අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුහුණුකාර තේරීම් භාර මහත්තුරුනි… උඹලා හොඳ ක්‍රිකට් තෝරන්න නෙමෙයි දාං අදින්න…

by editor
ඔක්තෝබර් 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා තෝරන්නන් ගැහූ අන්තිම ගේමත් ෆේල්ය.  අවසන් පූර්ව තරගයේ ගැට්ටේ සිට කළ තරගයෙන්  ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට කඩුළු 07කින් කුජීත ලෙස පරාදය.  ඔවුන් ලකුණු 242ක අප ලබා දුන් ඉලක්කය ඉතා පහසුවෙන් පසු කරන්නේ පන්දු ඕවර 45.3ක දීය.

අබාධයට ලක්වෙමින් හෝ ලක් කරමින් නෝන්ඩි පිට කළ ආදේශ කිරීම් වලින් සිද්ධවුන ඉටි ගෙඩියක් නැත. මෙහෙම ක්‍රිකට් තියා ඇටබෝලවත් ගහන්නට බැරි බව   හයි ප්‍රෆෝමන්ස් මහේල් ඇතුළු ක්‍රිකට් විශාරදයන්ට නොතේරුනාට දැන්  අපේ ගමේ පොල් ගස් නගින ජෙමාටත් තේරුණ බව කිව යුතුය.

ක්‍රිකට් කියන්නේ ජිමික් එක්ක නොවේ. එය ශාරීරික මානසික කළමනාකරණය සමග ක්‍රීඩා කෞෂල්‍ය හා තාක්ෂණය ඒකාබද්ධ කළ විද්‍යාවකි. මේ විද්‍යාව තුළ ජිමික් කරන්නට යෑම මහා කුජීත විහිළුවකි.

මැතිව්ස් සහ චමිර

මැතිව්ස් සහ චමීර සංචිතයේත් නැතිව තෝරාගෙන ඉන්දියාවට රැගෙන එන විට ක්‍රිකට් ගැන ටිකක් හෝ දන්නා එකෙකුට පැහැදිලි වන්නේ දැනට සංචිතයේ ඉන්නා උන් දෙදෙනෙක්  ආබාධයට ලක්වීමට නියමිත බවය. ඒ ලෙසම සිදුවුනේය.  ආබාධයට ලක් වීමත් සැලසුමක් අනුව සිදුවී නම් ඒ හොඳම සැලසුම තිබුණේ අපටය.

තරගාවලිය අතර දසුන් ශානක ඉවත් කර කුසල් මෙන්ඩිස් නායකයා කළේය. නායකයා වුන දවසේ සිට කුසල් ගේ බැටින් ෆේල්ය.  අන්තිම මොහොතේ  මැද පෙළ ශක්තිමත් කිරීමට ගෙනා ස්කොඩ් එකේවත් හිටියේ නැති මැතිව්ස් ෆේල්ය.  ඉදිරි පෙළ පීඩනයකට හසුව වැටෙද්දී ඔහු පිටිය මැද ඇඹරෙමින්   ලබා ගත්තේ ලකුණු 23කි.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

පන්දු යැවීමේ වික්‍රමය කරන්නට ලහිරු කුමාරට තරගාවලිය අහිමි කර හෝ අහිමි වීමෙන් පසුව  ගෙනා දුෂ්මන්ත චමිර හොඳටම ගුටි කෑවේය. කඩුළු ලබා ගත්තේ නැත.    ඔහුත් ෆේල්ය.

මේ තරම් නා ගැනීමක් මේ ලෝක කුසලානයේ කවුරුවත්ම නා ගත්තේ නැත.  මේ තේරීම් කමිටුව හොඳ ක්‍රිකට් තෝරන්නට නොව දාං අදින්නටය.  දැන්  මේ හැත්ත බුරුත්ත අපට කුමක් කියනු ඇති දැයි දන්නේ නැත. අප දන්නේ ක්‍රිකට්වලට ආදරය කරන මේ රටේ කෝටි ගණනක් මිනිසුන් නියෝජනය කර රට වෙනුවෙන් 15 දෙනෙක් තෝරා ගන්නට බැරිව අවසාන මෙහොතේත්  ගංජාකාරයන්  ටිකක්  බූරු ගහන ආකාරයේ වැඩකි.

 ෆසාල්හක් ෆාරුකී… ලකුණු 34ට කඩුළු 04යි….

පූනේ තණතීරුවේ කාසියේ වාසිය දිනුවේ ඇෆ්ගනිස්ථානය ය.  ඔවුහු පන්දු රැකීම තේරූහ. එය ඉතාම නිවැරදි තේරීමක් බව ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නෝ පෙන්වා දුන්හ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම පිතිකරුවෙක්වත් ලකුණු 50 සීමාව ඉක්මවා ගියේ නැත. ඇෆ්ගනිස්ථානයට එරෙහිව කවදත් හොඳට ක්‍රීඩා කරන පැතුම් නිශ්ශංක ලකුණු 46ක් ලැබුවේය. කණ්ඩායමේ වැඩිම ලකුණු ඔහුගේය.

