බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ඇදහීමේ නිදහස අදහස් ප්‍රකාශ කිරීම ඇතුළේ සඟවන්න එපා… ස්වීඩනයේ දී ශුද්ධ වූ කුරාණය ගිනි තැබීමේ සිදුවීම  ජනපති හෙළා දකී!

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැළඹීම් ඇති වීමට  ඉඩ නොදෙන ලෙස බටහිර ජාතීන්ගෙන් ඉල්ලයි

by editor
ජූලි 12, 2023
in දේශපාලන
Ranil
Share on FacebookShare on Twitter

ස්වීඩනයේ දී ශුද්ධ වූ කුරාණය ගිනි තැබිමේ සිදුවීම තමා දැඩි ලෙස හෙළා දකින බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැළඹීම් ඇති වීමට  ඉඩ නොදෙන ලෙසත් බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ රත්නපුර නව අධිකරණ සංකිර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (11) පස්වරුවේ එක්වෙමිනි.

රත්නපුර දිස්ත්‍රික් ජනතාවට එකම ගොඩනැඟිල්ලක් තුළ අධිකරණ කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීමේ අවස්ථාව සලසාදීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අගමැතිවරයාව සිටියදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මෙම අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් 2018 සැප්තැම්බර් 10 වනදා ආරම්භ කෙරිණි.

පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ මෙම නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීම් ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය නොවන වියදම් සීමා කරමින් කාලීන අංගයන් පමණක් ඇතුළත්වන සේ ඉදිකිරීම් අවසන් කර ඇති අතර ඒ සඳහා  වැය කර ඇති මුදල රුපියල් මිලියන 1500කි.

මහල් 4කින් සමන්විත මෙම ගොඩනැගිලි සංකීර්ණය මහාධිකරණ දෙකක්, සිවිල් අභියාචනා මහාධිකරණයක්, දිසා අධිකරණ දෙකක්, මහේස්ත්‍රාත් අධිකරණ දෙකක්, නීති ආධාර මධ්‍යස්ථානයක් හා ප්‍රජා විශෝධන කාර්යාලයක් ඇතුළු අධිකරණ සංකීර්ණයක් සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

සමරු ඵලකය නිරාවණය කර අධිකරණ සංකීර්ණය විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අතින් සිදු විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය

අද මෙම උත්සවයේ කටයුතු ආරම්භ කළේ ආගමානුකූලවයි. මින් පිළිඹිබු වන්නේ අපේ රටේ තිබෙන ආගමික ලැදියාව පමණක් නොවෙයි.  මූලික අයතිවාසිකමක් ලෙස ආගමික නිදහස ආරක්ෂා වන බවත් එයින් පිළිඹිඹු වෙනවා.

ආගම් ඇදහීමේ අයිතිය පිළිබඳ සමස්ත සංකල්පය දැන් අභියෝගයට ලක්ව තිබෙන අතර මානව හිමිකම් කවුන්සිලය එළැඹෙන බ්‍රහස්පතින්දා වන විට ඒ පිළිබඳ තීරණයක් ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

පසුගිය මාසයේ අග භාගයේ දී සල්වාන් මොමිකා (Salwan Momika) නමැත්තෙකු ස්වීඩනයේ තුර්කි තානාපති කාර්යාලය ඉදිරිපිටදී කුරාණය පුළුස්සා දැමීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා. පොලිසිය ඊට අවසර ලබා දීම ප්‍රතික්ෂේප කළත්, එය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් බව ශ්‍රේෂ්ඨාධිකරණ පරිපාලන උසාවිය සඳහන් කර තිබෙනවා.

මෙහිදී පොලිසිය ක්‍රියා කළේ ආගම් ඇදහීමේ අයිතිය මතයි. එය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා. ශුද්ධ වූ කුරාණයට ගිනි තැබීමෙන් පසු එම ප්‍රදේශය තුළ විශාල කළබලයක් ඇති වුණා. ස්වීඩනයට සියලු රටවලින් බලපෑම් එල්ල වුණා.

සියලුදෙනා එය හෙළා දුටුවා.   ඊශ්‍රායලය පවා සඳහන් කළේ මෙය සිදු නොකළ යුත්තක් බවයි. මෙය ඒබ්‍රහම්ගේ දෙවියන් පිළිබඳ ශුද්ධ වු ග්‍රන්ථයක් වන අතර එයට අගෞරව නොකළ යුතු බව එහිදී සඳහන් කෙරුණා.

ස්වීඩනය ද සඳහන් කරන්නේ ශුද්ධ වූ කුරාණය ගිනි තැබීම පිළිකුල් සහගත සහ අගෞරවනීය ක්‍රියාවක් සහ උසි ගැන්වීමක් බවයි. නමුත් ඔවුන් පසුව කියා සිටියේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ රැස්වීම් පැවැත්වීමේ අයිතිය ව්‍යවස්ථාපිතවම ආරක්ෂා කළ යුතු බවයි.

