හැටන් රංජිත් රාජපක්ෂ –
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ලැබුණු වර්ෂාපතනය අනුව කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.
මවුස්සාකැලේ ජලාශයේ වේල්ලේ උස අඩි 120 කි. මේ වන විට එම ජලාශයේ ජලය ධාරිතාව පිටාර මට්ටමට අඩි 09 ක් පහලින් තිබෙන බවත්, කාසල්රි ජලාශයේ වේල්ලේ උස අඩි 155 ක් වන අතර , මේ වන විට ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 12 ක් පහළින් තිබෙන බවත් ඉංජිනේරුවරු කීහ.
ජලාශයන් දෙකේම ජල ධාරිතාව ඉහල යාමත් සමග විමලසුරෙන්ද්‍ර , කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව බලාගාර ඉංජිනේරුවෝ කීහ.








