කීර්ති ප්‍රනාන්දු –
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව චැනල් ෆෝ නාලිකාවෙන් හෙළිදරව් කරන කරුණු පිළිබඳව පරික්ෂණයක් කරන්නේ නම් එය සිදුවිය යුත්තේ අපක්ෂපාතී ස්වාධීන ජාත්‍යාන්තර විමර්ශන කණ්ඩායමක් මගින් බවත්, එම විමර්ශනයට පෙර ඊට බලපෑම් එල්ල කල හැකි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඇතුළු විමර්ශනයේ දී චෝදනා ලද සියලුම ආරක්ෂක හා බුද්ධි අංශවල නිලධාරීන්ගේ සේවය විමර්ශන කටයුතු අවසන් වනතුරු අත්හිටුවිය යුතු බවත් කාදිනල් හිමිපාණෝ කීහ,
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ චැනල් ෆෝ නාලිකාවේ විකාශය වූ වාර්තා චිත්‍රපටය සම්බන්ධව ස්වකීය අදහස ප්‍රකාශ කිරීම සඳහා අද (06) කැඳවූ මාධ්‍ය හමුවකදී ය.
මෙම ජාත්‍යාන්තර විමර්ශන කණ්ඩායමට සහයෝගය ලබා දීම සඳහා පත්කරන ලබන දේශීයවිමර්ශන කණ්ඩායමට දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විවිධ ප්‍රදේශවලට මාරුවීම් ලබා දී තිබෙන විමර්ශකයින් සියලු දෙනාම ඇතුළත් විය යුතු බවත් කාදිනල් හිමිපාණෝ කියති.
උන් වහන්සේ පවසන්නේ මේ මහා කුමන්ත්‍රණය සම්බන්ධව විනිවිද පෙනෛන අවංක විමර්ශනයක් සිදුකරගැනීමට නොහැකිව සිටින අවස්ථාවක බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව මේ සම්බන්ධව දක්වන ලද උනන්දුව පිළිබඳ එම නාලිකාවේ පැරණි හැසීරීම අමතක කර තමන්ගේ කෘතඥතාවය පිරිනමන බවය.
කාදිනල් හිමිපාණන් විසින් මාධ්‍ය හමුවේ ඉදිරිපත් කළ ප්‍රකාශය පහත දැක්වේ. 