මෙම ප්‍රතිචාරය හමුවේ ඇතැම් බටහිර ආණ්ඩු සඳහන් කළේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මෙය බවයි. මෙලෙස ඔවුන් එය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතට ගෙනාවා. එහි ප්‍රතිඵලයක් ලෙස දැන් පකිස්ථානය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගොස් තිබෙනවා.

NGO ආකල්පය –

මෙය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර එය 13 වැනි බ්‍රහස්පතින්දා ජිනීවාහිදී කැඳවා තිබෙනවා. දැන් මතුවන ප්‍රශ්නය මෙයයි. අප සියලුදෙනා මෙය සලකන්නේ ආගම් ඇදහීමේ නිදහස උල්ලංඝනය කිරීමක් ලෙසයි. නමුත් මෙය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතට ගෙන ඒමේ උත්සාහයක් තිබෙනවා. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතට සියල්ල ගෙන ආ නොහැකි අතර එහි සීමාවක් තිබිය යුතුයි.

ඇතැම් රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධාන පවසන්නේ මෙම යෝජනාව සම්මත වුවහොත් එය බටහිර රටවලට පසුබෑමක් වන බවයි. මෙය බටහිර හෝ නැගෙනහිර හෝ උතුර හෝ දකුණ පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි මේ ආගම් ඇදහීමේ  අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්.

මම මුහම්මද් නබිතුමාගේ අනුගාමිකයෙක් නොවෙයි. නමුත් මම හිතන්නේ ශුද්ධ වූ කුරානය බොහෝ වටිනා ග්‍රන්ථයක් බවයි. රේගෙදාස්හි භගවත් ගීතාව සහ බයිබලය ඒ හා සමානව අප සියලු දෙනාටම භාවිතා කළ හැකියි. ඒ හා සමානව  ධම්ම පදයේ හෝ ත්‍රිපිටකයේ ප්‍රයෝජනවත් කරුණු ආදර්ශයට ගන්න බෞද්ධ නොවන ජනතාවත් සිටිනවා.

එබැවින් අප සියලුදෙනාම මෙය ආගමට එරෙහි ප්‍රහාරයක් ලෙස සලකන නමුත් ඇතැම් බටහිර රටවලට අනුව එය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යටතට ගැනෙනවා. එසේ සිදුව තිබෙන්නේ ඔවුන් පවතින ව්‍යාකූලත්වය අවම කිරීම සඳහා ප්‍රකාශනය පිළිබඳ සංකල්පය පුළුල් කිරීමට උත්සාහ කිරීම නිසයි.

එම නිසා ඔවුන්ගේ මතය වන්නේ බටහිර රටවල හර පද්ධතිය ව්‍යාප්ත කිරීමට ඔවුන්  අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යොදා ගන්නා බවයි. එසේම මෙම හර පද්ධතිය ලෝකය පුරා ව්‍යාප්ත කළයුතු බව ඔවුන් විශ්වාස කරනවා. අප සෑමවිටම ප්‍රජාතන්වාදය අගය කරනවා. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැහැ. නමුත් මම කතා කරන්නේ මෙම සිදුවීමට අදාළවයි. මෙහිදී ශ්‍රී ලංකාව පිළිබඳ වෙන කිසිවක් කතා කිරීමට මම කටයුතු කරන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර අත්සන් තැබුණු ගිවිසුමට අනුව අප අපගේ වගකීම් සපුරා නොමැති බව මම පිළිගන්නවා.

ජනීවා මානව හිමිකම් කවුන්සලයට මොනද කරන්නේ?

ඒ නිසා අප තීරණය කළා අපේ අදහස් මොනවා වුණත් යුතුකම් ඉටුකරමින් ඉදිරියට යමු කියලා. අපි ජීනිවා මානව හිමිකම් කවුන්සලයෙන් අහන්නේ ඔබ ඇයි නිහඬ කියලා. කොමිසම මේ පිළිබඳ මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නැත්තේ ඇයි? ඇයි ඔබ ඡන්දයක් එනකම් බලාගෙන ඉන්නේ? මෙය අප සියලුදෙනාටම ඉතා වැදගත් කාරණයක්. අපි පිළිපැදිය යුත්තේ කුමන හර පද්ධතිය දැයි පැවසිය යුතුයි.

අපගේ අධිකරණය බලය සහ පරමාධිපත්‍යය ලැබෙන්නේ ජනතාවගෙනුයි. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින් ලෙස අප මානව හිමිකම් ප්‍රකාශය අනුගමනය කළ යුතුය. නමුත් එසේ නම් අප අනුගමනය කරන්නේ කුමන හර පද්ධතියක්ද? අපි මෙතෙක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සියලු නියමනයන් අනුගමනය කළා. නමුත් ප්‍රශ්නයක් මතුව තිබෙනවා. ඒ සියල්ල රඳා පවතින්නේ ඔවුන් ගන්නා ස්ථාවරය මතයි.