කුසල් ජනිත් දිගින් දිගටම  ෆේල් වෙද්දී ඒ වෙනුවට තරගය ආරම්භ කිරීමට කැඳවූ දිමුත් කරුණාරත්න ලබා ගන්නේ ලකුණු 15කි.   කුසල් මෙන්ඩිස් ලකුණු 39කි. සධීර සමරවික්‍රම ලකුණු 36කි. චරිත් අසලංක ලකුණු 22කි. යළිත් වරක් ධනංජය ද සිල්වා 6 වැනියා ලෙස පිටියට පැමිණ අසමත් වූයේය. රෂීඩ් ඛාන්ට මැද පොල්ල ගැලවෙන විට ඔහු ලබාගෙන තිබුණේ ලකුණු 14කි. අනතුරුව පිටියට පැමිණි ප්‍රවීන මැතිව්ස් ලකුණු 23කට දැවී ගියේය. මහීෂ් තීක්ෂණ ලකුණු 29ක් ලැබුවේය.

ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 242කට පන්දු ඕවර 49.3ක දි දැවි ගියේය. කණ්ඩායමට යළි කැඳවූ ෆසාල්හක් ෆාරුකී ශ්‍රී ලංකා කණ්ඩායම සුන් කළේය. ඔහු පන්දු ඕවර 10 තුළ ලකුණු 34ක් පමණක් ලබා දෙමින් කඩුළු 04ක් දවා ගත්තේය.  මුජීබ් උර් රහ්මාන් ලකුණු 38ට කඩුළු 02ක්, හස්මතුල්ලා ඕමාර්සායි සහ රෂීඩ් ඛාන් එක කඩුල්ල බැගින් ලැබූහ.

අස්මතුල්ලා ඕමාර්සායි… පන්දු 63ට නොදැවී ලකුණු 73යි

පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පැමිණි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් සිය සිව්වන පන්දුවේ දී ලකුණු නොදී දවා ගන්නට ඩිල්ෂාන් මධුශංක සමත් වූ බව සැබෑය. ඒ දවා ගැනිම එතැනටම සීමා වුනේය. පුදුමාකාර සංයමයකින් යුතුව අතිශය වෘත්තීය විලාශයෙන් ඇෆ්ගනිස්ථාන පිතිකරුවෝ ක්‍රීඩා කළහ. ඊබ්‍රහිම් සඩ්‍රාන් ලකුනු 39ක් ලැබුවේය. ඔහු දැවී යන්නේ රහ්මඩ් ෂා සමග ලකුණු 73ක සම්බන්ධතාවයක් ගොඩනගමිනි. රහ්මට් ෂා ලකුණු 62කට දැවි යන්නේ  කණ්යම ජයග්‍රහණයේ පදනම මත හොවා තබමිනි. ඔහු දැවී යනවිට කණ්ඩායමේ ලකුනු ගණන 131කි. එතැන් පටන් නායක හස්මතුල්ලා සහීඩි සහ අස්මතුල්ලා ඕමාර්සායි  නොදැවි ලකුණු 111ක ජයග්‍රාහී සම්බන්ධතාවය ගොඩනැගූහ.

විශිෂ්ඨ පිතිකරණයක නිරත වූ  මේ පිතිකරුවන් දෙදෙනාම අර්ධ ශතක වාර්තා කළහ. නායක හස්මතුල්ලා සහිඩි දැඩි සංයමකින් යුතුව පන්දු 74ක දි නොදැවි ලකුණු 58ක් ලැබුවේය. ඔහුගේ ලකුණු 58ට ඇතුළත් වූයේ හතරේ පහර දෙකක් සහ එක් හයේ පහරක් පමණි.

අනෙක් අන්තයෙන් අතිශයින්ම ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වූ අස්මතුල්ලා ඕමාර්සායි පන්දු 63ක දි නොදැවී ලකුනු 73ක් ලැබුවේ හතරේ පහර 06ක් සහ හයේ පහර 03ක් සමගිනි.

පන්දු 28ක් ඉතිරිව තිබිය දි විකට් 07කින් පරාදය. තරගයේ වීරයා ෆසාල් හක් ෆාරුකීය.

දැන් ඉතින් මේ ලෝක කුසලාන තරගයේ තවත් ගමනක් නැත.  දැන් තියෙන්නේ නවසිලන්තය සමගත්, ඉන්දියාව සමගත් ලෝක වාර්තා සහිතව පරාද නොවි ගෙදර එන්නටය.

මේ තරග දෙක තමන් ගේම් ගසා ගෙනා ටීම් එකටම බාර දී තේරීම් බාර පුතාලත්, පුහුණුකාර පුතාලා ටිකත් දැන්  දකුණු පැත්තට වෙන්නට.  මෙච්චර කල් කළ මාර උදව්වට  සන්තෝයි… බුදු සරණයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකන් ගුවන් යානා 02කට කටුනායකට සහ මත්තලට එන්න බැරි වෙයි… ඉන්දියාවට ගොඩ බස්වයි!

Next Post

උරුම කළමනාකරණ ඉතිහාසයේ කළු දින සටහන් නොකරන්න… ලෝක සම්භවනාවට පත් පුරාවිද්‍යාඥයෙක්  ඇමතිගෙන් ඉල්ලයි…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.