බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

  මාමණ්ඩිය මැරූ පළිය ගන්න සැකකාර ඝාතකයාගේ මවට බස් රථයක් තුළ වෙඩි තැබූ කඩවර ඉෂාර අත් අඩංගුවට…

by editor
සැප්තැම්බර් 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

භාෂිකා හීන්දෙණිය –

කොග්ගල පිහිටි නිවසකට වැදි වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කළ මිනී මැරුම්  සිද්ධියක ප්‍රධාන චූදිතව බන්ධනාගාරගත වි සිටින රොෂාන්  නැමැති අපරාධකරුගේ මවට අම්බලන්තොට සිට කොග්ගල දෙසට ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් තුළ දී වෙඩි තබා ඝාතනය කරන්නට තැත් කළ අපරාධකරුවන් දෙදෙනා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේය.

වෙඩි ප්‍රහාරයට ලක් වී තිබුණේ අම්බලන්තොට කොග්ගල කඩවර පදිංචිකාරියක වූ ලසන්තා රෝහිණී නැමැති 47 හැවිරිදි කාන්තාවකි. ඇය සිය පුතාගේ නඩු කටයුත්තකට පෙනී සිට නිවස බලා එද්දී ඝාතකයින් ඇය ගමන් කළ බස් රථය ලුහුබැඳ පැමිණ මදයමලලන්ද ප්‍රදේශයේ දී බස් රථය හරස් කර නවත්වා බස් රඨත තුළට ගොඩවී වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබිණි.

මෙම කාන්තාවට වෙඩි තැබීම සම්බන්ධයෙන් අත් අඩංගුවට  ගෙන ඇත්තේ කඩවර ඉෂාර නැමැති 31 හැවිරිදි පුද්ගලයෙකි.  ඝාතනය සැලසුම සඳහා පැමිණි  යතුරුපැදිය පැදවා ඇත්තේ ඔහුගේ මිතුරෙකි. මිතුරා ආර්. ඩිල්ෂාන් නැමැති 31 හැවිරිදි තැනැත්තෙකි.  හම්බන්තොට වරාය පොලිස් වසමට අයත් තැලවිල්ල ප්‍රදේශයේ සැඟවී සිටිය දී පොලිසිය විසින් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබිණි.

මේ ඝාතන තැතට හේතුව ගව සොරකමක් පිළිබඳ ඇති වූ ආරවුලකි. පසුගිය ජූලි මස 18 වැනිදා රාත්‍රි කාලයේ දි   වෙඩි ප්‍රහාරයට ලක් වූ කාන්තාවගේ පුතාවන රොෂාන් සහ පිරිසක්  කඩවර ඉෂාරගේ නිවසට පැමිණ   කඩවර ඉෂාරගේ බිරියගේ පියා වෙඩි තබා ඝාතනය කර තිබිණි. ඝාතකයින් පැමිණ තිබුණේ කඩවර ඉෂාර ඝාතනය කිරීම සඳහාය. එම ඉලක්කය වැරදි ගොස් ඔහුගේ මාමාන්ඩිය ඝාතනය විය. එහි පළිය ගැනීමට රොෂාන්ගේ මව ඝාතනය කිරීමට කඩවර ඉෂාර සැලසුම් කර තිබිණි.

අත් අඩංගුවට පත්  කඩවර ඉෂාර පොලිසියට කියා තිබුණේ මෙවැන්නකි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“මාව මරන්න ඇවිත් වැරදිලා වයිෆ්ගේ තාත්තට වෙඩි තියලා මැරුවා. ඒකෙ පලිය ගන්න තමයි මාමන්ඩිට වෙඩි තිබ්බ එකාගේ අම්මට බස් එක ඇතුළෙම මැරිලා වැටෙන්න හිතාගෙන වෙඩි තිබ්බේ. “

එහෙත් බස් රථයේ ගමන් ගත් පිරිසගේත්   ඉලක්ක වූ කාන්තාවගේ 19 හැවිරිදි දියණියගේත් මර ලතෝනිය නිසා ඉලක්කය වැරදී හිසට තැබූ වෙඩි පහර කාන්තාවගේ උරහිසට වැදී තිබිණි.

වෙඩි තැබූ අපරාධකරු පලා ගියේය. කාන්තාව බැරගම ප්‍රාදේශීය රෝහලටත් එතැනින් හම්බන්තොට මහ රෝහලටත් ඇතුළත් කෙරිනි. ඝාතන තැත සඳහා යොදා ගත් බෝර 12 ගිනි අවියත් පොලිස් අත් අඩංගුවට ගෙන ඇත. මාතර අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ මාධ්‍ය ආයතනයක සේවිකාවකට හා ඇගේ සොයුරාට කඩු ප්‍රහාර

Next Post

මත්ද්‍රව්‍ය මිලට ගන්න යාපනය සරසවි සිසුන් 2ක් ජංගම දුරකතන සොරකමේ යෙදිලා

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.