ඕස්ට්‍රේලියාවේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධව ක්‍රීඩා අමාත්‍ය වරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව සිදුකළ වෝහාරික විගණන වාර්තාව ක්‍රිකට් ආයතනයට ලබා දී ඇතත් මෙතෙක් ඔවුන් එයට පිළිතුරු සපයා නොමැත.
දින 14 ක් තුළ පිළිතුරු බඳින මෙන් දන්වා ඇතත් පිළිතුරු බැඳීම සඳහා දෙවරක්ම කල් ඉල්ලා ගත් ක්‍රිකට් ආයතනය නැවත වරක් මේ මස 26 දක්වා කල් ඉල්ලා තිබේ.
එහෙත් මෙවර කල් ඉල්ලීම විගණකාධිපති වරයා විසින් අනුමත කර නොමැති බව වාර්තා වේ.
පසුගිය දිනවල ක්‍රිකට් ආයතනය තුළ මේ වාර්තාව අධ්‍යයනය කිරීම සඳහාෙ නීතිඥයන් රැසක් පැමිණ තිබේ.
මෙම වෝහාරික විගණනයෙන් පැන නැගුණු කරුණු පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් මේ මස 24 වැනිදා පැවැත්වීමට නියමිතය.
ලංකාසරට වාර්තාවන ආකාරයට පිළිතුරු ලබා දීම 26 වැනිදා දක්වා කල් ඉල්ලා ඇත්තේ 24 විවාදයට පෙර එය පාර්ලිමේන්න්තු සභා ගත කිරීම වළක්වා ගැනීම සඳහා උප්පරවැට්ටියක් වශයෙන් බව කියවේ







