පාස්කු ප්‍රහාරය සම්බන්ධව චෝදනා එල්ල කරමින් පුරා වසර හතරක් තමන් අප්‍රමාණ වද බන්ධනයට ලක් වූ බව කියන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා කරන්නාක් මෙන් මෙම සිද්ධිය සම්බන්ධව ස්වාධීන අන්තර්ජාතික පරීක්ෂණයක් අවශ්‍ය බව අවධාරණය කරයි.
ඔහු පවසන්නේ හෙළි දරව් වූ චැනල් ෆෝ සිද්ධිය අනුව අපරාධය සිදුවී ඇති ආකාරය රටේ ජනතාවට පහැදිලිවී ඇති බව හිටපු ජනාධිපතිවරයා පවසයි.
චැනල් ෆෝ වාර්තා වැඩසහයන සම්බන්ධයෙන් තමන් සකස් කරන ලියූමේ කටයුතු අද අවසන් කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත හමුවන බව ද ඔහු කියයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය අමතා කියන්නේ මෙවැන්නකි.
“චැනල් ෆෝ ගැන අද ඒ ලියුමේ කටයුතු අවසන් කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙ නියෝජිතයො හම්බවෙනවා ගිහින්.”
“ඒ නිසා අපි රටෙත් හඬක් නගනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යෝජනා කර ඇති පරිදිම ජාත්‍යාන්තර වශයෙන් පරීක්ෂණයක් කළ යුතුයි කියලා.”
“අනිත් එක මට දැන් අවුරුදු හතරක් තිස්සේ දෙන්න තියන ඔක්කොම වද දුන්නා. නඩු තීන්දුත් දුන්නා. දැන් චැනල් ෆෝ දිහා බලපුවාම වෙලා තියෙන්නේ ඊට වඩා වෙනස් දෙයක් කියලා රටේ හැම කෙනෙකුට පෙනෙනවා.”