බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

විස්සයි20 සංචිතයෙන් මාලිංග විසිවෙයි ද?

ජාතික ක්‍රිකට් පිලේ පළමු අදියරේ පුහුණුවීම් සඳහා ලසිත්  මාලිංග කැඳවා නැහැ

by editor
මැයි 24, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක- 

ජූනි මස 1 වැනිදා ආරම්භ වන ජාතික ක්‍රිකට් පිලේ පළමු අදියරේ පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායක ලසිත්  මාලිංග කැඳවා නොමැති බව ආරංචි මාර්ග සඳහන් කරයි.  ජාතික පිලේ පුහුණු කටයුතු සඳහා ලසිත් මාලිංග ඇතුළත් නොවීම විස්සයි20 ලෝක කුසලාන තරගමාලාවට කණ්ඩායම තෝරාගැනීමේදී අවස්ථාව ලබා නොදීමේ තීරණයක් මත සිදුවූයේදැයි ඇතැමුන් සැක පහළ කරති. 

කෙසේ වුවත් 36 හැවිරිදි මෙම වේගපන්දු යවන්නාගේ දණහිසේ පවතින ආබාධය හේතුවෙන් ඔහුටම ආවේනික වූ පුහුණු ක්‍රමවේදයක් ලබා දී ඇති බැවින් කණ්ඩායමේ පුහුණුවීම් සඳහා ඔහු සහභාගි කර නොගැනීමට හේතුව බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කොවිඩ් 19 වසංගතයෙන් අඩපණ වූ ක්‍රිකට් ක්‍රීඩාව නැවත පණ ගැන්වීමට  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) ලබාදුන් උපදේශනමාලාවට අනුව එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පිලේ පළමු අදියරේ පුහුණුව සඳහා වේගපන්දු යවන්නන් සහ දඟපන්දු යවන්නන් කිහිපදෙනකු සහභාගි වනු ඇත. 

ජාතික ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ තේරීම් කමිටු ප්‍රධානී අසන්ත ද මෙල් විසින් තෝරාගනු ලැබූ ක්‍රීඩකයන් ඊට ඇතුළත් වෙති. ඒ අනුව ළහිරු කුමාර, කසුන් රාජිත, සුරංග ලක්මාල්,  විශ්ව ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප් සහ ඉසුරු උදාන වේගපන්දු යවන්නන් ලෙස එක්වෙනු ඇත. එමෙන්ම ලක්ෂාන් සඳකැන්, ලසිත් ඇඹුල්දෙණිය සහ වනිඳු හසරංග  දඟ පන්දු යවන්නන් ලෙස මෙම පුහුණුවීම්වලට සහභාගි වනු ඇතැයි ද කඩුලු රකින පිතිකරු කුසල් ජනිත් පෙරේරා ද ඊට එක්වනු ඇතැයි ද ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

මිට අමතරව ඇන්ජෙලෝ මැතිව්ස්ට සහ තිසර පෙරේරාට නිවසේ සිට පුහුණුවීම් සිදුකිරීමට විශේෂ වැඩසටහන් සකස් කර දී ඇතැයි ද වාර්තා වෙයි. 

ක්‍රීඩකයන්ගේ පුහුණුවීම් ආරම්භ කිරිමත් සමග ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් දැනට නවාතැන් ගෙන සිටින තරු පහේ හෝටලයෙන් ඉවත්ව පුහුණුවීම් සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නවාතැන් වෙනුවෙන් සූදානම් කර ඇති තරු පහේ හෝටලයේ නවාතැන් ගැනීමට නියමිතය. එහිදී ක්‍රීඩකයන් හෝටල පරිශ්‍රය තුළ පිහිටි ශාරිරික අභ්‍යාස මධ්‍යස්ථානය සහ පිහිනුම් තටාකය පරිහරණය කරනු ඇත. 

විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව මේ වසරේ ඔක්තෝබර් මාසයේ ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිත වූවත් කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය මත තරගමාලාව පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක පවතී. එහෙත් ඊට සුදුසුකම් ලබා සිටින සෑම කණ්ඩායමකම පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ එම තරගමාලාව ඉලක්ක කරමිනි.  ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සහ අවසන් සංචිතය පිළිබඳ මෙතෙක් තීරණය වී නොමැත. 

 

Tags: නවතම
Share76Tweet43
Previous Post

යාපනයේ හමුදා භට පිරිසකට උරුම්පායි හිදී ප්‍රහාරයක්

Next Post

ජපාන ටෙනිස් තරුව ලොව වැඩිම ආදායම් උපයන ක්‍රීඩිකාව වෙයි

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.