සුමිත් පොතුපිටිය –
පළතුරු කෑමට පැමිණ අඩි පහක් පමණ ගැඹුරු කොන්ක්‍රීට් කානුවකට ඇදවැටීමෙන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටී ගවයෙකු බේරාගැනීමට කළුතර ගිනිනිවන ඒකකය සහ ටෙලිකොම් නිළධාරීන් අද සමත්ව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .
කළුතර උතුර ගාලුපාරේ පළතුරු කඩයකට දෛනිකව පළතුරු කෑමට පැමිණෙන ගවයා කානුව තුළට ඇදවැටී ඇති බව පොලිසිය පැවසීය.
ප්‍රදේශවාසින් ගවයා බේරාගැනීමට උත්සාහ දරා ඇතත් එය ව්‍යර්ථ වීමෙන් පසු කළුතර උතුර පොලිසිය විසින් කළුතර නගර සභාවේ ගිනි නිවන ඒකකය දැනුවත් කර තිබේ.
ඒ අනුව ක්‍රියාත්මකවූ කණ්ඩ භාර ගිනි නිළධාරී ටී යූ එස් කුරේ ඇතුළු භඨයින් ඔවුන් සතු උපකරණ භාවිතා කර පැයක පමණ මෙහෙයුමකින් පසු ටෙලිකොම් ට්‍රක් රථයක ආධාරයෙන් ගවයා නිරුපද්‍රිතව බේරගැනීමට කටයුතු කර ඇත







