බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උරුම කළමනාකරණ ඉතිහාසයේ කළු දින සටහන් නොකරන්න… ලෝක සම්භවනාවට පත් පුරාවිද්‍යාඥයෙක්  ඇමතිගෙන් ඉල්ලයි…

by editor
ඔක්තෝබර් 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක   පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පමණක් නොව ජාතික උරුම සංරක්ෂණ  ඉතිහාසයේ  කළු දින මාලාවක් සටහන් කරමින් සිටින බව පුරාවිද්‍යා උපදේශක සභාවේ සාමාජිකයෙක් මෙන්ම  ලෝකයේ විශිෂ්ඨම උරුම සංරක්ෂකයෙක් සහ පුරාවිද්‍යාඥයෙක් ලෙස සම්භාවනාවට පත් ආචාර්ය ගාමිණී විජේසූරිය ප්‍රකාශ කරයි.

මෙතෙක් පැවති රාජ්‍ය සේවයේ විශිෂ්ඨ සම්ප්‍රදායක් බිඳ දමමින් 2021 ජනවාරි මස 01 වැනිදා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස දේශපාලන පත් කිරීමක් සිදුකිරීමෙන් අනතුරුව සිදුවුන බරපතල අසාර්ථක වීමෙන් පසුත්, දෙපාර්තමේන්තුව තුළ සුදුසුකම් සැපිරූ විද්වතුන් සිටිය දී  දේශපාලන සිතැඟියාවන් මත දිගින් දිගටම වැඩබලන අධ්‍යක්ෂක ජනරාල්වරුන් පත් කරමින්  ඇමතිවරයා මෙම අපරාධය සිදුකරමින් සිටින බව ආචාර්ය ගාමිණී විජේසූරිය කියයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ කළු දින සටහන් නොකරන්නැයි තමන් පුරාවිද්‍යා උපදේශක සභාවේ දී    විවෘතව ඇමතිවරයාගෙන් ඉල්ලා සිටි විට  ඇමතිවරයා කීවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ඉතිහාසයේ කළු දිනයක් සලකුණු කළා නම් තමා  ඉල්ලා අස්වන  වන බව යැයි ද,  එසේ කී      ඇමතිවරයාට   තමන්  එදා දැරූ  අදහස ගැන යළිත් කල්පනා  කළ යුතු  අවස්ථාව එළඹ තිබෙන්නේ යැයි ද ආචාර්ය ගාමිණී විජේසූරිය පෙන්වා දෙයි.

“පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ භාෂා, රසායන විද්‍යා, ඉතිහාසය, සංස්කෘතිය පුරාවිද්‍යාව, සංකර්කෂණය, වාස්තු විද්‍යාව, භූ විද්‍යාව, වාගේ  විවිධ ශාස්ත්‍රීය පසුබිම්වලින්   යුත් නිලධාරින්ගෙන් සමන්විත ශාස්ත්‍රීය ආයතනයක්.    ඔවුන් ලබා ගත් අත්දැකීම් සහ ‌ ‌ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත් කිරීමේ සම්ප්‍රදායක් තිබුණා. මේක මේ වගේ ශාස්ත්‍රීය ආයතනවල සිද්ධ වන සහ සිද්ධ විය යුතු රාජ්‍ය සේවයේ පිළිගත් ක්‍රමවේදයක්.  උදාහරණයක් ලෙස ආචාර්ය සෙනරත් දිසානායක   අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්වන විට වසර 17ක පළපුරුද්දක් සහිත ජ්‍යෙෂ්ඨතම අංශ ප්‍රධානියා වුනේ ඔහුයි. ආචාර්ය සිරාන් දැරණියගලත් එහෙමයි.”

“මට තියන ප්‍රශ්නය මේකයි.  මේ තනතුර දරන්න සුදුසුකම් සම්පූර්ණ කරපු විද්වතුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ ඉන්නවා. උදාහරණයක් විදිහට නිකැලල් රාජකාරි වාර්තා එක්ක දෙපාර්තමේන්තුවේ විශාලම අංශයවන වාස්තුවිද්‍යා සංරක්ෂණ අංශයේ ප්‍රධානියා ලෙස වැඩකරන විද්වත් වෘත්තිකයා මේ වනවිට අවුරුදු 23ක් තිස්සේ එම අංශය තුළ  අංශ ප්‍රධානියා විදිහට වැඩ කරනවා. ඒ වගේම ඔහු වැඩ බලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ( ශාස්ත්‍රීය ) ලෙසත් කටයුතු කරලා තියනවා. “

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“මේවගේ නිලධාරීන්ව පදනමක් නැතිව   නොසලකා හරිමින් ඇමතිවරයා මේ කරන අත්තනෝමතික කටයුත්ත කිසිම තාර්කික බවක්  නැති වෛරී ක්‍රියාවක් විදිහටයි අපට පේන්නේ.”

“මේ ආයතනයට දේශපාලන පත්වීම් කිරීම අතිශින්ම අසාර්ථකයි කියලා  සනාථ වුනා සුදුසුකම් සහිත පුද්ගලයින් දෙපාර්තමේන්තුවේ සිටිද්දි වර්ෂ  2021 ජනවාරි මාසයෙදි පත්කළ පුද්ගලයාගේ ක්‍රියා කලාපයෙන්. “

“ඒ පත්කිරීම දෙපාර්තමේන්තුවේ බිඳවැටීම සනිටුහන් කළ අවස්ථාවක්. මේ පත්කිරීම කරනවිටම ඉන් සිදුවිය හැකි හානිය සම්බන්ධව දන්වා මා මගේ ලිඛිත විරෝධය පල කළා. එය අසුවේ නෑ.  එහි විනාශකාරී ප්‍රතිඵලය අපි දැක්කා. “

“එවැනි අත්දැකීමක්  තිබෙද්දිත් ඇමතිවරයා යළි යළිත් වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරුන් පත් කරමින් ඉන්නවා.    “

“පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වැනි කීර්තිමත් සහ වැදගත් තනතුරක ක්‍රියා කිරීමට දේශපාලන ලබැඳියාවන් මත පත්කරන පුද්ගලයින්ගේ  සුදුසුකම් සහ පත් කිරීමට පාදක හේතුද  ප්‍රශ්න සහගතිය. මා විශ්වාස කරන ආකාරයට මෙය සම්ප්‍රදාය සහ රාජ්‍ය සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් නොසලකා හැරීමක්.   මේ රටේ   උරුම කළමනාකරණයට මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට    ඓතිහාසිකව සිදු කළ ඉතාමත් අහිතකර කටයුත්තක්.  ඇමතිවරයා මේ කළු දින සටහන් කරමින් යන අත්තනෝමතික ගමන නැවැත්විය යුතුයි. ඔහු ඇහුම්කන් දිය යුතුයි.”

ආචාර්ය ගාමිණී විජේසූරිය මේ පිළිබඳව කළ විමසීමක දි ලංකාසරට පැවසුවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුහුණුකාර තේරීම් භාර මහත්තුරුනි… උඹලා හොඳ ක්‍රිකට් තෝරන්න නෙමෙයි දාං අදින්න…

Next Post

දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවට අයත් කෝටි ගණනක් වටිනා දේපල 34ක් පිටස්තරයින් අනවසරයෙන් අත්පත් කරන්… විගණනය හෙළි කරයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.