බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ජපාන ටෙනිස් තරුව ලොව වැඩිම ආදායම් උපයන ක්‍රීඩිකාව වෙයි

මාස දොලහක ආදායම ඩොලර් මිලියන 31 යි....

by editor
මැයි 24, 2020
in ක්‍රීඩා
නයෝමි ඔසාකා

නයෝමි ඔසාකා

Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක- 

ජපාන ටෙනිස් තරුව  නයෝමි ඔසාකා ලොව වැඩිම ආදායම් උපයන ක්‍රීඩිකාව බවට පත්වූවාය. ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාවේ නවතම ලැයිස්තුවට අනුව 22 හැවිරිදි මේ ක්‍රීඩිකාව වැඩිම මුදලක් උපයාගත් ක්‍රීඩිකාව බවට පත්වූයේ ඊට පෙර එවැනි ආදායමක් ලැබූ  අමෙරිකානු ටෙනිස් ශූරිය සෙරීනා විලියම්ස් අබිබවා යමිනි. 

ග්‍රෑන්ඩ් ස්ලෑම් සුපිරි ටෙනිස් කුසලාන දෙකක් දිනා ඇති නයෝමි පසුගිය මාස 12 ඇතුළත උපයාගත් මුදල අමෙරිකානු ඩොලර් මිලියන 30.7ක් වන අතර එය 38 හැවිරිදි සෙරීනා විලියම්ස් ලැබූ ආදායමට වඩා මිලියන 1.15ක වැඩිවීමකි. ඇය වසර 2020 ෆෝබ්ස් ලැයිස්තුවේ වැඩිම ආදායම් උපයන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියදෙනාගේ ලැයිස්තුවේ 29 වැනි තැන පසුවන්නිය. සෙරීනා විලියම්ස් රැඳී සිටින්නේ ඇයට වඩා ස්ථාන 4ක් පහළිනි. ලබන සතියේදී ෆෝබ්ස් සඟරාව නිකුත් කිරිමට නියමිත වැඩිම ආදයම් ලබන ක්‍රීඩකයන් ක්‍රීඩිකාවන් ඇතුළු ධනවතුන්ගේ ලැයිස්තුවේ සියදෙනා අතර මීට පෙර ක්‍රීඩිකාවන් දෙදෙනකු ඇතුළත් වී ඇත්තේ වසර 2016දීය. 

සෙරීනා විලියම්ස් පසුගිය වසර 4 පුරාම ෆෝබ්ස් ලැයිස්තුවේ  වැඩිම ආදායම් උපයන ක්‍රීඩිකාව ලෙස සිටි අතර ඊට පෙර රුසියාවේ මරියා ෂරපෝවා වසර 5ක්ම එම ස්ථානයේ රැඳී සිටියාය. 

නයෝමි සහ ඔසාකා වර්තමානය වනවිට ලොව නවතම ටෙනිස් ප්‍රතිවාදිනියන් බවට ද පත්වී සිටිති. නයෝමි පළමුවරට ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළක් දිනූ 2018 වසරේ අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් තරගයේදී ඇගේ ප්‍රතිවාදිනිය වූයේ ද සෙරීනාය. පසුගිය වසරේ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවත් දිනාගත් නයෝමි ලෝක ටෙනිස් පිටියේ අංක එකේ ක්‍රීඩිකාව බවටත් පත්ව සිටියාය. එවැනි ගෞරවයක් ලැබූ පළමු ආසියාතික ක්‍රීඩිකාව ද ඇය වන්නීය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජපානයේ වෙළෙඳ සන්නාම ප්‍රවර්ධනය කිරීම් අතර ඉහළම ජනප්‍රියත්වය ලැබූ නිරූපිකාවක්  බවට පත්වී සිටින නයෝමි ජාත්‍යන්තර වෙළෙඳ සන්නාම වන නයිකි, නිසාන්, යෝනෙක්ස් ඇතුළු රැසක් සමගම ගිවිසුම් ගතවී සිටින්නීය.

ජපානය නියෝජනය කළ ද නයෝමි පදිංචිව සිටින්නේ අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේය. හයිටි ජාතික ඇගේ පියාත්. ජපාන ජාතික මවත් අමෙරිකාවේ පදිංචියට යද්දී නයෝමිට අවුරුදු 3කි. පසුගිය වසර වනතුරු ද්විත්ව පුරවැසිභාවය ලබා සිටි ඇය මේ වසරේ ජපානයේ පැවැත්වීමට නියමිතව තිබී කොවිඩ් වසංගතය නිසා ලබන වසරට කල් ගිය ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ජපානය නියෝජනය කිරීමේ බලාපොරොත්තුවෙන් අමෙරිකානු පුරවැසිභාවය අත් හැරියේ පසුගිය වසරේදිය. ඇයට එසේ කිරීමට සිදුවූයේ ජපානය ඇතුළුව ද්විත්ව පුරවැසිභාවය හිමි ඕනෑම අයකු අවුරුදු 22 වනවිට  සිය ජාතිකත්වය තෝරාගත යුතු බවට පනවා ඇති ජපාන නීතියක් අනුවය. ඇගේ අපේක්ෂාව දිගටම මවුබිම නියෝජනය කිරීමය. 

 

Share69Tweet43
Previous Post

විස්සයි20 සංචිතයෙන් මාලිංග විසිවෙයි ද?

Next Post

කොළඹ සියලු රෝ්හල්වල ආරක්ෂාව තර වේ

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.