ඔබේ ඇදහීමේ නිදහස අභියෝගයට ලක්කළ නොහැකියි. එමෙන්ම එයට වෙනත් අර්ථකථනයක් ලබාදෙමින් ප්‍රකාශනයේ නිදහසට මුවාවී ඇදහීමේ නිදහස අහිමි කළ නොහැකියි. මානව හිමිකම් ප්‍රකාශනය ඇති වූයේ එක්සත් ජනපද ජනාධිපතිවරයා  භාෂණයේ සහ ප්‍රකාශනයෙන් නිදහස තහවුරු කර ඇති අවස්ථාවකයි. ඔහු ප්‍රකාශ කළ පරිදි දෙවැනි නිදහස වන්නේ ඕනෑම අයෙකුට තම කැමැත්ත පරිදි දෙවියන්ට නමස්කාර කිරීමට ඇති නිදහසයි. නමුත් මානව හිමිකම් ප්‍රකාශය පරිදි එය ආගම සහ ඇදහීම ලෙස කොටස් දෙකකට බෙදී තිබෙනවා.

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති රූස්වෙල්ට් පවසා ඇති පරිදි මෙය පුද්ගලයෙකුගේ ඇදහීමේ නිදහස සම්පූර්ණයෙන් උල්ළංඝනය කිරීමක්. මෙය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලෙස අප සලකනවා නම් අපට ඉතිහාසය නැවත ලිවීමට සිදු වෙනවා. එසේ නම් සියලු යුදෙව් පොත් පත් සහ දෙව්මැදුරු පුළුස්සා දැමූ ඇඩොල්ෆ් හිට්ලර්ව නොබෙල් ත්‍යාගලාභියෙක් කළ යුතුයි. ඒ නිසා දෙකින් එකක් අප තීරණය කළයුතුයි. අපි මෙකක්ද කරන්න යන්නේ?

බ්‍රහස්පතින්දා තීන්දුව බටහිර දකුණ පැහැදිලිව බෙදා දමයි..

අප බ්‍රහස්පතින්දා මොකද වෙන්නේ කියා බලමු. ඔවුන් බලපෑම්වලට නතුව මෙය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් ලෙස විනිශ්චයක් ලබාදුන්නහොත් එය දකුණ සහ බටහිර බලවතුන් අතර පැහැදිළී බෙදීමක් ඇති කරනවා.

එසේම මෙය ඇදහීමේ අයිතියක් ලෙස ඔවුන් තීරණය කළහොත් අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය පිළිබඳ පැහැදිලි සීමාවන් නිර්වචනය කළ යුතුයි. මෙය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මහජන හානිය පිළිබඳ ප්‍රශ්නයකි. එහිදී ඔබ අනුගමනය කළ යුත්තේ කුමක්ද? මම අපේ විදේශ ඇමතිතුමාගෙන් ඇහුවා පොදු රාජ්‍ය මණ්ඩලයේදී මෙම ගැටලුව සාකච්ඡා කරමුද කියලා. එවිට අධිකරණ අමාත්‍යවරයා ඇතුළු පිරිසට ඒ පිළිබඳව තර්ක ඉදිරිපත් කිරීමට හැකියි. මම පළමුවෙන්ම කිව්වා පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරයාට කතා කරන්න කියලා. පෙදුරාජ්‍ය මණ්ඩලය මානව හිමිකම් පිළිබඳ ප්‍රමුඛ භූමිකාවක් ඉටු කරනු ඇතැයි මම විශ්වාස කරනවා. මෙය එක් පාර්ශ්වයකට පමණක් ලබාදිය නොහැකි අතර එවිට එය දේශපාලනීකරණය වෙනව. මෙය සමස්ත ජනතාවගේම අයිතිය විය යුතුයි. මෙය තමයි විශාලම අභියෝගය.

මානව හිමිකම් කවුන්සිලය ජනතාවගේ ඇදහීමේ අයිතිය ආරක්ෂා කර අදහස් ප්‍රකාශ කිරිමේ අයිතියට සීමාවන් යොදනවාද, නැද්ද කියා තීරණය කළ යුතුයි. කෙසේ වෙතත් මෙය ආරම්භයක් පමණයි.

එසේ වුවද, මා සිතන්නේ, අපගේම වටිනාකම්,  දකුණේ රටවල සාරධර්ම, අයිතිවාසිකම්වලට මානව හිමිකම් කවුන්සිලය ගරු කළ යුතුයි. මෙය වෙනස්කිරීමට ගන්නා සියලු උත්සාහයන්ට එරෙහි වන ලෙස මම විදේශ අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පාකිස්ථානයේ යෝජනාවට සහාය ලබාදීමේ පළමු පියවර අප ගතයුතුයි.

බුදුන් වහන්සේ වදාළේ ‘සෑම ආගමික නායකයෙකුටම ගෞරවයෙන් සලකන්න’ යනුවෙනි. අප ද ඉල්ලා සිටින්නේ එයයි.  අප පොදු රාජ්‍ය මණ්ඩලයේ දී මෙම කාරණාව සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විල්පත්තු මායිමේ  අවුරා ලංකා සංගීත සැණකෙලිය මැද පුද්ගලයින් 03ක් අත්අඩංගුවට…

Next Post

යුද හමුදා මේජර් වරයෙක් සිය දිවි නසා ගනී…

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.