බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රී කුණාමලය බොරළුකන්ද රජ මහා විහාරයේ ඉදිකිරීම් සඳහා අවසර ලැබෙයි…

by editor
අගෝස්තු 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ත්‍රී කුණාමලය – සමන් මල්ලවආරච්චි-

බොරළු කන්ද පුරාණ රජ මහා විහාරයේ ඉදිකිරීම් සහ පන්සල් වත්ත සුද්ධ පවිත්‍ර කිරීම් වලක්වා ආණ්ඩුකාරවරයා ගේ උපදෙස් පරිදි නගර හා කඩවත්   ප්‍රාදේශීය ලේකම් පී. දනේෂ්වරන්  විසින් පසුගිය ජූලි මස 09 වැනිදා දාතමින් යුතුව ලිඛිතව පනවා තිබූ තහනම අවලංගු කර තිබේ.

අද (28) දිස්ත්‍රික් ලේකම්වරයාත්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දීල් තොන්ඩමන් ඇතුළු දේශපාලන අධිකාරියත්  විහාරාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ ගේ නියෝජිත පිරිසක් සමග සාකච්ඡා කිරීමෙන් පසු නැවත ඉදිකිරීම් සඳහා අවශ්‍ය අවසරය ලබා දුන් බව ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම තහනමට එරෙහිව අවස්ථා කීපයක දී බෞද්ධ භික්ෂූන්වහන්සේ ප්‍රමුඛ බෞද්ධ ජනතාවගේ දැඩි විරෝධය පැන නැගිනි.

එමෙන්ම පසුගිය දා පාර්ලිමේන්තුවේ දී අතුරලියේ රතන හිමියන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සංස්කෘතික හා බුද්ධ ශාසන ඇමති විදුර වික්‍රමනායක ප්‍රකාශකළේ ආණ්ඩුකාරවරයාගේ තීරණය රජය පිළිනොගන්නා බවත් බොරළුකන්ද විහාරයේ ඉදිකිරීම් කරගෙන යා හැකි බවත්ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කෙසේ වෙතත් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත යැවූ ලිපියට විරෝධය දක්වමින් ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට අද (28) ත්‍රී කුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට වැඩම කළ හිමිවරුන්ට එහි ප්‍රවේශවීමට ඉඩ නොදීම නිසා එම ස්ථානයේ  උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

හිමිවරු මහනුවර ත්‍රීකුණාමලය මාර්ගය හරස් කොට විරෝධතාවයක නිරත වූහ. ඒ අතර භික්ෂු නියෝජිත පිරිසකට සාකච්ඡාවක් සඳහා දිස්ත්‍රික් ලේකම්වරයාගෙන්  ආරාධනාවක් ලැබිණි.

ඒ සාකච්ඡාවේදී   මෙම ඉදිකිරීම් අනුමැතිය ලබා දී තිබුණ බව ආණ්ඩුකාර  කාර්යාලය පැවසුවේය.

බොරළුකන්ද රජ මහා විහාරයේ ඉදිකිරිම් අත්හිටුවමින් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් යැවූ ලිපිය…

කෙසේ වෙතත් රජයේ මතය වී තිබුණේත් ත්‍රී කුණාමලය පෙරියකුලම් ඉලුප්පකුලම් හි පිහිටා ඇති බොරළුකන්ද පුරාණ රජ මහා විහාරය  බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකර ඇති බෞද්ධ ආගමික මධ්‍යස්ථානයක් හෙයින් එහි සංවර්ධන කටයුතු පවත්වාගෙන යෑම ගැටලුවක් නොවන බවය.

මෙම පුරාණ රජ මහා විහාරයේ පන්සල් වත්ත ශුද්ධ පවිත්‍ර කිරීමට අවට ජනතාව දැඩි ලෙස විරෝධය දක්වන බව දන්වමින් ආර්. සම්පන්දන් මන්ත්‍රීවරයා සහ නැගෙනහිර පලාත් ආණ්ඩුකාර සෙන්දීල් තොණ්ඩමන් දුරකථනයෙන් කළ වාචික නියෝගයකට අනුව ප්‍රාදේශිය ලේකම්වර විසින් ජූලි මස 09 වැනිදා දාතමින් යුතු ලිපියක් විහාරාධිපති හිමියන්ට යොමු කරමින් පන්සල් වත්ත සුද්ධ කිරීමත් වැලැක්වූයේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටිබෙට් සංහාරය මැදිහත් වන චීන නිලධාරීන්ට ඇමරිකාවෙන් සංචරන තහනමක්

Next Post

මාතර දිසා විනිසුරු නිල නිවසේ රාජකාරි කල සැරයන් වරයෙක් වෙඩි වැදි මරුට… සිය දිවි නසා ගැනීමක්දැයි සැකයක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.