බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරේ බෞද්ධ සිද්ධාස්ථානවලින් භික්ෂූන් ඉවත් කළ යුතුයි..  උතුරු නැගෙනහිර සංඝනායක හිමියන්ගෙන් අපූරු යෝජනාවක්..

by editor
අගෝස්තු 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

උතුරේ නටබුන් වී ගිය බෞද්ධ සිද්ධස්ථාන සදහා විහාරාධිපති හිමිවරුන් පත් නොකොට එම ස්ථානවල  පූර්ණ වගකීම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතට පත් කළ යුතු බව උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝ නායක සියඹලාගස්වැවේ විමලසාර නා හිමියෝ පැවසූහ.

උන්වහන්සේ එසේ පැවසුවේ කුරුඳුමලේ විහාරය හෙවත් කුරුන්දිය විහාරයේ අර්බූදය සම්බන්ධයෙන් ජනතාව හා මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට   ජාතික සමගිය සඳහා වූ සර්ව ආගමික ජනතා එකමුතුව විසින්  වවුනියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාම විහාරස්ථානයේදී ඊයේ (21)   පැවති සාකච්ඡාවකදීය.

තව දුරටත් අදහස් දැක් වු උන් වහන්සේ කියා සිටියේ යුද සමයේදී මෙම පලාතට කිසිදු නෑකමක් සම්බන්ධයක් නොමැති මහා සංඝ රත්නය සාමය එළඹීමෙන් පසුව පැමිණ උතුරේ  බෞද්ධ සිද්ධස්ථාන සඳහා අයිතිවාසිකම් කීමත් විහාරාධිපති හිමිවරුන් ලෙස පත් වී විහාරස්ථාන  සදහා  අධික ඉඩම් ප්‍රමාණයක් අත් පත්කර ගැනීමට යාමත් නිසා සිංහල හා දෙමළ ජනතාව අතර  විශාල ජාති හා ආගම් හේදයක් ඇති වී තිබෙන බවයි.

වහාම මේ පිළිබඳව රජය මැදිහත් වී ස්ථිර තීරණයක් ගත යුතු බවත් එහිදී උතුරේ නටබුන් සහිත සිද්ධස්ථානවල අයිතිය හා බාරකාරත්වය පුරා විද්‍යා නිලධාරීන්ගේ අතට පත් කළ  යුතු බවත් උන් වහසේ මෙහිදී ප්‍රකාශ කළහ.

මේ අවස්ථාවේදී කතා කළ උතුරු නගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක  මඩුකන්ද ශ්‍රී දළදා විහාරයේ විහාරාධිපති මුවඇටගම ආනන්ද නාහිමියන් ප්‍රකාශ කළේ දෙමළ වැසියන් බෞද්ධාගමට කිසිසේත්ම විරුද්ධ නොමැති බවයි. එය  එසේ වූවා නම් යුද සමයේදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට මුළු උතුරු  පලාතේම තිබූ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කොට දැමීමට අවස්ථාව තිබූ බවද උන්වහන්සේ මෙහිදී පැවසූහ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

නමුත් දෙමළ වැසියන් බෞද්ධ සිද්ධස්ථානවලට පැමිණෙන විට ඔවුන්ගේ ගමන  වළක්වා ලීමට බෞද්ධ ජනතාව හෝ  සංඝ රත්නය කටයුතු නොකළ යුතු බව කී ආන්නද හිමියෝ කුරුදුමලේ විහාරයද   බෞද්ධයින් හා හින්දූන් එකට ගොස් වන්දනාමාන කරන ශ්‍රී දළදා මාලිගය, ශ්‍රී පාදස්ථනය නාගදීපය වැනි සිද්ධස්ථාන මෙන්  ආරක්ෂා කිරීම වැදගත් බව කීහ.

නාගදීප විහාරයේ විහාරාධිපති නවදගල පදුමකිත්ති හිමියන් පවසුවේ දෙමළ වැසියන්ට අයත් ඉඩම්වල බෞද්ධ සිද්ධස්ථාන ඉදි කිරීම වහාම නතර කළ යුතුව ඇති බවයි.

එමෙන්ම බලහත්කාරයෙන් උතුරේ අලුතින් විහාරස්ථාන ඉදි කිරීම නොකළ යුතු බවද උන්වහන්සේ මෙහිදී කියා සිටියහ.

මේ නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇති වන බව යාපනයේ බෞද්ධ වෙහෙර විහාරස්ථාන කීපයක් උදාහරණ යට ගනිමින් උන්වහන්සේ කියා සිටියහ.

පෙරියඋලුක්කුලමේ සුමනතිස්ස    සවාමීන්   වහන්සේ මෙහිදී ප්‍රකාශ කළේ බෞද්ධයින් නොමැති උතුරේ නටබුන් සහිත ප්‍රදේශ පුරා විද්‍යා පනතට අනුව එම නිලධාරීන් විසින්ම සුරැකිය යුතු බවයි.

නමුත් හිටපු පුරා විද්‍යා කොමසාරිස් ජනරාල්වරු පවා මේ ප්‍රශ්නය සිංහල බෞද්ධ කෝණයකින් හා ජාති මාමකත්වයකින් පමණක් බැලීම නිසා අනවශ්‍ය ප්‍රශ්න ගණනාවක් ඇති වී තිබෙන  බවද උන්වහන්සේ  පෙන්වා දුන්හ.

මෙම සාකච්ඡාවට හින්දු කතෝලික ඉස්ලාම් යන සියළු ආගම් වලට අයත් ආගමික නායකයෝද හින්දු බෞද්ධ සංගමයේ විශාල පිරිසක්ද සහභාගී වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දළදා මාළිගාවට ඩ්‍රෝන කැමරාවක් යැවූ චීන ජාතිකයෙක් අත් අඩංගුවට…

Next Post

උමාරා ජාතික ගීය වැරදියට ගායනා කර රටේ ව්‍යවස්ථාව කඩලා… විමර්ශකයෝ තීරණය කරති!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.