අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

 “නයිපනික්කියන්ගේ”  තුට්ටු දෙකේ කෂඩ ක්‍රිකට්… මුන්ටත් පැරදෙනාව නම් ක්‍රිකට් නවත්වමු!  

by editor
නොවැම්බර් 6, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 279කට දැවී ගොස්ය. අවුරුදු 146 ක්‍රිකට් ඉතිහාසයේ නින්දා සහගතම දවා ගැනීම ලෙස ඈන්ජලෝ මැතිව්ස් දවා ගත් මහත්මා ගති හීන බංගලාදේශ කණඩායමට පරාජය නොවී නම්බුකාර පිළිතුරක් ලබා දීමේ වගකීම ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ඇත.

නැවත වරක් තරග කළ යුතුවන්නේ මෙවැනි හීන කණ්ඩායමකට පරාජය නොවි අභිමානය  බේරා ගැනීම වෙනුවෙනි.

අසලංක ශතකයක්…

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 41ක් ලැබුවේය. යළිත් වරක් කුසල් ජනිත් හොඳටම ෆේල්ය. ඔහු පන්දු 05ක දි ලකුණු 04කට දැවි ගියේය.

නායකත්වය ලබා ගත් දින සිට අන්දකයිප්පු කෑවක් ලෙස පිටිය මැද පිස්සු කෙළින කුසල් මෙන්ඩිස් ලකුණු 19කට දැවී යන්නේ පන්දු 30කට ආයාසයෙන් මුහුණ දිමෙනි.

සධීර සමරවික්‍රම ලකුණු 41කි. ධනංජය ද සිල්වා ලකුණු 34කි.  මහීෂ් තීක්ෂණ ලකුණු 22කි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

තරගයේ අසහාය පිතිකරණය වාර්තා කළේ චරිත් අසලංකය. චරිත් පන්දු 105ක් තුළ ලකුණු 108ක් ලබා ගත්තේය. ඊට හතරේ පහර 6ක් සහ හයේ පහර 02ක් ඇතුළත් විය. ටන්සිම් හසන් ෂකීබ් ලකුණු 80කට කඩුළු 03ක් ලැබුවේය.  ශකීබ් අල් හසන් ලකුණු 57කටත්,  ෂොරිෆුල් ඉස්ලාම් ලකුණ 52කටත් කඩුළු 02ක බැගින් දවා ගත්හ.

 ක්‍රිකට් ඉතිහාසයේ  නින්දාසහගමත දවා ගැනීම

වසර 146ක ඉතිහාසයකට හිමිකම් කියන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිදුවූ මහත්වරුන්ගේ ක්‍රීඩාවට නොගැලපෙන නින්දාසගතම සිද්ධිය අද බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ දී වාර්තා වූයේය.

ඒ ක්‍රිකට් ඉතිහාසයේ පළමු “ටයිම් අවුට්” පිතිකරුවා ලෙස ඈන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට බංගලාදේශ කණ්ඩායම ක්‍රියා කළ පහත් ආකාරය සමිගිනි.

කරුණු පැහැදිලි කළත් වැඩක් නැති හැටි…

තරඟාවලියේ ක්‍රීඩා කොන්දේසි වලට අනුව, ක්‍රීඩකයෙකු මිනිත්තු 2 ක් ඇතුළත ඔහුගේ ඉනිම ආරම්භ කළ යුතුය. එහෙත් පන්දුවට පහර දීමට පැමිණි ඈන්ජලෝ මැතිව්ස් තණ  තීරුව අසල දී චරිත් අසලංක සමග රැඳෙන්නේ සිය හිස් වැස්මේ පිටිය කැඩී ගිය බැවින් නව හිස් වැස්මක් ක්‍රීඩාගාරයෙන් ගෙන්වා ගැනීමටය.

එහෙත් එකම පන්දුවකටවත් පහර නොදී ක්‍රීඩා පිටියේ තන තිරුව අසලට පැමිණ සිය හිස් අවාරණය වෙනස් කරගැනීමට යෑමේ දී ඔහු ඒ සම්බන්ධව විනිසුරුවන්ගෙන් අවසර නොඉල්ලන බව දකින බංගලාදේශ නායක ශකීබ් අල් හසන් විනාඩි දෙක ඉකුත් වීත්ම සමග   දැවී ගිය ක්‍රිඩකයෙක් පෙස මැතිව්ස් නම් කරන ලෙස ඉල්ලා සිටින්නේය.

විනිසුරුවරු එම ඉල්ලීම පිළිගන්නා අතර මැතිව්ස් ශකීබ් ඇතුළු කණ්ඩායම වෙත පැමිණ සිදුවූයේ කුමක් දැයි පැහැදිලි කිරීමට උත්සාහ කළත් ඒ සම්බන්ධව ඇහුමකන් දීම  ශකීබ් අල් හසන් ප්‍රතික්ෂේප කරන්නේය.  ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ  වෙලාව ඉකුත් වීමෙන් දැවී ගිය පළමු ක්‍රීඩකයා ලෙස මැතිව්ස් දැවී යන්නේ එකම පන්දුවකට හෝ පහර දීමකින් තොරවය.

නික්ම යන මැතිව්ස්…

ඇන්ජලෝ මැතිව්ස් දවා ගැනීමට සිදුකළ මෙම ඉල්ලීම මේ වනවිට ජාත්‍යාන්තර විචාරකයන්ගේ බරපතල විවේචනයට ලක් වෙිමන් තිබේ.

පාකිස්තානයේ හිටපු සුපිරි වේග පන්දු යවන්නෙක් වූ වකාර් යුනිස් ප්‍රකාශ කළේ එය ක්‍රිකට් ක්‍රීඩාවේ  අධ්‍යාත්මික හරයට කළ ව්‍යසනයක් බවය.

“ඉතින් විකාශනය සම්පූර්ණ සිද්ධිය පැහැදිලිව පෙන්නුවා…  අවශ්‍යයෙන්ම මැතිව්ස් පන්දුවට පහර දීමට ක්‍රීඩා පිටියට පැමිණියා.  ඔහුගේ පටිය කැඩී ගිය හෙල්මට් එක සඳහා නව හිස්වැස්මක් ඉල්ලා සිටි   අතරතුර, ෂකීබ් ශකීබ් මේ දැවී යෑමට අදාල ඉල්ලීම කරන්නේ.   එය ප්‍රත්‍යක්ෂ ලෙස පෙනෙන කිසිම අධ්‍යාත්මික ශිකෂණයක් නැති  කණ්ඩායමකින් සිදුවූ දරුණු දුර්වල ක්‍රියාවක්. අද   ක්‍රිකට් ක්‍රීඩකයෙකු තම හිස   ආරක්ෂා කර ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් දඬුවම් කිරීමට උත්සාහ කිරීම ඉතා සුළු දෙයක් පමණක් නොවේ, එය ඇත්තෙන්ම භයානක පියවරක්. ගැඹුරින් විමසා බැලිය යුතු තත්ත්වයක්”  ජාත්‍යාන්තර ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දුන්හ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා බංගලාදේශ තරගය අතර දිල්ලිය සෙල්වෙයි! දෙවැනි වරටත් නේපාලයේ භූ කම්පනයක්….

Next Post

එක්කො අලුතින් පටන් ගනිමු… නැතිනම් මේ මළකුණ වළලා දමමු!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.