-
තෙල් පෝලිමි හැදුන සතියේ ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ පිරවුම්හල්වලින් අඩකටත් වඩා අඩුම තරමින් එක් ඛණිජ තෙල් නිශ්පාදනයක හෝ ගිවිසුම්ගත තොග පවත්වාගැනීම පැහැර හැරලා….
ඛණිජතෙල් නීතිගත සංස්ථාව මගින් ක්‍රියාත්මකවන ඉන්ධන පිරවුම්හල් 1050ක් අතරින් ඉන්ධන පිරවුම්හල් 255 කිසිම ඛණිජතෙල් නිශ්පාදනයක් සඳහා අවම තොග පවත්වාගෙන ගොස් නැතියි විදුලිබල හා බල ශක්ති ඇමති කාංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඇමතිවරයා පවසන්නේ සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම සහ ඛණිජතෙල් නීතිගත සංස්ථාව සමග ඊයේ (07) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ බව හෙළි දරවු වුන බවය.
අලෙවි නියෝජිතයන් 363ක් අවම වශයෙන් එක් නිශ්පාදනයක් සඳහා අවම තොග තබාගෙන තිබූ බව ද එහිදී අනාවරණය වී තිබේ.
ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරවුම්හල් 1050න් පසුගිය සතියේ සියලුම නිශ්පාදන සඳහා අවම පවත්වාගෙන ගොස් ඇත්තේ නිශ්පාදකයින් 432ක් පමණක් බව ද ඇමතිවරයා හෙළිදරව් කරයි.
ගිවිසුම් වල කොන්දේසි උල්ලංඝණය කර ඇති බෙදුම්කරුවන්ට එරෙහිව ඔවුන්ගේ බලපත්‍ර සමාලෝචනය කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ඇමතිවරයා උපදෙස් ලබා දී ඇත.
A progress review meeting was held with CPC & CPSTL yesterday. It was revealed that only 432 Fuel stations out of 1050 operated by CPC have maintained minimum stock on all products last week & that 255 dealers have failed to maintain minimum stocks for any products while 363… pic.twitter.com/awqThXA3WE
— Kanchana Wijesekera (@kanchana_wij) June 8, 2023







