ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කර දොහා කටාර්වලට ගිය මාකිලංගමුවේ සංජීව නොහොත් ගනේමුල්ලේ සංජීව ඒ බව හෙළි වීමෙන් පසු පිටුවහල් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස යළි ලංකාවට පැමිණ ඇති බව විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.
2021 වසරේදී තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් බෝට්ටුවක් හරහා ඉන්දියාවට ගොස් ඇති සංජීව පසුව නේපාලයේ කත්මන්ඩු වෙත ගොස් එතැනින් දෝහා කටාර් වෙත පිටත්ව ඇතැයි අනාවරණය වේ.ෙ
ඒ සඳහා භාවිත කර තිබූ ව්‍යාජ ගමන් බලපත්‍රය සම්බන්ධව අනාවරණ වීමෙන් පසු ඔහු නැවතත් දෝහා කටාර් සිට නේපාලයේ කත්මන්ඩු දක්වාත්, එතැනින් යළි ශ්‍රී ලංකාව දක්වාත් පිටුවහල් කර ඇති බව පොලීසියට තහවුරු ඇත.
ඔහුගේ ව්‍යාජ ගමන් බලපත්‍රයට අනුව ඔහු ලංකාවේ සිට ඉන්දියාවටත්, පසුව නේපාලයටත් පැමිණි බවට සටහන් වී තිබුණත් ඒ තබා ඇත්තේ ව්‍යාජ මුද්‍රා බව මේ වන පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ගණේමුල්ලේ සංජීව පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.







