ඉන්දියාව සූර්යයා අධ්‍යයනය කිරීමේ පළමු උත්සාහය අද (02) මිට සුුළු වෙලාවකට පෙර දියත් කළේය.අද උදේ 11.50ට ආදිත්‍ය-එල් 1 අභ්‍යවකාශ යානය රැගත් රොකට්ටුව ආන්ද්‍රා ප්‍රදේශ්හි ශ්‍රීහරිකෝටා හි සතිෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට සිය ඓතිහාසික ගමන ආරම්භ කර තිබිණි.
පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5 ක් ඔබ්බෙන් වූ සිය ඉලක්ක ස්ථානයට ළඟා වීමට ආදිත්‍ය-එල් 1 දින 109 ක් ගතවනු ඇත.
එම ඉලක්ක ස්ථානය වන්නේ සූර්යයාගේ ගුරුත්වාකර්ෂණයට හසු නොවී විනාශය කරා ඇදී නොගොස් තම කක්ෂය පවත්වා ගත හැකි ආසන්නතම ස්ථානයයි.
පෘථිවිය පිහිටන්නේ සූර්යයාගේ සිට කිලෝමීටර මිලියන 151 ක් දුරකිනි.
ආදිත්‍ය-එල් 1 යානයේ සූර්ය ක්‍රියාකාරකම් පිළිබඳ දිගුකාලීන අධ්‍යයනයන් සිදුකරන විද්‍යාත්මක උපකරණ වේ. එහි මෙහෙයුම මාස 6ක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) සඳෙහි දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයට අභ්‍යවකාශ යානයක් ගොඩ බැස්වූ පළමු රට බවට පත්වෙමින් පසුගිය සතියේ සිය මෙහෙයුමේ සාර්ථකත්වය අත් වින්දේය. .
ඉන්දියාව ගැඹුරු අභ්‍යවකාශය ගවේෂණය කරන අනෙකුත් ජාතීන් වන ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව සහ චීනය වෙත වේගයෙන් ලඟා වෙමින් සිටී.
ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) 1975 සිට රොකට් 100 කට ආසන්න ප්‍රමාණයක් දියත් කර ඇති අතර, ප්‍රධාන වශයෙන් චන්ද්‍රිකා පෘථිවිය වටා ගත කර තිබිණි.
එහි පළමු ගැඹුරු අභ්‍යවකාශ උත්සාහය වූයේ 2013 දී චන්ද්‍රිකාවක් අඟහරු ග්‍රහයා වටා කක්ෂගත කළ මංගල්‍යාන් නැමැති සාර්ථක මෙහෙයුමයි.
ඉන් අනතුරුව චන්ද්‍ර මෙහෙයුම් තුනක් සිදු කරන ලදී. එහි නවතම මෙහෙයුම ලෙස අගෝස්තු 23 වන දින චන්ද්‍රයාන්-3 චන්ද්‍රයාගේ ගවේෂණය නොකළ දක්ෂිණ ධ්‍රැව කලාපය ගවේෂණය කිරීම සඳහා රෝවරයක් ගොඩබැස්සවීමය.