අද ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අත් අඩංගුවට ගත් සචිත්‍ර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වෙත ඉදිරිපත් කළ පසු ඔහුව සැප්තැම්බර් 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නායෝග කර ඇත.
2021 වසරේ දී හම්බන්තොට පැවැති ලංකා ප්‍රිමියර් ලීග තරගාවලිය අතරතුර සචිත්‍ර සේනානයක ඩුබායි හි සිට කලම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකිං කන්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනෙකුට මුදලට තරග පාවා දීම සඳහා යෝජනා කළ බව අනාවරණය වීමත් සමග මෙම තරග පාවා දීමේ චෝදනාව ඔහුට ගොනු විය.
අද උදේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට නීතිඥයෙක් සමග පැමිණ සිටි සචිත්‍ර සේනානායක එම ඒකකය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.







