරු කරන්න ඕනේ”. ඔවුන් ක්‍රීඩාවට ගරු කළ යුතුයි.”
ෙ” විනිසුරුවරු ඇතුළුව අපි හැමෝම මේ ලස්සන ක්‍රීඩාවේ තානාපතිවරු, . ඔබ අනෙකාට ගරු නොකරන්නේ නම් සහ ඔබේ සාමාන්‍ය බුද්ධිය භාවිතා නොකරන්නේ නම්, ඔබට තවත් කුමක් ඉල්ලා සිටිය හැකිද?”

මැතිව්ස් අසන්නේය. අප දැන් ලෝක කුසලානයෙන් දැන් විසිවී ඇත. අපට ක්‍රිකට්වල නැතිවන්නට දෙයක් ද නැත. යන්තම් හෝ ඉතිරිව ඇත්තේ ක්‍රීඩාවේ දී බංගලියන්ට වඩා අප සතුව ඇති ක්‍රීඩාවේ අධ්‍යාත්මික ශික්ෂණය ය. කුසල් මෙන්ඩිස් වැනි නායකත්වය පෞරුෂයක් රහිත සිඟිති ආතල්කාර ගොබ්බයෙක් නායකත්වයට පත් කර ජාත්‍යාන්තරය ඉදිරියේ ඒ කෑල්ලත් විනාශකරගන්නට හදන බව මේ තරගාවලියේ දී අත්දුටුවෙමු. කුසල් මෙන්ඩිස් නායකයා කිරීමේ සිහිනය දුටු ප්‍රධානම පුද්ගලයා මහේල ජයවර්ධනය. ඒ ගැන වෙන යමක් කියන්නේ නැත. මහෙල ගොනෙක් නොවන බව නම් සහතික කර ප්‍රකාශ කළ හැකිය.
යමෙක් විසින් මේ බාරගෙන ඇත්තේ යම් කොන්ත්‍රාත්තුවක් නම් ඒ මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ මළමිනිය භූමිදානය කිරීමේ ව්‍යාපෘතිය බව සංවේගයෙන් ලියා තබමු.







