බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නඩු සහ බඩු දෙකම ඔවුන්ගේ… අවුරා ලංකා ප්‍රසංගයට විරුද්ධ වූ ගොවි සංවිධාන ඇතුළු බහුජන සංවිධාන රාජාංගනය පොලිසියට කැඳවයි!

by editor
ජූලි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ සියලුම මූලික නීති කඩකරමින් දින 20ක් පුරා  විල්පත්තු මායිමේ සංවිධානය කර ඇත අවුරා ලංකා දැවැන්ත සංගීත ප්‍රසංගයට එරෙහි වූ රාජංගනයේ ගොවි සංවිධාන, ගම සුරැකීමේ සංවිධානය, සහ ප්‍රදේශයේ බහුජන සංවිධාන ක්‍රියාකාරිකයින් සියල්ලම අවුරා ලංකා සමාගම සිදුකරන ලද පැමිණිල්ලකට අනුව  අද (10) පොලිසියට ගෙන්වීමට රාජාංගනය පොලිිසිය කටයුතු කර තිබේ.

අධිකරණ නියෝග කඩකරමින්, වනජීවි කලාපයක් තුළ,  වනජීවි ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළු වී අඩුම තරමේ   ශබ්දවිකාශන භාවිතය සඳහා අවසරවත් නොගෙන සිදුකරන්නට සැර යන මේ නීති විරෝධී සැනකකෙළියට එරෙහිව    ගොවි සංවිධාන සහ බහු ජන සංවිධාන නියෝජ්‍ය පොලිස්පතිවරයාට, පොලිස් අධිකාරීවරයාට සිදුකළ පැමිණිලිවලට කිසිම ප්‍රතිචාරයක් නොදක්වා තිබිය දී අවුරා ලංකා සමාගම ඊයේ (09) සිදුකළ පැමිණිල්ලක් අනුව වහාම මෙම පිරිස අද පොලිසියට කැඳවා ඇතැයි වාර්තා වේ.

සංගීත සංදර්ශනය පැවැත්වෙන කාල සටහන…

අවුරා ලංකා සමාගම පැමිණිලි කර ඇත්තේ තමන්ගේ සංගීත සංදර්ශනයට එරෙහිව මෙම පිරිස කටයුතු කරන බවය.

මේ සම්බන්ධව කරුණු විමසීමට මෙම විරෝධතාවයේ මූලිකත්වය ගත් ලංකා ගුරු සංගමයේ සභාපති එස්.ප්‍රියන්ත ප්‍රනාන්දුට අමතනවිට ඔහු සිටියේ රාජාංගනය පොලිසියේ ය.

ප්‍රියන්ත ප්‍රනාන්දු අප සමග කී කතාව මෙසේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“ ගැමියෝ මේ ප්‍රසංගයට විරුද්ධ වෙන්නේ  බොහොම සාධාරණ පදනමකින්.  අපි මේ සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට පොලිස් අධිකාරීවරයාට ඇතුළු සියලු දෙනාටම පැමිණිලි කළා. ඒත් ඵලදායී ප්‍රතිචාරයක් ලැබුණෙ නෑ.”

“ පසුව ගොවි සංවිධාන, ගම්මානය සුරැකීමේ සංවිධානය,  ප්‍රදේශයේ බහු ජන සංවිධාන එකතු වෙලා මාධ්‍ය හමුවක් තියලා මේ ප්‍රසංගයට විරෝධතාවය පල කළා.”

“ අපි මේ විරෝධය පල කළේ ද්වේශයෙන් නෙමෙයි.  මොකද මේක වනජීවි කලාපයක පවත්වන්නේ. වනජීවී එකට අයිති ඉඩමක්. මේ ඉඩම සම්බන්ධව උසාවි නඩුවක් තියනවා. කාලෙකට කලින් දමපු  ඒ නඩුව මගින් වනජීවි දෙපාර්තමේන්තුවෙන් තහනම් කරලා තියනවා එම ඉඩමට ඇතුළු වෙන්න.   ඒ තහනම තවම ක්‍රියාත්මකයි.”

“ඒ ඉඩම ඇතුළේ මේ ප්‍රසංගය තියන්නේ. අද වෙනකම් ශබ්ද විකාශන යන්‍රත්වලට අවසර දීලා නෑ. “

“මේක කළාම වෙන හානිය තමයි ප්‍රධාන වශයෙන්ම විල්පත්තුව සතුන්ට වෙන බලපෑම.  දවස් විස්සක් මේ අය එක දිගට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරනවා, වෙඩි පත්තු කරනවා.   දැඩි ආලෝක ධාරා භාවිතය සිද්ධ කරනවා. “

මේ අසල පාසල් දෙකක් තියනවා.  ළමයින්ට දවස් විස්සක් පාසල් පාඩුයි.  ඊලඟට මේ ප්‍රසංගය හරහා දියත්වන  මත්ද්‍රව්‍ය කුඩු ජාවාරම.   මේක වළක්වන්න පොලිසිය  උත්සාහ කරන්නේ නෑ. ගමට වන හානිය එක්ක තමයි අපි මේ සිද්ධිය ගත්තේ.”

“මාධ්‍යයට මේ ඇත්ත හෙලි කරලා ප්‍රකාශයක් කළාට පස්සේ මේ සංගීත ප්‍රසංගයට තර්ජනය කරනවා කියලා පැමිණිලි කරලා අපව කැඳවලා තියනවා රාජාංගනයේ පොලිසියට.”

මෙතන ඉන්නවා  ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු අනෙක් ප්‍රධානම ගොවි සංවිධාන 04 ම නිලධාරීන්. ඒකාබද්ධ ගොවි සංවිධානයේ සෙසු  ගොවි  ගොවි සංවිධාන 60කට වැඩි ප්‍රමාණයක් සාමාජිකත්වය දරනවා.   සංවිධානවල නියෝජිතයින්  12 දෙනෙක් දැන් මෙතන ඉන්නවා.”

ඔහු පැවසුවේ පොලිසිය තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට ගෙන්වූ බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ නීතියට වලංගු නැති සමාගමකට ගිය රට… විල්පත්තු මායිමේ “අවුරා ලංකා” නීති විරෝධී මහා සැනකෙළිය අද !

Next Post

අනතුරින් මරණ 11 යි… නැගෙනහිර සරසවියේ සිසුන් දෙදෙනෙක් කොටලීය බස් අනතුරින් අවසන් ගමන් යති!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.