මනම්පිටිය නිමල් ජයරත්න –
රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ සිට පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශයට නැටුම් පුහුණු කිරීමට පැමිණි ගුරුවරයෙක් දිඹුලාගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක නවය වසරේ ඉගෙනුම ලබන අවුරුදු 14 ක පිරිමි දරුවෙකු අපයෝජනය කිරිම සම්බන්ධයෙන් මනම්පිටිය පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ,
මීට දින කිහිපයකට පෙර එම දරුවා අපයෝජනය කර ඇති අතර, මේ සම්බන්ධ විද්‍යාලයේ විදුහල්පතිවරයා මෙන්ම ගුරුවරු මෙම සිද්ධිය ප්‍රසිද්ධ නොකරන ලෙසට මව්පියන්ට පවසා ඇති බවද සඳහන් වේ.
අනතුරුව දෙමව්පියන් විසින් මේ පිළිබඳ ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ල සිදුකර ඇති බව පරීක්ෂණ කටයුතු මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.
අදාළ ගුරුවරයා වයස අවුරුදු 45 ක අයෙකු වන අතර ඔහු රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත්, එම ගුරුවරයා කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් අනුයුක්ත කරන ලද ගුරුවරයකු බවද වාර්තා වේ,
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ උපදෙස් පරිදි වැලිකන්ද සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩලගේ මෙහෙයවීමෙන් මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුක කරයි,







