අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

හොඳටම පරාදයි. මේ මොකද වුනේ….

by editor
ජූනි 2, 2023
in ක්‍රීඩා
ඊබ්‍රහීම් සද්‍රාන්.... පන්දු 98යි... ලකුණු 98 යි....

ඊබ්‍රහීම් සද්‍රාන්.... පන්දු 98යි... ලකුණු 98 යි....

Share on FacebookShare on Twitter

කණ්ඩායමේ සැලසුම් සම්පූර්ණයෙන්ම ෆේල්ය. අප ඇෆ්ගනිස්ථානය ඉදිරිපිට හොඳටෝම පරාදය.  පන්දු 19ක් ඉතිරිව තිබෙද්දී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුළු හතරක් දැවී ශ්‍රි ලංකාව ලබා දුන් 268ක ඉලක්කය පසු කර ගියේ ඉතා පහසුවෙනි.  කඩුළු 6ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ඇෆ්ගනිස්ථානය ඉදිරියේ සටහන් වී තිබේ.

ඊබ්‍රහීම් සහ ෂා

හම්බන්තොට   අලි ගහන කැලෑ අතර ඉදිවූ සූරියවැව ක්‍රීඩාංගනයට බොහෝ දුර කතර ගෙවා පැමිණි මිනිස්සු පිටවී යන්නේ බිඳී ගිය බලාපොරොත්තු සහිතවය.

රෂීඩ් ඛාන් නැති ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම මේ තරම් පහසුවෙන් ශ්‍රී ලංකාව පරාජය කළා නම් ඉතිරි තරග දෙක ශ්‍රි ලංකා කණ්ඩායමට මීට වඩා අපහසු වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථානය හා තරගයට තුරුම්පු හතරක් තේරුවේය. සුදු පන්දුවට සෑහෙන කාලයක් හුරු වී සිටි නැති දිමුත් කරුණාරත්න ජ්‍යෙෂ්ඨයෙක් ලෙස එක් දින කණ්ඩායමට එක් වූයේය. අනෙක් බලාපොරොත්තු සහගත ජ්‍යෙෂ්ඨයා ඇන්ජලෝ මැතිවුස්ය. ඔවුන් දෙදෙනාගෙන්ම අපේක්ෂිත ඉල්කකය සැපිරුවේ නැත.

දුෂ්මන්ත චමීර එළියේ සිටිය දී අයි.පී.එල් පීඩනය මත මතීෂ පතිරණට  අවස්ථාව ලැබිනි. මහීෂ් තීක්ෂණ සිටිය දී තුන්ඉරියව් බලාපොරොත්තුව ද සහිතව වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත කැඳෙව්වේය. මේ තරගයේ ඔවුන් දෙදෙනාත් ෆේල්ය. මතීෂ පතිරණ පන්දු ඕවර 04කට හුරු වූ විස්සයි 20 ක්‍රීඩකයෙක් දැයි සිතුනි. ඔහුගේ පන්දු යැවීම බලාපොරොත්තු නොවන තරම් දුක්ඛිත තත්ත්වය විය. නිවැරදි එල්ලය වේගය දක්නට නොවීය. එමෙන්ම තණතීරුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නනට කිසිම සහයක් නොලැබුණ බව ද පෙනුනි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

දුෂාන් හේමන්ත ලැබුනු අවස්ථාව අපතේ හැරියාදැයි සිතෙන්නේ ඔහුගේ පන්දු යැවීම මෙන්ම පන්දුවට පහරදීමට ද  ඵලදායී අර්ථයක් නොදුටු බැවිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක තනි ඉනිමක් හුදකලාව ක්‍රීඩා කළේය. ඔහු පන්දු 95ක දී ලකුණු 91ක් ලැබුවේය.  ඔහුට සහය දුන්නේ ධනංජය ද සිල්වා පමණි. ධනංජය පන්දු  59ක දී ලකුණු 51ක් ලැබුවේය.  පැතුම් නිශ්ශංක සුපුරුදු වගකීම් සහගත ක්‍රීඩා විලාශය ප්‍රකට කරමින් එක් අන්තයක කඩුළු බිඳ වැටෙද්දී ආරම්භක පිතිකරු ලෙස පන්දු 59ක දී ලකුණු 38ක් ලැබුවේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන්ම දැවී පන්දු ඕවර 50 අවසානයේ දී ලකුණු 268ක් ලැබුවේය.

ඇෆ්ගනිස්ථාන පිතිකරණය විශ්වාසනීය විය. ආරම්භක පිතිකරු   ඊබ්‍රහීම් සද්‍රාන් විශිෂ්ට පිතිකරණයක නිරත විය. ඔහු පන්දු 98ක දී ලකුණු 98ක් ලැබුවේය. ඊට හතරේ පහර 11ක් සහ හයේ පහර 02ක් ඇතුළත් විය.

රහ්මට් ෂා ඉවසිලිවන්ත ලකුණු 55ක් කණ්ඩායමට එකතු කළේය. ඊට ඔහු පන්දු 55කට මුහුණ දුන්නේය. එල්ල කළේ හතරේ පහර 03ක් පමණි. ඊබ්‍රහීම්  සහ ෂා එක්ව ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණයේ ස්ථාවර තලයට රැගෙන ආවේය.

හෂමදුල්ලාහ් ෂහීඩි පන්දු 47ක දී ලකුණු 38ක් ලැබුවේය.

පන්දු යැවීමේ දී කසුන් රාජිත කඩුලු 02ක්, මතීෂ පතිරණ කඩුලු 01ක් සහ ලහිරු කුමාර කඩුලු 01ක් ලැබුවේය.

අප පන්දු ඕවර 50ක් යැව්වේ නැත.  ඉතාම දුක්ඛිතම තත්ත්වයව යැවූ පන්දු ඕවර 47 තුළ ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේ අමතර ලකුණු 30ක් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ප්‍රදානය කිරීමය. ඒ අතර වයඩ් පන්දු 22කි. එක් නිපන්දුවකි. මෙහෙම තරගයක් පරාජය නොවී තිබේනම් පුදුමය.  පුරුදු වෙන්න ක්‍රිකට් ගහනවා බඳු මේ ක්‍රිකට් ගැහිල්ල අපට ක්‍රිකට් අප්‍රසන්න කරන්නේය.

මේ විසිරුණ අවිනීත ක්‍රීඩා විලාශය ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමටවත් ප්‍රමාණවත් දැයි දැන් අපට සිතෙන්නේය.

ඉතිරි තරග  දෙක ගැන මීට වඩා ගැඹුරින් කල්පනා කර රටක් ලෙස ක්‍රීඩා කිරීමේ බරපතල වගකීම ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ඇති බව සිතමු.

රටට ඇති එකම ජයග්‍රහණයේ සිහිනයත් බොඳ කර ඇෆ්ගනිස්ථානය හමුවේ තරගාවලි පරාජයක් ලැබීමට තරම් දුක්ඛිත තත්ත්වයට අපේ ක්‍රීඩා ලෝලීන් පත් නොවනු ඇතැයි තවමත් බලාපොරොත්තු වෙමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්පහ දිස්ත්‍රික්කය තුළ පමණක් පොසොන් දන්සල් 1000කට වැඩියි… මහජන පරීක්ෂවරු දිවා රෑ නොබලා දන්සල් පරීක්ෂාවේ!

Next Post

ඉන්දියාවේ දැවැන්ත දුම්රිය අනතුරක්… තුන්සියයකට වැඩි ප්‍රමාණයක් බරපතල තුවාලයි… මරණ 50ක් වාර්තා වෙයි!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.